Walakathawaka mea wage seen ekak mn ahla tiynwaමම හිතුවෙ කොල්ලෙක් සහ කෙල්ලෙක් එකතු වෙලා මාව අන්දගෙන මගෙන් සල්ලි කඩා ගන්නවා කියලා. මම ගෙස් කලේ ඒ ගෙදර ඉන්න කපල් එකක් වෙන්න ඇති කියලා. මල පැනලා දවසක් මම තනියම ගියා හොයාගෙන. ගිහින් විස්තරේ ඇහුවා. මම කිව්ව මෙහෙම රට ඉන්න ගර්ල් කෙනෙක් ඔයාලට මේ පාර්සලේ දෙන්න කිව්වා එහෙම බොරුවක් ගහගෙන කතා කලේ.
විස්තරේ මේකයි. මේ කෙල්ල කලින් යාලු වෙලා හිටිය කොල්ලගෙ අම්මයි තාත්තයි තමා මේ. කෙල්ල ඇවිල්ලා සුපිරිම සල්ලි කාර කෙල්ලෙක්. යාලු වෙලා ඉදලා තියෙන්නෙේඑ ගෙදර ඩ්රයිවර් කෙනෙක්ගෙ පුතෙක් එක්ක. දෙන්නා දවසක් ගෙදරට මාට්ටු වෙලා ආදරේ නිසා වස බීලා. කෙල්ල මැරුනෙ නෑ. කොල්ලා මලා.
දැන් කෙල්ල ඒ පවුලට උදව් කරනවා. ඕක තමා කෙටියෙන්ම.
පස්සෙ මම කෙල්ලව හොයාගෙන කෙල්ලගෙන් ඇහුවා සීන් එකම. අකුරක් නෑරම කිව්ව ඒවා ඇත්ත. ඒ කෙල්ල ආදරේට මාර ආදරේ කෙල්ලෙක්. කෙල්ල දවසක් රට ඉදලා ඇවිල්ලා මට කෝල් කලා. පානදුරේ ඉදන් පැය 1.30 තැනකට එනවා, එතනට ඇවිල්ලා ඉන්න කිව්වා. මමත් ගියා. රූන් ගාලා මැස්ඩා කාර් එකක් ඇවිල්ලා ( ඩෙමියෝ එකක් ) ඇවිල්ලා නැවැත්තුවා සඟ දාලා දිග ගවුමක් ඇදලා කෙල්ලෙක් බැස්සා. මට පාර්සලයක් දුන්නා දීලා කිව්වා ගෙදර ගිහින් බලන්න රෑට ස්කයිප් එන්න කියලා ඒකෙම නැගලා ගියා.
ගෙදර ගියා කඩලා බැලුවා පාර්සලේ. මට ටී ශර්ට් පර්ෆියුම් වොච් ශෝට්ස් වගයක් තිබ්බේ. තුන් වෙනි ශර්ට් එක දිග අරින කොට 1000 බන්ඩල් 3ක් දඩස් ගාලා වැටුනා බිම. ලක්ශ එකහමාරක්.
ගැහුවා කෝල් එකක්. ඇහුවා ඇයි සල්ලි කියලා.. මගේ තාත්තට කන්න බොන්න උදව් කල සල්ලි සතයක් අඩු නැතුව තියෙනවා. ඒ සල්ලි තමා ඔය කියලා කිව්වා. මම කිව්වා එතන ලක්ශ එකහමාරක් තියෙනවා මම දුන්නෙ 89000 යි කියලා. පස්සෙ ඒකි කිව්වා කමක් නෑ.. ඒක මම හිත සතුටින් සහ ඒ මිනිස්සු වෙනුවෙන් මගෙන් පොඩි හෙල්ප් එකක් ඔයාට කිව්වා.. මම කිව්ව මට එහෙම සල්ලි එපා. කරපු උදව් වලට දුන්න අනෙක් ගිෆ්ට් ටික ඇති කියලා. ඒකි කිව්වා ආඅ... ඒවා දුන්නෙ ආදරේට කියලා..
මම ඇහුවා ආදරේද මට තාම කියලා...
නෑ... පොඩ්ඩක් වත් නෑ හිතන්නත් එපා කිව්වා..
පස්සෙ ඕක ගැන වුන දෙබස් වැඩක් නෑ.. මම ට්ර්යි කලා මේකි එක්ක යාලු වෙන්න. හරි ගියෙ නෑ. එපාම කිව්වා...

