මචන් ඔහොම නම් කරන්න එපා අනිවා කෙළවෙනවා ඒ නිසා මෙහෙම කරපන්. මටත් ඕකම වෙලා තියෙන නිසා කියන්නෙ, නැත්නම් තව අවුරුදු කීපෙකින් ඇවිත් මෙතන කියපන් කෙළවුණා කියලා කියල අත කැඩෙනකන් ලියලත් ඇහුවෙ නැතුව කෙළවගෙන ඉන්නව දැක්කම..
edit 2:
අපරාදෙ උබගෙ කාලෙ. කමක් නෑ තවම වෙලාව තියෙනවා දැන්ම තේරුණ නිසා.
1. කොහොමහරි degree එක ඉවරකරපන් අනිවා certificate එක ගනින්. නැත්තන් අර කලින් කියපු එකම තමයි ආපහු කියන්න වෙන්නෙ.
2. ඊට පස්සෙ civil ජොබ් හොයන්න එපා, ඊට කලින් ඔය උබ කරන IT field එක පැත්තෙ ජොබක් හොයාගන්න ට්‍රයි කරපන් අවුට් උන ගමන්ම. අවුට් උන ගමන් චාන්ස් එක තියෙනවා. (උබට ජොබක් ඕන නෑ කියල හිතෙයි, ඒ උනාට මම නම් කියන්නෙ ඉස්සෙල්ලා ජොබකට ගිහින් පස්සෙ අයින්වෙයන් යන විදිය බලලා, මොකද ඔය දේ උබට කරන්න බැරිවෙයි අවුරුදු කීපයක් ගියාම experience නැතුව. )
කොහොම උනත් උබ ලේසි pathway එකෙන් අමාරු pathway එකට ඇවිත් ඉන්නෙ. කට්ට කන්න වෙයි ඉතින්. බැරි නෑ ඒවුනාට.
edit 3 :
එපාවෙනව මේ $%#%$ අලුතෙන් පෝස්ට් එකක් දාන්න බෑ. අර තව එකෙක් කිව්ව වගේ ඌට CS එපාවෙලා Civil කරන්න බලනවලු. stress එක කොයි ජොබ් එකෙත් තියෙනවා කොයි business එකෙත් තියෙනවා. ඒක අපිට tolerate කරන්න පුලුවන් මොනවමහරි අපි කැමති දෙයක් නම් කරන්නෙ. ඒ නිසා මුලින් ඒක කරපන් කැමති දේ. එතකොට ඉස්සරහට ලෝකේ එන්න තියෙන trends වත්, ගොඩක් සල්ලි හොයන්න පුලුවන් කියල හිතෙන දේවල් නම් කරන්න එපා කියලයි මම කියන්නෙ. කැමති දේ කරාම ඔය ඔක්කොම කරගන්න විදියක් තියෙයි. මම මේක උබට කියන්න වගේ මට නෑදෑයෙක් කිව්ව. මම ගනන් ගත්තෙ නෑ.
මම සිවිල් ඉන්ජෙක් වෙලා ලංකාවෙ අවුරුදු 3ක් වැඩ කරා. පස්සෙ ඕසි ආවා, පළවෙනි දේ ජොබ් එක එපාවීම.(මම මේක කලිනුත් උබේ thread එකකම කියල තියෙනවා) මෙහේ ඇවිල්ලත් මම තේරුම් ගත්ත දේ තමයි බුදු සංතෝ සිවිල් සයිට් ජොබ් නම් ලංකාවෙ වගේම තමයි, ඊටත් වඩා කට්ට සෙට්වෙයි සමහරවිට. පට්ට සීතලයි, පට්ට අව්වයි, etc etc (මගේ අත්දැකීම් සහ මම දන්න අයගේ ජොබ් දැකල ගත්ත අත්දැකීම්.)
දැන් මමත් පසුතැවෙනවා IT related degree(CS,electronic,electrical etc) එකක් කරේ නැති එකට. මොකද ඒක නැතුව ජොබ් එකකට යන්න පට්ටම අමාරුයි. මමත් දැන් field එක වෙනස් කරන්න plan එක හද හද ඉන්නෙ. අවුරුදු ගානක් පහුවෙච්ච නිසා උබට වඩා ගොඩක් අමාරුයි මට ඒ වැඩේ කරන්න. ආපහු කට්ටක් කන්න වෙන්නෙ. ඒ උනාට කොහොමහරි කරන්න වෙනවා.


