මටත් වඩා දැන් මගෙ සිත නුඹට ආදරෙයි...

dreamzd

Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    මටත් වඩා දැන් මගෙ සිත නුඹට ආදරෙයි...

    සිත ඉගිල්ලිලා ඉගිල්ලිලා යන තරමක් දුර
    මට කියා දෙන්න දුරක නොයා නවතා ගන්නට...
    සුවඳ රැඳුන මල් පෙත්තක මෙන් සිසිලස දෙන
    මගෙ සිත නවතියි සදහට ඔබේ සිනා ළඟ...

    උදෑසනම සිත අවධිව සොඳුරු නුඹ සොයයි
    ඔබ හා දොඩමලු වන්නට සිහින පෙළ ගසයි...
    මගෙ සිත මා ළඟ නැති බව නිබඳ මට සිතෙයි
    මටත් වඩා දැන් මගෙ සිත නුඹට ආදරෙයි...

    ~dreamzd~


    **අනවසරයෙන් උපුටාගැනීම තහනම්**

     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    :) ලස්සනයි, පින්තුරයකට දාලා දෑම්මනම් තවත් ලස්සනයි :D
     

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    ලස්සනයි..
    දිගටම ලියන්න !

    ගොඩක් ස්තුතියි.. :yes:
    දිගටම ලිව්වේ නැති උනත් දිගටම පෝස්ට් කරන්නම්...:D මේවා ගොඩක් කාලෙකට කලින් ලියපුවා ... මම කවි ලියන එක නවත්තල දැන් අවු 10ක් වෙනවා....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොඩක් ස්තුතියි.. :yes:
    දිගටම ලිව්වේ නැති උනත් දිගටම පෝස්ට් කරන්නම්...:D මේවා ගොඩක් කාලෙකට කලින් ලියපුවා ... මම කවි ලියන එක නවත්තල දැන් අවු 10ක් වෙනවා....
    8.gif
    ඇයි ඒ ? :dull:
     

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    8.gif
    ඇයි ඒ ? :dull:

    http://www.elakiri.com/forum/showthread.php?t=1550289

    මේ මම අන්තිමටම ලියපු කවිය මෙතනින් පස්සේ ආයේ කවදාවත් මම කවි ලිව්වේ නෑ... මේ හැම දෙයක්ම සුන්දර ආදරයක දුක්බර මතක සටහනක් විතරයි.... ලඟකදී මට මේ කවි ටික අහම්බෙන් හමු වුනේ ...
    :):)