මට්ටක්කුලිය ඝාතනයේ සුලමුල හෙළිවෙයි

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මට්ටක්කුලිය ඝාතනයේ සුලමුල හෙළිවෙයි

    මට්ටක්කුලිය - සමිට්පුර ප්‍රදේශයේ සිදුවූ පාතාල ගැටුමට හේතුව මින් පෙර සිදුවූ ඝාතන සිද්ධීන් දෙකක් බව හෙළිවී තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ චූටි උක්කුවා නැමති පාතාල කල්ලි නායකයාගේ පිරිසක් විසින් ගැටුමට මුල්වූ අනෙක් පාතාල කල්ලි නායකයා වන කුඩු රොෂාන් නැමැත්තාගේ පියා, මීට වසර තුනකට පෙර ඝාතනය කර ඇති බවයි.
    පසුව කුඩු රොෂාන් නැමැත්තා විසින් චූටි උක්කුවා නමින් හඳුන්වන පුද්ගලයාගේ මව ඝාතනය කර තිබෙනවා.

    ඒ මීට වසර දෙකහමාරකට පමණ ඉහතදියි.

    මට්ටක්කුලිය සමිට් පුර ප්‍රදේශයේදී පාතාල කල්ලි දෙකක් අතර ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුවුණා.
    පාතාල කල්ලි නායකයෙකු වූ කුඩු රොෂාන් නැමැත්තා ඇතුලු පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර, ඉන් චූටි උක්කුවා නැමැත්තා සහ ඔහුගේ සමීපතමයන් සිව්දෙනෙකු මියගියා.
    මියගිය සිව්දෙනාම අවුරුදු 24 ත් 29 ත් වයස් කාණ්ඩවල පසුවන්නන්.

    වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් තුන්දෙනෙකු කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ.
    තුවාල ලැබූවන් අතර මියගිය චූටි උක්කුවා නැමැත්තාගේ සොහොයුරෙකුද සිටින බව සඳහන්.
    වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී ටී 56 වර්ගයේ උණ්ඩ කොපු හතරක් සහ බ්‍රවුනින් වර්ගයේ මිලිමීටර 9 පිස්තෝල උණ්ඩ කොපු දෙකක් ද සොයාගත්තා.

    සිද්ධිය පිළිබඳ මූලික පරික්ෂණ මට්ටක්කුලිය සහකාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් විසින් මෙහෙයවූ අතර අද උදෑසන මෙම පරීක්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදී තිබෙනවා.

    කොළඹ අපරාධ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමේදී කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවණ වී ඇති බවයි.

    එමෙන්ම ගැටුමට මුල්වූ පාතාල සාමාජිකයන් සිදුකළ තවත් අපරාධ රැසක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    oya wage scene param para ganak tisse maragannawa machan
    matakada ara galle handiye kapapu scene eka antimata return ekata thawa 5k maruwane :(