සෙනසුරුගෙ අපලය, කුජගේ අපලය, ඒරාෂ්ටක අපලය යන ආදී වශයෙන් අපලය යන වචනය ජෝතිෂ්‍ය විද්‍යාවේදී අපට අසන්නට ලැබේ. පෘතක්ජන කවුරු හෝ ජන්ම පත්‍රයක් රැගෙන පැමිණ අසන්නේ මට අපල තියනවද?කියලයි, අපලය යන වචනය අප සාමාන්‍ය ජන ජිවිතියට ජෝතිෂ්‍ය හරහා කෙතරම් කාවැදී ඇත්ද යත් අපල දුරු කර ගැනීම සදහා ශාන්ති කර්ම, බලි තොවිල් ආදීයත් නොයෙක් ආකාරයේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදියත් සිංහල බෞද්ධ ජන සාමජයට සාම්ප්‍රදායික අංග ලෙස කා වැදී ඇත. නමුත් අපලයක් යනු කුමක් දැයි පෘතක්ජන බොහෝ දෙනෙකුට වැටහිමක් නැත.
ජන්ම පත්‍රයේ පවතින කොටු 12 මත ප්‍රධාන ග්‍රහයින් 7 සහ රාහු කේතු තැන්පත්ව ඇති ආකාරය අනුව කෙනකුගේ පෙර කර්ම ශක්තිය පිලිබදව තීරණයක් ගත හැක. උදාහරණයක් ලෙස ශනි (සෙනසුරු)ගේ බලපැම නිසා කෙනෙකුට අස්ථි පිළිකාවක් සැදුනේ යැයි සිතමු, මෙහිදී එම පිළිකාව සැදීම ශනි කරන අපලයක් ලෙස සලකයි.නමුත් අප ශනි ගෙන් නිරීක්ෂණය කරන්නේ පෙර කර්ම ශක්තිය අනුව සකස් වී ඇති අස්ථි පද්දතියේ ගුණ අගුනයි. උප්පත්ති කේන්දරයේ සදහන් වන ආකාරයට ශනිගේ තත්වය මත ගැටලුව හදුනාගත් විට එය ශනිගේ අපලයක් කර නොගෙන මානසිකව ශක්තිමත් වී නිවැරදිව මුලික අවස්ථාවේදී ප්‍රතිකාර කොට එම අස්ථි පිලිකා රෝග තත්වය බොහෝ දුරට මැඩ පවත්වා ගත යුතුය. අපලය අපලයක් වන්නේ එය අප අපලයක් ලෙස සිතන තාක් පමණි, නිවැරදි දේ උගෙන මෝහයෙන් මිදී පෙර සංස්කාර ශක්තිය වෙනස් කර ගත හැක. ඒ සදහා ජෝතිෂයේ උදවූව ලෞකික ජිවිතයට ලබා ගත හැක, ජෝතිෂ්‍ය විද්‍යාව ලෞකික ජිවිතේ පැවැත්මට පමණක් බාවිතා කරන්නේ නම් එය උපයෝගී කර ගෙන තමන්ගේ ශාරීරික සහ මානසික අපහසුතා දුරු කර ගෙන සංසාර ගමන ගැනද අවබෝදයකින් ජිවත් වන්නේනම්, ඒරාෂ්ටක අපල එවැන්නන්ට බල නොපාන බව කිව යුතුය, ජෝතිශ්ෂයේ හරය ඇත්තේ එතනයි.