මට උදව් කරපන් බන්.

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මේක ගොඩක් වෙලාවට මගේ අවසාන ත්‍රෙඩ් එක වෙයි. මම ප්ලෑනක් හැදුව හෙට ඉදන් පටන් අරන් කරගෙන යන්න ඒකෙ හැටියට මේකට වෙලාවක් නෑ.

    මම දන්නව මේකෙ ඉන්නව ගොඩක් දේවල් achieve කරපු උන් වාහන, ගෙවල්, හොද අධ්‍යාපණයක් වගේ.

    මට ඔය හැම දේම නෑ. නෑ නෑ කිය කිය ඉදලත් බැරි නිසා තමයි ටිකක් මහන්සි වෙන්න කියල බැලුවේ.

    ඩිප්‍රෙෂන්, adhd වගේ ලක්ෂන තියෙන නිසා පට්ට අමාරුයි. ඒත් කරන්න දෙයක් නෑනේ.

    උබල මට කියපන්, උබල කොහොමද බන් distract වෙන්නේ නැතුව උබලගෙ ටාර්ටස් වලට ගියේ කියල. මට වෙලා තියෙන්නේ බන් දෙයක් කරන්න ගත්තම ටික වෙලාවකින් වෙන වැඩක් අඩුම Youtube හරි බලන්න හිතෙනව. වෙලාව ගැන මෙලෝ ගානක් නෑ. වෙලාව ගොඩක් වටිනව කියල තේරෙන්නෑ.

    මම අදුරන බිස්නස් කරන ඩයල් එකක් ඉන්නව පොර එක දවසක් මට කියල දුන්න දෙයක් තමයි මම ට්‍රයි කරන්න හිතන් ඉන්නේ. ඌ කිව්වේ තමන්ට වැදගතම දේවල් 3ක් 4ක් කොලේක ලියන් ලඟ තියාගන්න කියල. හිතට මොකක් හරි ආවොත් අර කොලේ බලල ඒකෙ ලියල තියෙන ඒවට අදාල නැත්නම් පටස් ගාල අමතක කරන්න කියල. දවසේ ශෙඩුයුල් එකක් තියාගන්න කියලත් කිව්ව. ඌ ඕක කියල දැන් අවරුද්දකට වැඩියි ඌ එහෙමල ගොඩ ගියේ. හරියයිද දන්නෑ මම ට්‍රයි කරන්න ඉන්නේ ඒක.

    උබල යූස් කරන සහ කරපු ට්‍රික්ස් කියපන් බන්. ස්ට්‍රැටජි එකක් නැතුවනම් ගේමක් ගහන්න බෑ බන්. මගේ හිත හිතුන හිතුන අතේ දුවනව කිසි ෆෝකස් එකක් නෑ....

    උදව් කරපන් මට ගොඩයන්න.
     

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    ඉස්සලම කියන්නෙ මේකට එන එක අඩු කරපන්

    උබ කරන්න යන දෙය (studies, work..etc) උබ කැමති දෙයක් නන් උබ කවදාවත් දිස්ට්‍රකට් වෙන්න කිසිම හේතුවක් නැහැ.

    උබ අකමැත්තෙන් නන් ඒ දේ කරන්නෙ ඔන්න චාන්ස් එක තියෙනව දිස්ට්‍රැක්ට් වෙන්න..

    උබ උබට බොරු කරගන්නෙ නැතුව අවංක උනානන් ඔහොම වෙන්නෙ නැහැ.

    උබට උබ ගැන ෂුවර් එකක් නැහැ ඒකනේ උබ ඔය වගේ යුසර් නේම් එකක් දාගත්තෙ...

    මයි සිම්පල් අදවයිස් ටු යු ඉස් Stop Comparing Yourself To Others And Live Your Own Life
     
    • Like
    Reactions: bornunlucky

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මටත් තියනවා උබට තියන ප්‍රශ්නෙම..නිකන් ඉදල දැන් වැඩක් කරන්න හිතෙන්නෙම නැහැ
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    මටත් තියනවා උබට තියන ප්‍රශ්නෙම..නිකන් ඉදල දැන් වැඩක් කරන්න හිතෙන්නෙම නැහැ
    I have the same situation 😓
    matath ehmi corona kale nikanmi htye dan e state eken eliyata enna tikak amarui, mole kuruwal wela 😅 :no:
    ....
    Cal newport ge pothak tynwa deep work kyl eka kiyawala blnna. mn anthima tika kywanne, eke wdht try krnd inne dan
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    මම උසස්පෙල කරන කාලේ හෙට පාඩන් කරන ටික කලින් දවසේ කොලේක ලියනවා.මේ ටික ඉවර කරනවා කියලා...පහු වෙනිදා වැඩ කරනකොට වැඩ පටන් ගත්ත වෙලාව දානවා කොලේ ඉස්සරහ වැඩේ නවත්තන වෙලාවත් දානවා...තේ බොන්න හරි අනන්මන් හරි වලට නවත්තනවනේ.හවසට නිදා ගන්න කලින් බලනවා ටාගට් එක ඉවර කරල්ද කොච්චර පැය ගානක් වැඩ කරලද?, පාඩන් කරපු ටික දැන් මතකද කියලා...ඒ වැඩේ නන් මට වැඩකලා...දැන් නන් ඕවා කරන්නේ නෑ මම....ඒ වුනට කොලේක ලියන් එක හොදයි ..මගේ ර්‍ ඒ දවස් වල ටාගට් එක දවසට පැය 10ක් වැඩ කරන එක..නිදාගන්න නාන්න කන්න බොන්න ඔක්කොටම පැය 14ක්..පැය 10ක් කෙරෙන්නේ නෑ කවදාවත්..හැබයි ඉම්පෲ වෙනවා..ඒ දවඩ් වල ටීවී බලන එක නැවැත්තුවා.තාම බලන්න්‍රෙ නෑ....
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    මම උසස්පෙල කරන කාලේ හෙට පාඩන් කරන ටික කලින් දවසේ කොලේක ලියනවා.මේ ටික ඉවර කරනවා කියලා...පහු වෙනිදා වැඩ කරනකොට වැඩ පටන් ගත්ත වෙලාව දානවා කොලේ ඉස්සරහ වැඩේ නවත්තන වෙලාවත් දානවා...තේ බොන්න හරි අනන්මන් හරි වලට නවත්තනවනේ.හවසට නිදා ගන්න කලින් බලනවා ටාගට් එක ඉවර කරල්ද කොච්චර පැය ගානක් වැඩ කරලද?, පාඩන් කරපු ටික දැන් මතකද කියලා...ඒ වැඩේ නන් මට වැඩකලා...දැන් නන් ඕවා කරන්නේ නෑ මම....ඒ වුනට කොලේක ලියන් එක හොදයි ..මගේ ර්‍ ඒ දවස් වල ටාගට් එක දවසට පැය 10ක් වැඩ කරන එක..නිදාගන්න නාන්න කන්න බොන්න ඔක්කොටම පැය 14ක්..පැය 10ක් කෙරෙන්නේ නෑ කවදාවත්..හැබයි ඉම්පෲ වෙනවා..ඒ දවඩ් වල ටීවී බලන එක නැවැත්තුවා.තාම බලන්න්‍රෙ නෑ....
    meka mmth AL karana kale sir kenek keewa, kalin dawase hri udema nagitta gamn thaman ada dwse krna wada tika koleka liyagena e wade krna hama payakatama star ekak dagnna kiwa. dawasa anthimt star gana balala tw improve wenna kyl kwa. mn kre nn na 😅 .mge yluwek krl uta star 8kt wada tbbe nttn ninda yan na kyl kwa :LOL::LOL:

    meka krl blhn
     

    Sen-lu

    Well-known member
  • පොඩි පොඩි ටාගට් තියාගෙන ඒවා achieve කරන්න. ටික කාළයක් යනකොට ඔයත් දන්නෙම නැතුව දේවල් achieve කරගෙන තියෙයි.

    Motivational videos & books ඕනවට වඩා බලන්න එපා. හේතුවක් ඇතුව කියන්නේ.
     

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    පොඩි පොඩි ටාගට් තියාගෙන ඒවා achieve කරන්න. ටික කාළයක් යනකොට ඔයත් දන්නෙම නැතුව දේවල් achieve කරගෙන තියෙයි.

    Motivational videos & books ඕනවට වඩා බලන්න එපා. හේතුවක් ඇතුව කියන්නේ.
    ඇයි?
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබේ දැන් වයස?

    දැන් මොකද කරන්නේ? (ජොබක් කරනවද?/ස්ටඩිස් ද? නැත්නම් ගෙදරද?)

    මෙතෙක් කල් මොනවද කලේ?

    මොනවද උබ කරන්න බලාපොරොත්තුව?

    ඔය ටිකත් දාපං. මොකද උබට ම යුනික් මෙතඩ් එකක් හොයාගන්න එක තමා හොද. උදව් කරන්න පුලුවන් කට්ටියට ඔය ටිකත් දාපං
     
    • Like
    Reactions: Bandolero1

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    අඩෝ මටත් තියෙනවා ඕක දරුනුවටම. ඉස්සර කඩේ කරන ඉද්දි හෙන active . full time freelancing , youtube වලට බැස්සයින් පස්සේ හෙනම අව්ල් උනා . දැන් විනාඩි 5ක් අමාරුවෙන් focus කරලා වැඩක් කරොත් පැය බාගෙකට වැඩිය එක්කෝ මනෝ පාරක් ගහනව නැට්ටන් මෙලෝ වැඩක් නැති video එකක් බලනවා. බැරිම උනොත් මේකට ඇවිත් refresh කර කර ඉන්නවා.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    uba balapan hoda motivational videos tikak. Mind eka awul yana wage welawata aniwa ewage ewa aye balapan. ethakota hariyawi oya awula.

    මට මේ විදිය හරි ගියෙත් නැ බන්. බලන වෙලාවටයි ඒ දවසටයි ෆෝම් එක තියෙනවා. පස්සේ දවසේ ඉදන් තිබුන විදියටත් අන්තයි. අන්තිමට කාලේ කන දේවල් list එකට මේවා බලන එකත් එකතු උනා විතරයි.