මට කෙනෙක් බැන්නා...ඇත්තටම මගේ පැත්තේ වැරැද්ද..මම ඒ්ක පිලිගත්තා..සමාවත් ඉල්ලුවා..
ඒ්ත් දැන් ඒක නිතර නිතර මතක් වෙන්න ගන්නවා....මට මෙක මගහරවගන්න අවශ්යි.
මම මේ වගෙ වෙලාවක කරපු දෙයක් කියන්නම්, කැමති නම් කරල බලපන් මචං...
දැන් උඹ ඉන්නව, උඹට එකෙක් බැන්න, උඹ සමාවත් ඉල්ලුව. දැන් ඔය whole situation එක මනසට අරගෙන, උඹයි ඔය අනිත් එකයි අතරට උඹේ මනස බුද්ධියෙන් අරන් ඇවිල්ල දෙපැත්තම බලපන්... උඹ විද්‍යාව දන්න එකෙක් නම් උඹට පෙනෙයි එක පැත්තක ඉලෙක්ට්‍රොන/ප්‍රෝටෝන/නියුට්‍රෝන ගුලියක්, අනික් පැත්තේ තියෙන ඉලෙක්ට්‍රොන/ප්‍රෝටෝන/නියුට්‍රෝන ගුලියක් දෙසට ඉලෙක්ට්‍රොන/ප්‍රෝටෝන/නියුට්‍රෝන ස්පන්දන යවනව... උඹ බුද්ධාගම දන්න එකෙක් නම් ඕකට ශුද්ධාෂ්ටක දාගනින්...

දැන් උඹට පේන්න ඕනි ඔතන වෙන්නෙ ක්‍රියාවලියක් මිසක් උඹ කියල වත් අනිකා කියල වත් ගන්න එවුන් නැහැ කියල... එහෙනම් ඔය උඹයි, අනිකයි, හිතේ දුකයි ක්‍රියාවලියක් අරඹයා හිතේ හැදිච්ච මනස්ගාතයක් විතරයි...
මේක ධර්මය අනුව නම් කොච්චර හරිද වැරදිද දන්නෙ නැහැ, මට වැඩ කරපු නිසා දැම්මෙ.