රත්තරං... තාමත් මට හිතාගන්න බෑ ඔයා මට නැතිවුනා කියල... බලන බලන හැමතැනම ඔයාගෙ මතක..ඔයාගෙ කිවුවට ඔයාගෙම නෙමේ ... අපේ අපි දෙන්නගෙ මතක... රෑට නිදාගන්න ගිහාම අදටත් මට ඔයාගෙ සුවද දැනෙනව.. ඉතින් මොන නින්දක්ද... අපේ ඒ සොදුරු මතක මතක් කර කර මම ඇහැරන් ඉන්නව..මුලු රෑම.. අපේ ආදරය හරියට සුලගට අහුවුනා වගේ ගහගෙන ගියෙ රත්තරං... මගේ ජීවිතේ පාලුව දන්නෙ මම විතරයි.. මම විතරමයි.....
අපි කොච්චරනම් සතුටින් හිටියද... එදා ඒ රෑ...ඔයාව මගෙ ඇස් ඉස්සරහම මුහුදට බීලු වුන හැටි... මගෙ මැණික මගෙ ඉස්සරහම මුහුදුපතුලෙ හැංගිලා ගියපු හැටි...මතක් වෙද්දි ...මම කොහොමද ජීවත් වෙන්නෙ??
නෑ ..ඒත් මං ජීවිත් වෙන්නව... ඒත් එක පොරොන්දුවක් පිට... තම එකම එක පාරක්.. මුලු ජීවිත කාලයටම බැරිනම්.. එකම එක දවසකට මගෙ මැණිකව මට හම්බ වෙන්න ඕනෙ... මේ බවේ කොහෙදි හරි... වෙන දේකට නෙමේ .. ඔය කතාකරන ඇස් දෙක ඒ ලස්සන ඇස් දෙක එකම එක පාරක් මට දකින්න.. ඔයා වෙනුවෙන් මම මේ ජීවිතේ දුක් විදපු හැරි කියන්න... මගෙ මැනික වෙනුවෙන් මම මේ ජීවිතේ අඩපු තරම් කියන්න.. අපි ආයෙ හම්බ වෙමු මැනික එකම එක පාරක්... මේ බවේදි කොහේදී හරි ... අඩුම තරමේ එකම එක දවසකටවත්...
මේ දැම්මෙ කීර්ති පැස්කුවෙල් මහත්තය ගායනා කරන තව දවසක් ගීතය මට දනුන හටි...මේක සමහර විට ඔයාට දැනෙන්නෙ වෙනින් විදිහකට වෙන්න ඇති..ඒත් මේ මට දැනුන විදිහ..ඔයාට දැනුන විදිහ කමෙන්ට් එකක් දාගෙන යන්න...
චාමල්89