අවුරුදු කීපෙක මහන්සියට ප්‍රතිපලය නම් ලැබුනා.විසා වැදුනා. යන්න තමයි මේ සැප්තැම්බර් වෙනකම් ම ඔලුවෙ තිබුනෙ. චාලි කියන පොන්නයා මලාට පස්සෙ එක දිගට ම ඒකට නාහෙන් අඩන උනුයි උගේ මරනෙට හිනා වෙන උන්ව ඇරෙස්ට් කරපුවයි ජොබ් වලින් ෆයර් කරපුවයි ගොඩක් නිතර ම නිවුස් ෆීඩ් එකේ එන්න ගත්තා.ඒකත් එක්ක මට දැන් එපාවීගෙන එන්නෙ.කීයටවත් මම සුදු කල්ලතෝනි අන්තවාදය ඉවසන්නෙ නෑ.ඊට වඩා නම්බුයි ඕවා දමලා ගහලා සිංහල ගැම්ම තියාගෙන මෙහෙ ඉන්න එක. ඒක කිව්වට පස්සෙ අම්මා වැලහින්න වගෙ අඩනවා තාත්ත බනිනවා. USA වල ඉන්න අයට කොහොමද තත්ත්වය දැනෙන්නෙ.දුඹුරු හමක් තියෙන එකෙක් විදියට මට නම් සේෆ්ටියක් දැනෙන්නෙ නෑ දකින අහන දේවල් වල හැටියට. USA and EUවලට ආපු දුඹුරු උන්ගෙ අනාගතය අනතුරේ කියලා මට දැනෙන ගට් ෆීලින් එක රියල් ද?