මට පීනන්න බෑ බයයි

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    tumblr_m88dobvbQJ1qejqqgo3_250.gif
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ara BLACKLIST MEMBER kiyapu weda karala balapan, beri unoth kiyapan online course ekak thiyanawa, mama danna godak ewun eeka karala goda giya,
     

    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    pinanna bari aka avulak nemei bn.habai purudu weno kota podi akage idan loku aka dakva hina vena aka thamai avlaa
    lanka h.. puthala hugak inne varadina seen balala athal ganna bn.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටත් පීනන්ඩ බැ ඉස්සර නම් වැවේ නාන්ඩ යද්දි පාවෙන්ඩ පුලුවන් ටිකක් දැන් නාන්ඩ යන්නෙ නැ,
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,736
    2,780
    113
    සන්හිඳ එකේ පුරුදු වෙන්න කීයක් විතර යනවද?
    මම පමුනුව පැත්තේ තියෙන තැනකින් ඇහුව..
    මාසෙකට 1500 ක් කිව්වා admission 500 ක් කිව්වා...
    මේක පාඩුයි ද?
    දන්නා පින්වතෙක් කියන්ඩකෝ :)

    paduwak nehe ban. salli gena hithanna epa. life time investment ekakne.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    මුහුද ගාව ඉදලත් පීනන්න බෑ කියන්නේ නෝන්ඩී නෙ බං.
    Head-Liquidskin-Scuba-Snorkeling-Mask.jpg

    ඔයින් එකක් අරන් පුරුදු වෙයන්. මාත් පුරුදු උනේ ඕකෙන්. මගේ පොඩි කාලෙ පීනද්දි ගල් මලකට කකුල කැපුනා :sorry: ඔය සීන් එක නිසා මන් අදටත් ගල්මල් උඩ නගින්න පණ බයයි :sorry::rofl: අඩුම ගානේ අල්ලන්නේවත් නෑ:lol::lol: උබට ජය !!
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මම උඹට කොච් කරන්නන් කැමතිනන් ගානක් දුන්නට කමක් නෑ:dull:
    අපේ ගෙවල් පැත්තේ වරෙන් දියවන්නා ඔයෙන් තමා මුල්ම ප්රැක්ටිස් එක පටන් ගන්නේ ඉවරවෙන්නේ කෙලින්ම මුහුදෙන්... බේරේ වැවත් බලාගන්න පුලුවන්.... :dull::cool::yes:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මම ඉස්සර life guard කෙනෙක්.
    ගොඩක් පොඩි කාලේ ඉඳන් swimming කල
    මටනං දෙන්න තියෙන advice එක මේක

    ඔයාට තියෙන්නේ හිතේ බයක්. මානසික ප්‍රශ්නයක්.
    එක ගොඩක් normal දෙයක්. අලුතින් ඉගෙනගන්න ඕන කෙනෙකුට තියේන්න පුළුවන්.


    පලවෙනි දේ තමයි, ඔයාට ඔලුව උඩ තියාගෙන swim කරන්න යනවනම් (freestyle) එතැනදී වැරදියට තමා ඔයා පින්නේ. වැරදි ක්‍රමයකට.

    නිවැරදි technique එක ඉගෙනගන්න පුළුවන් ලේසියෙන්ම coach කරන කෙනෙක්ගෙන්.
    තේරුම් ගන්න වැරදියි කියල කිව්වේ වැරදියට උනත් පීනන්න පුළුවන් කෙනෙකුට.

    නමුත් නිවැරදි technique එක්ක swim කලොත් ඔයා දඟලන මහන්සියෙන් ඔයිට වඩා ගොඩක් දුර යන්න පුළුවන්.
    වැරදි ක්‍රමයට පුරුදු උනහම වැරදි පුරුද්ද අත අරින්න සමහරුන්ට ටිකක් අමාරුයි. ඒවගේම කොච්චර දැන්ගලුවත් එකතැන තමා ඉන්නේ :rolleyes:
    පලවෙනි කාරණේ ඒක.

    දෙවනියට කියන්න තියෙන්නේ ඔයාගේ අවුලට බෙහෙත

    Swimming Pool එකකට ගිහින් ඇවිදගෙන යන්න Deep එක දිහාවට පොඩ්ඩ පොඩ්ඩ Pool එකේ අයිනේ බැම්මෙන් හෝ යකඩ මොකක් හරි එකක් තියෙනවනම් අල්ලගන්න එකෙන් අල්ලාගෙන පොඩ්ඩ පොඩ්ඩ යන්න.

    කකුල් දෙක බිම වදින සහ නහය හරියට වතුර එන්න තැනට ඇවිත් නතර වෙන්න.

    බයයි නම් තව කෙනෙක් එක්ක යන්න.
    (තව කෙනෙක් කියල කිව්වේ කෝච් කෙනෙක් හොඳේ.. ඔයා වගේම තව කෙනෙක් එක්කගෙන ගියොත් ඔය දෙන්න ගිලෙනකොට දෙන්නට දෙන්න බදාගනියි. දෙන්නම එකට ගිලෙයි.
    පෙට්ටියේ තමා ගෙදර එන්න වෙන්නේ දෙන්නට)

    special advice: ගිලෙන්න යනකොට Help කරන්න එන කෙනාගේ ඇඟේ පැනල බදාගෙන එල්ලෙන්න හදන්න යන්න එපා කවදාවත්.
    එහෙම උනොත් එයාට ඔයාගේ ඇඟිල්ලක් දෙකක් කඩල ඔයාව තල්ලු කරලා දාල එයාගේ ජිවිතේ බේරගන්නයි වෙන්නේ. මොකද අපිට මුලින්ම උගන්නන්නේ ඒවා :rofl: අනුන්ව බේරන්න කලින් අනුන් හින්ද තමන් බේරෙන හැටි :rolleyes:

    ඒ නිසා ඒ වගේ අවස්තාවක් උනොත් දඟලන්නේ නැතුව ඒ කෙනා ලඟට ආවම ඔහුට ඔබව අල්ලගන්න ඉඩ දෙන්න. එතකොට ඒ කෙනාට පුළුවන් ඔයාව ගොඩට අරගෙන පීනගෙන එන්න.

    තමන්ව විශ්වාසයි නම් pool එකේ ගැට්ට අල්ලගන්න පුළුවන්නන් හොඳට ප්‍රශ්නයක් නැහැ Deep එකට උනත් ගිහින් බලන්න පුළුවන් ඔයාට. (නමුත් තනියෙන් යන එක එච්චර හොඳ වැඩක් නෙමෙයි.)

    ඊළඟට හුස්මක් අරගෙන වතුරේ ගිලිලා හුස්ම පිටකරන්න.
    ගිලෙන අවස්ථාවේ කකුල් දෙකෙන් පූල් එකේ ටයිල් එක උඩ ඔයා හිටගෙන ඉන්නේ.ඇස් දෙක අරගෙන හෝ වහගෙන ට්‍රයි කරන්න පුළුවන්.
    ඇස් වලට අමාරුයි නම් Goggle එකක් දාගෙන යන්න.
    ඇස් ඇරලා වතුර ඇතුලෙන් බලන්න. හුලන් නහයෙන් පිටවෙන හැටි (පූල් එකේ ඉන්න අනික් කෑලි වල කකුල් අහවල් ඒවා බැලුවත් කමක් නැහැ බය යන්න නිසා :rofl:)
    හුස්ම ඉවර වෙනකොට උඩට එන්න.
    අලුතෙන් හුස්ම අරගෙන ඊළඟ පාර හුස්ම පොඩ්ඩ පොඩ්ඩ පිට කරන්න..
    ලොකු හුස්ම කඩ කඩ යවන්න ගොඩක් වෙලා ඉඳගෙන.

    ඊළඟට බලන්න හුස්ම අරගෙන ගොඩක් පහලට ගිහින් ඉඳගන්න ඔන්න මෙන්න Squats Exercise කරනවා වගේ ගානට ඉඳගෙන හෙල්ලෙන්නේ නැතුව එක තැන ඉඳගෙන ඇඟ රිලැක්ස් කරන්න. (වැඩිය කරන්න දෙයක් නැහැ)
    එතකොට ඔයාට දැනෙයි හෙමීට පාවෙලා ඔයාව උඩට එනවා.
    පාවෙලා උඩට ආවගමන් ඔලුව යට තියාගෙන පූල් එකේ බැම්මෙන් අත් දෙක ඈත් කරලා දිග ඇරලා හෙමීට අල්ලගන්න..

    හුස්ම ඉවරයි නම් කකුල් තියල ආපහු හුස්ම අරගෙන බැම්මේ එල්ලිලා හෙමීට රිලැක්ස් කරන්න.

    ඊටපස්සේ කකුල් දෙක හෙමීට පස්සට දික් කරන්න (pool එකේ මැද පැත්තට)
    එහෙම දික්කරන්න තරම් රිලැක්ස් වෙලා උඩ එන්න අමාරුයි නම්
    Kick එක පටන් ගන්න. (කික් කරනකොට පට ගාල උඩට එයි) ඔයාගේ ඇඟේ පිටිපස්සේ කොටසින්..
    Kick කරද්දී කකුල් වල ඇඟිලි අපි පොළොවේ හිටගන්නවා වගේ අංශක 90ට තියාගන්න එපා. එතකොට ගිලෙනව හෝ වැඩි මහන්සියක් දරන්න වෙනවා.
    කකුලේ ඇඟිලි තියෙන කොටස දික් කරන්න කෙලින් හරවගන්න. අංශක 180ට කිට්ටු වෙන්න.

    ඊටපස්සේ කික් කරන්න. කික් එකේදී දනිස්ස නමන්න එපා. දනිස්ස දිග ඇරලා තියාගන්න. කලව වලින් විතරක් නමන්න. (ලාවට විතර දනිස් නැමෙයි නමුත් පුළුවන් තරම් දනිස් නමන්නතුව තියාගන්න)

    ඊටපස්සේ කික් කරන කොට ඔයා අත් වලින් pool එකේ බැම්මේ එල්ලිලා ඉන්නේ අත් දිග ඇරලා රිලැක්ස් එකේ කික් කරගෙන යන්න... ඔලුව සයිඩ් එකට හරවලා හුස්ම ගන්න කික් කරනගමන් උඩ ඉන්න ගමන්...
    ඔලුව ඉස්සරහට උස්සල හුස්ම ගන්න යන්න එපා දැන්ම..
    සයිඩ් එකට හරවලා හුරු පැත්තෙන් හුස්ම ගන්න.. දිගටම කරනකොට ඔයාගේ ඔය ප්‍රශ්නේ ඇරිලා යයි.

    Edit: ඒ වගේම බැම්ම අත ඇරලා කික් එකෙන් විතරක් swim කරන්න පුළුවන් වෙයි ඔයා දඟලපු දන්ගලිල්ලට වඩා දුර :P
    බැම්ම අත අරිද්දි http://www.elakiri.com/forum/showpost.php?p=20058778&postcount=13

    මෙතන Krizta දාල තියෙන වගේ එකක් අරගෙන පුරුදු වෙන්න පුළුවන්.

    දවස් කීපයක් ඇවිත් Practice කරන්න මේ කියපුවා කොටසින් කොටස... ඊටපස්සේ Arms වලට යන්න. එකටත් කතන්දර ගොඩක් තියෙනවා...
    එච්චර ලියන්න ගියොත් මේක තැපෑලෙන් Swimming ඉගැන්නුවා වගේ තියෙයි :P
    Gud luck ;)


    Ela, Meka print karagena mamath yanawa pool ekakata
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මම ඉරිදට වගේ යන්න ඉන්නේ යාළුවෙක් එක්ක. මට නම් පීනන්න ඉගෙන ගන්න ඕන මැරුණත් කමක් නෑ. මාව දවසක් චන්ද්‍රිකා වැවේ නාන්න ගිහිල්ලා යට ගියා. දෙපාරක් යට ගිහින් උඩ ආවා. තාත්තා මාව ඇදල ගත්තා. නැත්තම් එදා මම සෙත්තපොච්චි. වයස අවු 16 දි විතර. එහෙමත් experience තියෙනවා. ඒත් බයයි. එක සුලියයි තියෙන්නේ. :(
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මුහුද ළඟ කිව්වා නේද
    මුලින්ම රැල්ල පාගන්න යන්න
    ඊට පස්සේ තව දවසක් ආපහු ගිහින් කලින් දවසට වඩා පොඩ්ඩක් ඉස්සරහට ගිහින් රැල්ල පාගන්න
    ඊළඟ දවසේ තව ටිකක් ඉස්සරහට ගිහින් රැල්ල පාගන්න
    ඊළඟ දවස තව ටිකක් ඉස්සරහ යන්න
    ඊළඟ දවසේ තව ටිකක් යන්න
    ඔහොම දිගටම කරගෙන යන්න

    :D :D :D
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මුහුද ළඟ කිව්වා නේද
    මුලින්ම රැල්ල පාගන්න යන්න
    ඊට පස්සේ තව දවසක් ආපහු ගිහින් කලින් දවසට වඩා පොඩ්ඩක් ඉස්සරහට ගිහින් රැල්ල පාගන්න
    ඊළඟ දවසේ තව ටිකක් ඉස්සරහට ගිහින් රැල්ල පාගන්න
    ඊළඟ දවස තව ටිකක් ඉස්සරහ යන්න
    ඊළඟ දවසේ තව ටිකක් යන්න
    ඔහොම දිගටම කරගෙන යන්න

    :D :D :D

    ටික දවසක් ඔහෝම දිගටම කර කර යද්දී උඹ දන්නෙම නැතුව ගිලිලා මැරිලා තියෙයි :sorry: :sorry:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    අනේ බන් මටත් ආසයි පීනන්න ඉගෙන ගන්න. ඒත් මගේ තන් දෙකයි පුකයි ටිකක් ලොකුවට තියෙන නිසා නිකන් නෝන්ඩියි වගේ බන්. මේකට උපදෙසක් දීපල්ලකෝ