මට පොලිස් වීරයෙක් එපා. මගේ මහත්තයව දෙන්න

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මට පොලිස් වීරයෙක් එපා. මගේ මහත්තයව දෙන්න

    image_b7770deec6.jpg



    “මගේ මහත්තයා නොවිඳිනා දුක් විඳලයි මෙතනට ආවේ. අපි දෙන්නම එකතු වෙලා තමයි මේ නිවස හදා ගත්තේ. හැමදාම රෑට දරු පැටව් දෙන්නයි මමයි නිදා ගත්තේ මගේ මහත්තයාගේ පපුවට තුරුල්වෙලයි. ඒත් ඒ සාහසිකයින් වෙඩි තියලා තියෙන්නේ මගේ රත්තරං මහත්තයාගේ පපුවටයි.


    “දුව හිතා ගෙන ඉන්නේ තාත්තා තවම නිදාගෙන ඉන්නවා කියලා. චූටි පුතාට ඒ ගැන තේරුමක් නැහැ. හැමෝටම ඔහු පොලිස් වීරයෙක් වුණාට මට නැති වුණේ මගේ මහත්තයයි. අපට නැතිවුණේ මේ දරුවන්ගේ තාත්තයි.”


    මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළෙඳසැලක් මංකොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් හා පොලීසිය අතර සිදුවු වෙඩි හුවමාරුවේදී දිවි පිදූ මාතර පොලීසියේ සැරයන්වරයාගේ බිරිඳ වන සෞම්‍යා කුමාරි අබේවික්‍රම (33) මහත්මිය හඩා වැළපෙමින් පැවසුවාය.


    ඉකුත් සිකුරාදා (22) සිදුවු එම අවාසනාවන්ත සිද්ධියෙන් මරුමුවට පත්වූයේ මාතර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි සුරංග ප්‍රදීප් වීරසිංහ (33) නැමැති පොලිස් කොස්තාපල්වරයෙකි. රාජකාරියේ යෙදී සිටියදී දිවි අහිමි වීමෙන් පසුව සුරංග ප්‍රදීප් වීරසිංහ මහතා සැරයන් නිලයට උසස් කෙරිණි.

    Cont...

    Source
     

    suranga_87

    Active member
  • May 30, 2017
    886
    147
    43
    48
    Pannipitiya
    me manussaya paw...eth police ewun gana mage nam kisima pahadeemak ne...maha jara yakku okun....ahinsaka minissunta tahlala pelala loku ewun dakkama natta puke gahan dagalana ewun....mama nam pare wetila hitiyath balanne ne....
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,675
    113
    Piliyandala
    පව් නොවිදිනා දුක් විඳින්නට ඇති.... මෙවන් දේවල් නොවෙන්න මින් ඉදිරියට මේ පොලිස් නිලදාරීන්ට වෙඩි නොවදින ආරක්ෂක ඇඳුමක් වත් දෙනවනම් මේ ජිවිතේ බේරගන්න තිබුනා....... අපේ ම කරුමෙට ජිවත් වෙන මස් බර විතරක් තියෙන කාලකන්ණි දේශ පාලුවන් ට නම් වෙඩි නොවදින රථ පවා දෙනවා... ශිකේ ඕකුන් ට මේ දුක දන්නේ නෑනේ
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    video link please


    මෙන්න ලින්ක් එක. ඇත්තම කතාව හොරු මන්කොල්ලකාරයෝ වෙඩි තියද්දි උඔල උනත්, මම උනත් මෙහෙම ඇටෑක් කරන්නෑ.