හරි දුකයි බන් ඒ වගේ දේවල් දැක්කාම. මට දවසක් කතරගමට කිට්ටුව ආත්තම්මා කෙනෙක් සෙට් උනා 2013 දී. ලොකු සියබලා ගහක් යට දියුල්,බෙලි මල් එහෙම තියාගෙන විකුණනවා අවුරුදු 87ක්. එහා පැත්තේ නිකන් බිම වාඩි වෙලා පොඩි ලමයි ටිකක් ඒ ආත්තමගෙන් ඉංග්රිසි ඉගන ගන්නවා
ළමයි එයාව දාලා ගිහිල්ලා කවුරුත්
සලකන්නේ නැහැ. තනියම කටු මැටි ගෙදරක ඉන්නේ. ඉස්කෝලෙක මහත්තයෙක් 5000/= මාසෙකට දෙනවලු. අන්තිමට කිව්වා එයා මේ ආත්මේ ගොඩක් පින් කරලා තියෙනවලු ළමයි 100 කට විතර ඉංග්රීසි හොදට කියාදීලා.
මට එච්චර සල්ලි තිබුනේ නැහැ දෙන්න. 500/= දුන්නත් එපා කිව්වා පස්සේ දියුල් ටිකක් බලෙන්ම වගේ බෑග් එකකට දාලා දුන්නා.