එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින නීතිඥ උදය ගම්මන්පිල මහතා ස්වකීය මැතිවරණ කටයුතු කරගෙන යාමට රුපියල් 100 බැගින් ආධාර කරන ලෙස ඉල්ලා සිටියි.
අද (30දා) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම ඡන්ද දායකයින්ගෙන් එලෙස ඉල්ලීමක් කළේය.
තමාගේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා කිසිදු ව්‍යාපාරිකයෙකුගෙන් සහයෝගයක් ලබා නොගන්නා බැවින් මෙම තීරණයට එළඹි බවත්, මෙම දේශපාලන ක්‍රමය විසින් දේශපාලනඥයින්ව දූෂණයට අක්රමිකතාවලට පොළඹවා ඇති බවත් ඔහු සඳහන් කළේය.
සම්පත් බැංකුවේ නගර ශාඛාවේ 0001 5013 2916 යන ගිණුමට තමන්ගේ ආධාර මුදල් බැරකරන ලෙසත්, යහපාලනයක්, අලුත් දේශපාලන සංස්කෘතියක් සඳහා තමාට සහාය දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
එසේම ඔහු මෙසේද කියා සිටියේය.
එදා අප ප්‍රකාශ කළා උතුරේ පළාත් සභා පිහිටුවීම රටේ ඒකීයභාවයට විශාල අර්බුදයක් වනු ඇති බව. එය අද සැබෑ වී තිබෙනවා. අප එදත් ප්‍රකාශ කළා දෙමළ සංධානය කොටි සංවිධානයේ දේශපාලන අංශය ලෙස කටයුතු කළ බැවින් දෙමළ සංධානය තහනම් කළ යුතු බව. ලෝකයේ ත්‍රස්තවාදී මිලේච්ඡ යුද ව්‍යාපාර පරාජය කොට විනාශ කළ දැමු පසු ඔවුන්ගේ සන්නද්ධ අංශයන්ද තහනම් කොට ඉවත් කොට දමනු ලබනවා. උදාහරණයක් විදිහට ජර්මනියේ හිට්ලර්ගේ යුද පෙරමුණ පැරදු වූ පසු ඔහුගේ දේශපාලන පක්ෂය වූ නාසි පක්ෂය තහනම් කොට දමනු ලැබුවා. හිට්ලර් සමරු තහනම් නාසි ස්වස්තික ලාංජනය භාවිතය පවා තහනම්. එහෙත් ලංකාවේ දී ප්රභාකරන්ගේ යුද පෙරමුණ පරාජයට පත්කළත් ඔවුන්ගේ දේශපාලන අංශය වූ දෙමළ සංධානයයට පළාත් සභාවේ බලය අල්ලා ගැනීමට ඉඩ දී අප ඵෙතිහාසික වරදක් සිදුකළා.
උක්ත ඔවුන්ගේ යෝජනාවලියේ හතරවන යෝජනාව මගින් ලංකා හමුදාව වර්ග ඝාතක අපරාධය සිදුකළ බවට ඔවුන් චෝදනා කොට තිබෙනවා. නීති විශාරද මතය වන්නේ මේ ප්‍රකාශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝණය වන බවත් එය පළාත් සභා විසුරුවා හැරීමට තරම් බරපතළ තත්ත්වයක් බවයි. කොටින්ට නොතිබු ජාත්‍යන්තර සහයෝගයක් දෙමළ සංධාන පළාත් සභාවට හිමිවීමෙන් රටේ ඒකීය භාවයට බරපතළ තර්ජනයක් අද එල්ලවී තිබෙනවා.