අනික් රටවල් බහුතරය හොඳ වෙන්නත් ලංකාවට කෙලවෙන්නත් හේතුව නීතිය රනිල් රාජපක්ෂ සෙට් එකට ඕන ඕන විදියට නැමෙන එක. සෑහෙන කාලයක් එකම පක්ෂ ටිකක් බලේට ආපු එකෙන් උන් දන්නවා මොක කරත් අනික් පක්ෂෙන් උන්ව බේරනවා කියල. හැබැයි රටක් දුවන්න නං හරියට නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට ඔය සේරම flow එක ගානට වැඩ කරනවා. ඒක කරන්න පුළුවන් හොරකම අවම කරගන්න පුළුවන් ආණ්ඩුවකට විතරයි. 100% නවත්තගන්න බැරි උනත් 60% හරි කරගත්තොත් ලොකු impact එකක් තියෙනවා. මේක වෙනවට හොරු රැල සෑහෙන්න බය වෙලා ඉන්නේ.
සජිත් / පොනිල් / මයිනා මේ තුනෙන් කෙනෙක් එනවා නම් මේ වෙද්දී චන්ද සේරම තියලා. හැබැයි දැන් උන් සේරම ගැස්සිලා, ගූ ගිහින් ඉන්නේ..මොකද වලව් ටිකෙන් එළියේ තැනකට රටේ බලය යනවා පේද්දී. පුළුවන් තරන් ව්‍යවස්ථාවේ ගුල් වලින් රිංග රිංග චන්දෙ කල් දාගන්නවා මිනිස්සු අන්දලා බාගන්න..
දිලිත් දම්මික දැනටම චන්ද කඩන PR කැම්පේන් දැනටත් පටන් අරන් කරගෙන යනවා. NPP එකට සමාන නමකින් MJP වගේ අකුරු තුනකුත් එක්ක පක්ෂයක් හදාගෙන. ඒ තරමට උන් රත්වෙලා.
මට හිතෙන්නේ චන්දෙ ලං වෙද්දී රැල්ල අනුරට තිබ්බොත් සජිත් ඉල්ලන එකක් නැති වෙයි. පොහොට්ටුවට මේ වෙලාවේ බලන්නේ බලේ ගන්නවට වඩා උන්ට හිරේ නොයා ඉන්න පුළුවන් විදියක්. උන්ට ආණ්ඩුවක් ගන්න බැරි නම්.... උන්ව බේරගන්න ආණ්ඩුවට සහය දෙන එක තමයි කරන්නේ.ඒ නිසා පොහොට්ටුවෙන් සහය රනිල් ඉල්ලුවොත් දෙනවා. සජියා අගමැති වෙයි පොර රනිල්ට සහය වෙන්න කැමති උනොත්. ඔක්කොටම win - win එතකොට. ටික කාලයක් ඔහොම දුවලා රනිලා පටන් ගන්නවා UNP එක එපා වෙන නාට්ටිය. පොහොට්ටුව day 1 එකේ ඉඳන්ම ආණ්ඩුව විවේචනය කර කර උන්ට දිගටම සහය දෙයි. ලොකු චන්ද ලං වෙද්දී පොහොට්ටුව ආණ්ඩුවෙන් අයින් වෙනවා ඒ ටයිම් එකේ ඒ අයින් වෙන්නේ නාමල් වෙනම කැම්පේන් එකක් පටන් අරගෙන.