මට හූ කීවත් මං යනවා

arkumar

Member
Jun 26, 2010
424
30
0
saudi ගංග අයිනේ
මට හූ කීවත් මං යනවා

mahinda%20basi%20huuu.gif



මට හූ කීවත් මං යනවා-ජනපති ලන්ඩන් යන්න පෙර බැසිල්ට කියයි


නිදහස් කථනයේ නිවහන ලෙසින් විරුදාවලිය ලත් ඔක්ස්ෆර්ඞ් සරසවියේ දේශනයක් පවත්වන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගියදා ආරාධනයක් ලැබුණා. ජනාධිපතිවරයා ලන්ඩන් බලා පිටත් වීමට පෙර බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාව හමුවුණා.

"මටත් ජනාධිපතිතුමනි, සත්වෝද්‍යානයක් විවෘත කරන්න එන්න කියලා ලන්ඩන්වලින් ආරාධනයක් ලැබුණා. ඒ ගමන ගියානම් එල්.ටී.ටී.ඊ ක‍්‍රියාකාරින් මට විරෝධය දක්වන්න සුදානම් වෙලයි හිටියේ. ෆොන්සේකාගේ සුදුකොඩි කතාවේ හයිය අරගෙන එල්.ටී.ටී.ඊ ක‍්‍රියාකාරීන් මේ විදිහට වැඩ කරන්නේ"බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කළා. බැසිල්ගේ කතාව අහගෙන හිටපු ජනාධිපතිවරයා කිව්වේ මොනවද දන්නවද?

"මම දන්නවා මගේ ගමනට එල්.ටී.ටී,ඊ ක‍්‍රියාකාරීන් විරෝධය දක්වන බව,කතාව කරන්න ලැබුණත් නොලැබුණත් මම මේ ගමන යන්නේ කාරණා දෙකක් නිසයි, තාමත් එල්.ටී.ටී.ඊ ක‍්‍රියාකාරීන් ප‍්‍රබලව ක‍්‍රියාත්මක වන බව මේ රටේ ජනතාව දැනගන්න ඕනේ. ඒවගේම මේ එල්.ටී.ටී.ඊ ක‍්‍රියාකාරීන්ට උදව් කරන කුමන්ත‍්‍රණකරුවන් කවුද කියලා හෙළි වෙන්නත් ඕනේ , ඒ නිසා මං මේ ගමන අනිවාර්යයෙන්ම යනවා" ජනාධිපතිවරයා එහෙම කිව්වේ දැඩි ආත්ම ශක්තියකින්.

කිව්ව විදිහටම ජනාධිපතිවරයා ලන්ඩන් ගියා. හිතපු විදිහටම එල්.ටී.ටී.ඊ ක‍්‍රියාකාරින් උද්ඝෝෂණය කළා. ජනාධිපතිවරයා ආරක්ෂක හේතූන් මත සිය දේශනය අවලංගු කිරිමෙන් පසුව තිරය පිටුපස තවත් බොහෝ දේ සිදුවුණා.

ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුව ආරම්භයේදී මේ සම්බන්ධයෙන් ඇගිල්ල දිගුකලේ ජයලත් ජයවර්ධන මන්ත‍්‍රිවරයාටයි.

"බි‍්‍රතාන්‍යයේ ඉන්න කොටි සාමාජිකයින් උසිගන්වලා තියෙන්නේ වෙන කවුරුත් නෙමේ ජයලත් ජයවර්ධන මන්ත‍්‍රිවරයායි, දිනේෂ් ගුණවර්ධනගේ මේ කතාවත් එක්ක පාර්ලිමේන්තුව එකම ගාලගෝට්ටියක් බවට පත්වුණා. සභා ගර්භයේ මැදට ආපු ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු ජයලත් ජයවර්ධන මන්ත‍්‍රිවරයාට පහරදීමට උත්සහ කළත් වේත‍්‍රධාරියා මැදිහත්වී එය සමථයකට පත්කළා. නොසන්සුන්කාරී තත්ත්වය නිසා පාර්ලිමේන්තුව කල් තබන්නත් කථානායකට සිදුවුණා. ගැටුම එතනින් අවසන් නෑ.

යළිත් පාර්ලිමේන්තු ලොබියේදී ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා වටකරගත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඔහුට දරුණු ලෙස බැණ වදිමින් පහරදෙන්න උත්සහ කළා. මෙහිදී ජයලත්ව බේර ගන්න සජිත් පේ‍්‍රමදාස සහ දයාසිරි ජයසේකර ලොකු උත්සහයක් ගත්තා.

මේ සිද්ධියෙන් පස්සේ විපක්ෂයේ ප‍්‍රබල මන්ත‍්‍රිවරුන් කිහිපදෙනෙකුම ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු භාර ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ නිල කාමරයට ආවා.

"අපේ පක්ෂේ විනාශ වුණේ මේ වගේ ද්‍රෝහිකම් රටට කරපු නිසයි, ලන්ඩනයේ හිටපු කොටි මේ විදිහට උසිගන්වලා තියෙන්නේ ශ‍්‍රි ලංකාවේ රාජ්‍ය නායකයාට එරෙහිවයි, මේ වගේ දේවල් අපිනම් කිසිසේත්ම අනුමත කරන්නේ නෑ,"එජාප ප‍්‍රබලයෙක් කුමාරසිරි හෙට්ටිගේ මහතාට කිව්වා.