මට 16 යි, මුන් මට sex කරන්න දෙන්නේ නෑ 🧒

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,642
    6,925
    113
    වදුරව
    හරිනි අමරසුරිය ඔය sex education කියන එක අස්සේ homosexuality normalize කරලා, ට්‍රාන්ස් ඒවා normalize කරලා තියෙන්නේ. ඒවා වලින් ළමයිනවා ඔවා වලට පොළඹවන එක කරන්නේ. ඊට පස් සේ ලංකාවත් ඇමෙරිකාවක් වෙයි. හරි ශෝක් එතකොට අපේ රටේ ජෙප්පොන්ට 🤮
    සළමණ සියා එතකොට 🦋
     

    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    726
    314
    63
    lankawe
    මු කියනේ අර්ථ නිරුපනයක් දෙන්න කියලා නේ පනතම අවුල් කියලා නෙමෙයි නේ.නැත්තං ඔවා මිස් යුස් කරන්න ගන්නවම තමයි.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    Sex කියන්නේ එක උදාහරණයක් විතරයි නේ.

    ඔතන ඇදුමේ ස්ටයිල් වේවා,
    කොන්ඩ පාට කිරිලි වේවා,
    පච්ච ගැහිලි වේවා,
    ගෑණියෙක් වෙනුවෙන් හන්දිවල ගුටි කෑම වේවා,
    සිගරට් බීම වේවා....
    හැට හුට හමාරක් දේවල් තියෙනවා නේ ළමයා නොකල යුතුයි කියලා දෙමව්පියන් ගුරුවරුන් හිතන.

    එතකොට දැන් ප්‍රශ්නය ළමයිට කතාකරද්දී හිත රිදුන කියලා හිතුනොත් උසාවි තමයි 😄



    ඉතින් ඒක තමයි මූ කියන්නේ හිල් කියලා.
    හ්ම් පස්සේ වර්ශන් වල හැදෙයි කියලා බලමු.


    ------ Post added on Sep 24, 2025 at 6:22 PM



    යුරෝපා රටවලට ගියපු සමහර යාලුවො , එයාලගෙ දරුවො teenagers වෙනකොට ආපහු ආව .... සමහර අය මුලු පවුලම , සමහරු අම්මයි දරුවොයි .... ඇහුවම හේතුව කිව්වෙ "our children are teens"

    ලංකාවෙ ඉඳන් පිටරට විභාග ලියල higher studies වලට ආපහු ගියා .....

    සමහර අයගෙ දරුවො විදේශිකයන් හා ආවාහ විවාහ වෙලා .....

    සමහරු මේ රට අත ඇරල ඒ රටවල settle වෙන්න plan කරනව .... සමහරු දරුවො නැතුව ( ඒ අය රට) ලංකාවෙ නවතින්න සැලසුම් කරනව ....
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඒ කාලෙම සයිටම් සීන් එක/PMC ඇගේ ගාගත්තෙ නැති එක තමයි ආධ්‍යාත්මික සුවේ. නැත්තම් තර්ක නැති එවුන්ගේ අවාසන වල්ආසිය ඇගේ ගැවෙනවානේ.

    @ozykolla කෝ රිප්ලයි කරපන් emogy අන්කල්ට. මන් හෑල්ලක් දාන්න හැදුවා උබට බැනලා, ඒත් දැන් මූඩ් එකක් නැ. භාවනා කරන්න යනවා මන්. 🥀
    ඔයාලා දෙන්නවත් වලිය ඇදන් යන්න.
     
    • Haha
    Reactions: ozykolla

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    @ozykolla කෝ රිප්ලයි කරපන් emogy අන්කල්ට. මන් හෑල්ලක් දාන්න හැදුවා උබට බැනලා, ඒත් දැන් මූඩ් එකක් නැ. භාවනා කරන්න යනවා මන්. 🥀
    ඔයාලා දෙන්නවත් වලිය ඇදන් යන්න.
    මොකක්ද උබ ඔය කරනැහි භාවනාව අද.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    Sex කියන්නේ එක උදාහරණයක් විතරයි නේ.

    ඔතන ඇදුමේ ස්ටයිල් වේවා,
    කොන්ඩ පාට කිරිලි වේවා,
    පච්ච ගැහිලි වේවා,
    ගෑණියෙක් වෙනුවෙන් හන්දිවල ගුටි කෑම වේවා,
    සිගරට් බීම වේවා....
    හැට හුට හමාරක් දේවල් තියෙනවා නේ ළමයා නොකල යුතුයි කියලා දෙමව්පියන් ගුරුවරුන් හිතන.

    එතකොට දැන් ප්‍රශ්නය ළමයිට කතාකරද්දී හිත රිදුන කියලා හිතුනොත් උසාවි තමයි 😄



    ඉතින් ඒක තමයි මූ කියන්නේ හිල් කියලා.
    හ්ම් පස්සේ වර්ශන් වල හැදෙයි කියලා බලමු.


    ------ Post added on Sep 24, 2025 at 6:22 PM

    කොට කලිසම් සිඟිති පාතාලේ පොඩි පගයා. මේ වගේ ගොන් පොන්න පොඩි කැරියන්ගේ කන අතගාලා යවන්න නීති හදපියවු. :cautious:
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,799
    113
    කොට කලිසම් සිඟිති පාතාලේ පොඩි පගයා. මේ වගේ ගොන් පොන්න පොඩි කැරියන්ගේ කන අතගාලා යවන්න නීති හදපියවු. :cautious:

    ඕක ළමයාගේ වැරුද්ද නෙමෙයි දෙමව්පියන්ගේ.
    දැන් හදන්න බෑ. පරක්කුයි.
    ගහන බනින එක නීතිවිරෝධියි.
    හොඳම වැඩේ මූව පරිවාසෙට බාරදීලා අළුතෙන් මුල ඉදන් එකෙක් හදන එක.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අළුතෙන් මුල ඉදන් එකෙක් හදන එක.

    already neural pathways ගොඩක් දැන් හැදිලා තියෙන්නේ. ආයේ මුල ඉදන් වෙනස් කරන එක almost impossible වගේ තමයි.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ඕක ළමයාගේ වැරුද්ද නෙමෙයි දෙමව්පියන්ගේ.
    දැන් හදන්න බෑ. පරක්කුයි.
    ගහන බනින එක නීතිවිරෝධියි.
    හොඳම වැඩේ මූව පරිවාසෙට බාරදීලා අළුතෙන් මුල ඉදන් එකෙක් හදන එක.
    ඔයකියන විදිහට අලුත් එකෙක් හැදුවත් එහෙම හදන්න බෑ.
    දෙමාපියන් කියන දේ ලමයි අහන්න ඕනෙ නම් දෙ මාපියන් ආදර්ශමත් ලෙස ජීවත් වියයුතුයි. මේක කරන්න බෑ. ඉතිං .උබ කියන එක all mosT impossible 😑
     
    • Like
    Reactions: Spiderman.Ayya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,012
    113
    ආශ්චර්යමත් රටක


    මේ ලජබට හරිනිගෙ අළුත් පනත දැක්ක එකෙක් සිටීනම් ලින්කුව දාන්න ප්ලීස් 🙂
    ------ Post added on Sep 24, 2025 at 2:29 PM


    පාර්ලිමේන්තුවෙ කතා කරන්න ඕන ඔන්න ඕවා.
    විපක්ෂෙට කතා කරන්න දෙයක් අවුරුද්දක් ගිහින් හම්බවෙච්ච එකත් හොඳයි.


    මේ විවේචනය හොඳයි.
     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    395
    576
    93
    මේ පනත ඉතාම සාධනියයි. මු මේ දස කමට ඉන්ටප්‍රිට් කරන විදිහෙයි වැරැද්ද. නිතිඥයෙක් වෙලා ළමයින්ට ගහන එකට උල්පන්දම් දෙන විදිහ කොච්චර කැතද අප්පා.
    ඔක ලේසියෙන් ⁣හොයාගනින් ඩොකිටු සයිට් එකේ ඇති.


    Screensho.jpg

    Screenshot-20250918-112753-One-Drive.jpg
    ළමයෙක්ට අවවාදයක් දුන්නත් 'අවමන් කිරීමක්' වෙනවනෙ. ඉස්සරහට ගුරුවරු ලමයින්ට මුකුත් කියන්න යන එකක් නෑ, 18 පැන්නට පස්සෙ ළමයින්ට පොලිසියෙන් තමයි හැදෙන්න වෙන්නෙ.

    ළමයෙක් ඉස්කෝලෙ ඇතුලෙ කුඩු ගහනව දැක්කත් නොදැක්ක වගේ හිටියම ටීචට ජොබ් එක බේරගෙන ඉන්න පුලුවන් වෙයිනෙ.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,799
    113
    ළමයෙක්ට අවවාදයක් දුන්නත් 'අවමන් කිරීමක්' වෙනවනෙ. ඉස්සරහට ගුරුවරු ලමයින්ට මුකුත් කියන්න යන එකක් නෑ, 18 පැන්නට පස්සෙ ළමයින්ට පොලිසියෙන් තමයි හැදෙන්න වෙන්නෙ.

    ළමයෙක් ඉස්කෝලෙ ඇතුලෙ කුඩු ගහනව දැක්කත් නොදැක්ක වගේ හිටියම ටීචට ජොබ් එක බේරගෙන ඉන්න පුලුවන් වෙයිනෙ.

    අපේ ඉස්කෝලෙ කෙමෙස්ට්‍රි මිස් කෙනෙක් හිටියා එහෙමයි. කොයි වෙලෙත් කොයි දේටත් හිනාවෙලා ආතල් එකේ හිටියා.
    එයා ඇතුළට එද්දී කොල්ලො බෑග් කරේ දාගෙන ලයිබ්‍රියට ගියා. එක්කෝ එතන පිටිපස්සේ තාප්පයෙන් පැනලා ගෙදර ගියා. 🤣 මිසුත් උන්ට හිනාවකුත් දාගෙන ඇවිත් ඉන්න උන්ට උගන්නලා ගියා.

    මම හිතන්නේ උසස් දියුණු සංස්කෘතියක තමන් කරන්න ඕන තමන්ට අදාළ ජොබ් එක විතරයි.
    දෙමව්පියන් කරන්න ඕන පැටව් ගහලා කන්න දෙන එක. ගුරුවරු විශය ඉගැන්වීම
     
    • Like
    Reactions: danush1987

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    395
    576
    93
    අපේ ඉස්කෝලෙ කෙමෙස්ට්‍රි මිස් කෙනෙක් හිටියා එහෙමයි. කොයි වෙලෙත් කොයි දේටත් හිනාවෙලා ආතල් එකේ හිටියා.
    එයා ඇතුළට එද්දී කොල්ලො බෑග් කරේ දාගෙන ලයිබ්‍රියට ගියා. එක්කෝ එතන පිටිපස්සේ තාප්පයෙන් පැනලා ගෙදර ගියා. 🤣 මිසුත් උන්ට හිනාවකුත් දාගෙන ඇවිත් ඉන්න උන්ට උගන්නලා ගියා.

    මම හිතන්නේ උසස් දියුණු සංස්කෘතියක තමන් කරන්න ඕන තමන්ට අදාළ ජොබ් එක විතරයි.
    දෙමව්පියන් කරන්න ඕන පැටව් ගහලා කන්න දෙන එක. ගුරුවරු විශය ඉගැන්වීම

    මිස්ට එක එකාගෙ ළමයි හදන්න ගිහින් අවුරුදු ගනන් හිරේ ඉන්න ඕන නෑ නෙ.
     
    • Like
    Reactions: ozykolla

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,799
    113
    already neural pathways ගොඩක් දැන් හැදිලා තියෙන්නේ. ආයේ මුල ඉදන් වෙනස් කරන එක almost impossible වගේ තමයි.
    මම කියව්වෙ අළුතෙන් වෙන එකෙක් හදන එක. අරූ ඉවරයි ඌ ගොඩගන්න බෑ. ඌ බාප්පොච්චි කෙනෙක් 😆

    උන්ව පරිවාසෙට තමයි. හරිනි ට බාරදෙනවා තොට ඕන හැටියට හදාගනින් කියලා. ටැක්ස් සල්ලි වලින් කන්න බොන්න දීලා වැඩ පුහුණුවකුත් උන් දෙනවා නේ.

    ඔයකියන විදිහට අලුත් එකෙක් හැදුවත් එහෙම හදන්න බෑ.
    දෙමාපියන් කියන දේ ලමයි අහන්න ඕනෙ නම් දෙ මාපියන් ආදර්ශමත් ලෙස ජීවත් වියයුතුයි. මේක කරන්න බෑ. ඉතිං .උබ කියන එක all mosT impossible 😑

    මහ ලොකු මිනිස්සු වෙන්න ඕන නෑ දැහැමි සිරිමත්.
    3,4 හතරක් හැදුවාම අහඹු එකෙක් දෙන්නෙක් රිටයර්මන්ට් ප්ලෑන් එකට ඕන ගානට හැදිලා එයි නේ 😄
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,799
    113

    කොන් කිරීම විභාග පීඩනය මැද හෝමාගම රාජපක්ෂ විද්‍යාලයේ '11-T' දුබලයන්ගේ පන්තියේ රුචිකාට අත්වූ ඉරණම​


    2 hours ago

    the-fate-of-ruchika-a-student-from-the-11-t-weaker-section-of-rajapaksa-college-in-homagama-amidst-the-pressure-of-exams-marginalization

    සාමාන්‍ය පෙළ විභාගය යනු දරුවකුගේ ජීවිතයේ ප්‍රධාන සන්ධිස්ථානයක් වන අතර, ඒ සඳහා නිසි මඟපෙන්වීම ලබාදීම ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරයාගේ වගකීමකි. එහෙත්, සෑම දරුවකුම අනිවාර්යයෙන්ම ‘ඒ’ සාමාර්ථ නවයක් ලබාගත යුතු බවට නියමයක් නොමැති අතර, එය දරුවාගේ දක්ෂතාව මත රඳා පවතී.
    කෙසේ වෙතත්, කලකට ඉහත දරුවකුගේ ඉලක්කයක්ව පැවති ‘ඒ’ නවය, අද වන විට පාසලක, කලාපයක හෝ පළාතක අධ්‍යාපන බලධාරීන් පීඩනයට ලක් කරන මෙවලමක් බවට පත්ව තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස දරුවන් දැඩි මානසික පීඩනයකට ලක්වන අතර, ඇතැම් විට සියදිවි නසාගැනීමට පවා පෙළඹෙන අවස්ථා වාර්තා වේ.

    හෝමාගම, මහින්ද රාජපක්ෂ ජාතික පාසලේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ රුචිකා ඉන්දුමා අධිකාරී නම් 15 හැවිරිදි ශිෂ්‍යාව, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙමින් සිටියදී 2025 ජූලි මස 30 වන දින සියදිවි නසාගෙන තිබුණේ පාසලෙන් එල්ල වූ බව කියන දැඩි මානසික පීඩනය හේතුවෙනි. ඇය 2022 වසරේදී 8 වන ශ්‍රේණියට මෙම පාසලට ඇතුළත් වී ඇත්තේ අනාගතය පිළිබඳ අපේක්ෂා රැසක් සිත දරාගෙනය. තම විෂය කරුණු පිළිබඳ මනා දක්ෂතාවක් දැක්වූ ඇය, බාහිර උපකාරක පන්ති සඳහා යොමු නොවූ අතර, 11 වන ශ්‍රේණියට පා තැබීමත් සමඟ ඇගේ ජීවිතයේ කණගාටුදායක පරිච්ඡේදයක් ආරම්භ වී තිබේ.

    රුචිකාගේ 11 වන ශ්‍රේණියේ පන්ති භාර ගුරුතුමිය වූ ගණිතය විෂය ඉගැන්වූ ගුරුවරිය, ඇය ගණිතයට දුර්වල බව පවසමින් නිරන්තරයෙන් දෝෂාරෝපණය කර ඇති බව ශිෂ්‍යාව තම මවට පවසා තිබිණි.

    එම ගුරුවරියගේ හැසිරීම හේතුවෙන් පන්තිය තුළදී දැඩි අවමානයට සහ මානසික පීඩනයට ලක් වූ බව ඇය සඳහන් කර ඇත. රුචිකාගේ මව පවසන පරිදි, ගණිතය හැර අනෙකුත් සියලුම විෂයයන් සඳහා ඇය ඉහළ ලකුණු ලබාගෙන ඇති අතර, ගුරුවරියගේ ඉගැන්වීම් නිසි ලෙස අවබෝධ කරගත නොහැකි වූ බව ශිෂ්‍යාව නිතර පවසා තිබේ. තම දියණිය උපකාරක පන්තිවලට සහභාගී නොවූ බැවින්, ගුරුවරිය සිය ඉගැන්වීමේ දුර්වලතා වසා ගැනීමට දරුවාට අනවශ්‍ය මානසික පීඩනයක් එල්ල කළ බව මව විශ්වාස කරයි.

    මෙම ගණිත ගුරුවරිය විසින් විෂයට දුර්වල සිසුන් වෙනුවෙන් පාසල ආරම්භ වීමට පෙර අමතර පන්තියක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඒ සඳහා රුචිකාට සහ තවත් සිසුන් කිහිප දෙනෙකුට සහභාගී වන ලෙස දන්වා තිබී ඇත. දින 48ක පාසල් කාල සීමාව තුළ, අසනීප තත්ත්වයන් හේතුවෙන් දින අටක් පාසල් පැමිණීමට නොහැකි වූ රුචිකා, ඒ පිළිබඳ වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීමට පෙර, 11 වන ශ්‍රේණියේ අංශ ප්‍රධාන ස්වාමීන් වහන්සේ වෙත යොමු කර තිබේ. එහිදී එම අංශ ප්‍රධානී හිමියන් විසින් ඇයට වේවැලකින් පහර දී ඇති බව වාර්තා වන අතර, එම සිදුවීමෙන් පසු ඇය දැඩි මානසික කම්පනයකට ලක්ව පාසල් යාමට අකමැත්තක් දක්වා ඇත.

    එම පාසලේ 11 වන ශ්‍රේණිය සඳහා පන්ති 18ක් පවතින අතර, ඉන් 11T ලෙස නම් කරන ලද පන්තිය වෙන් කර ඇත්තේ ඉගෙනීමට දුර්වල යැයි සලකන සිසුන් සඳහා බව රුචිකාගේ මව පවසයි. රුචිකාව එම පන්තියට මාරු කරන බවට ගණිත ගුරුවරිය නිරන්තරයෙන් තර්ජනය කිරීම හේතුවෙන් ඇය දැඩි මානසික පීඩනයකින් පසු වූ බවද මව සඳහන් කරයි.

    සිය දියණියගේ මරණය සිදුවී සැප්තැම්බර් 18 වන දිනට දින 50ක් ගත වී ඇතත්, ඊට සෘජුව හෝ වක්‍රව දායක වූවන්ට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව රුචිකාගේ දෙමාපියෝ අවධාරණය කරති. ජාතික පාසල් අධ්‍යක්ෂවරයා විසින් කලාප කාර්යාලයට කරන ලද ඉල්ලීමකට අනුව, ශිෂ්‍යාවගේ මරණය සම්බන්ධයෙන් පාසලෙන් එල්ල වූ පීඩනය පිළිබඳව පරීක්ෂණයක් සඳහා 2025 අගෝස්තු 22 වන දින තමන් කැඳවූ බව ශිෂ්‍යාවගේ පියා, ඒ. ඒ. සුමනසිරි අමරසිංහ මහතා ප්‍රකාශ කළේය. එහෙත්, ජාතික පාසල් අධ්‍යක්ෂවරයා විසින් එම පරීක්ෂණයට අදාළ ලිපිය නිකුත් කර ඇත්තේ 2025 ජූලි 31 වන දින බවද ඔහු හෙළි කළේය.

    මෙම පරීක්ෂණය අතිශයින්ම පක්ෂග්‍රාහී ලෙස සිදු වූ බව අමරසිංහ මහතා චෝදනා කරයි. හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා, විදුහල්පතිවරයා ඉදිරිපිටදීම තම බිරිඳට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැන්වූ බවත්, තමන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටි නිසා දින 22කට පසුව පරීක්ෂණය පැවැත්වූ බවත් ඔහු පැවසීය.

    චෝදනාවට ලක්වූ ගුරුවරුන් පාසලෙන් ස්ථාන මාරු නොකර පරීක්ෂණ පැවැත්වීමෙන් සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි බවත්, 2009 පෙබරවාරි 20 දිනැති ගැසට් පත්‍රයේ 195 සහ 196 වගන්තිවලට අනුව එවැනි අවස්ථාවකදී චූදිත ගුරුවරුන් මාරු කර පරීක්ෂණය පැවැත්විය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

    ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙන පරිදි, මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පතිවරයා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරියෙකු වන අතර, කලාප අධ්‍යක්ෂවරයා ඊට වඩා පහළ ශ්‍රේණියක සිටීම හේතුවෙන් සාධාරණ පරීක්ෂණයක් අපේක්ෂා කළ නොහැක. මේ නිසා, අධ්‍යාපන අමාත්‍යවරයා, ලේකම්වරයා සහ රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත ස්වාධීන කණ්ඩායමක් මඟින් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස අමරසිංහ මහතා ඉල්ලා සිටී.

    සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී, 11 වන ශ්‍රේණියේ අංශ ප්‍රධානී හිමියන් "මම ඒ ශිෂ්‍යාවට ගැහුවේ නැහැ, ඕවා මිනිස්සු කියන කතා" යැයි පවසමින් චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. චෝදනාවට ලක්වූ ගණිත ගුරුවරිය ගෙන් කළ විමසීමකදී ඇය ඊට ප්‍රතිචාර නොදැක්වූවාය. විදුහල්පති ගෙන් විමසූ විට, "මේ ගැන අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් කරනවා" යැයි පවසා දුරකථනය විසන්ධි කළ අතර, නැවත ඇමතූ විට "ඇයි මගෙන් ඕවා අහන්නේ?" යැයි පවසා නැවතත් දුරකථනය විසන්ධි කළේය. පසුව ඔහු අමාත්‍යාංශය සහ කලාප කාර්යාලය මගින් පරීක්ෂණ සිදු කරන බවත්, ඒවා අවසන් වන තුරු තීරණ ගත නොහැකි බවත් පැවසීය.

    හිටපු මානව හිමිකම් කොමසාරිස්, නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා මේ පිළිබඳව අදහස් දක්වමින්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV වන වගන්තියට අනුව සෑම රාජ්‍ය නිලධාරියකුම, විශේෂයෙන්ම විදුහල්පතිවරයකු දරුවන්ගේ මානව හිමිකම් සුරැකීමට බැඳී සිටින බව අවධාරණය කළේය. දරුවන්ට ‘ඒ’ නවයක් ගැනීමට බල කිරීම වැනි ක්‍රියා මගින් මානසික පීඩනයක් එල්ල කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන අතර, දණ්ඩ නීති සංග්‍රහයේ 308(අ)(1) වගන්තිය යටතේ එවැනි කෲර ක්‍රියා සඳහා වසර 2 සිට 10 දක්වා සිර දඬුවම් නියම කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

    හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හේමන්ත ගමගේ මහතාගෙන් විමසූ විට, "මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය සහ කලාප කාර්යාලය පරීක්ෂණ පැවැත්වූවා. එහිදී ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ භේදයක් බලපෑවේ නැහැ" යැයි පැවසූ අතර, "මෙවැනි දේවල් ප්‍රසිද්ධ කරන්න හෝ වාර්තා කරන්න එපා" යැයිද උපදෙස් දුන්නේය. මේ අතර, රුචිකාගේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කමිටුවක් පත් කර ඇති බවත්, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් මීගොඩ පොලීසියෙන් මේ පිළිබඳව පසු විපරම් කරන ලෙසත් ඉල්ලා ඇති බව වාර්තා වේ.

    පාසලක් යනු දරුවකුට කිසිසේත්ම අනාරක්ෂිත ස්ථානයක් නොවිය යුතු අතර, විදුහල්පතිවරයා සහ ගුරුවරුන් කෙරෙහි දෙමාපියන් තම දරුවන් භාර කරන්නේ ඉමහත් විශ්වාසයකිනි. එසේ වුවද, පාසල් පරිසරය තුළ දරුවකු ශාරීරික, මානසික හෝ ලිංගික හිංසනයකට ලක්වීම හෝ නොසලකා හැරීමකට ලක්වීම කිසි විටෙකත් යටපත් කළ යුතු කාරණයක් නොවේ. එවැනි සිදුවීමක් හමුවේ පාසලේ ප්‍රධානියා ලෙස විදුහල්පතිවරයා සෘජුවම වගකීම භාර ගනිමින් කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු අතර, එය නොසලකා හැරීම සමස්ත පාසල් පද්ධතියේම බිඳවැටීමට හේතු විය හැක.
    (daily mirror ඇසුරිනි)