මට FaceBook වහන්න පුළුවන් - මහින්ද රාජපක්ෂ

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට FaceBook වහන්න පුළුවන් - මහින්ද රාජපක්ෂ

    BVEErUTCcAAHJdy.jpg-large-W.png


    [Image Credit: twitter.com/PresRajapaksa / මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා twitter සංවාදයේ යෙදෙමින්...]



    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, ඊයේ(09/Oct/2013) පානදුර, ශ්‍රී සුමංගල බාලිකා විදුහලේ උත්සවයක දී සිදු කල කතාවක දී Facebook සමාජ ජාල වෙබ් අඩවිය පිළිබදව තවත් එක් අපූරැ කතාවක් සිදු කර තිබිණි. මෙම කතාවේ එම කොටස පමණක් බොහෝ අන්තර්ජාල මාධ්‍ය වල පළ වී තිබිණි. එසේ පළ කොට තිබුණේ ජනාධිපතිවරයා Facebook සම්බන්ධයෙන් පළ කල අදහස නැවත පළ කිරීමක් ලෙස විනා එහි ඇති හැගවුම හෝ ඉන් මතුවිය හැකි ප්‍රවණතාවයන් හෝ එසේ කියන්නේ ඇයි ද යන්න ගැන නොවේ.(නමුත් එසේම හෝ එය පළ කිරීම ගැන කිසියම් සාධනීය අදහස් ගොඩනගා ගත හැකිය) එම කතාවේ Face book කොටස Lanka C News වෙබ් අඩවිය මෙසේ පල කර තිබිණි.
    ‘ෆේස්බුක් එක අපිට වසංගතයක්. දරුවන්ගේ වසංගතයක්. අපිට මේක තහනම් කරන්න පුළුවන්. ඒකට ක‍්‍රම තිබෙනවා. ෆේස්බුක් විශ්වාස කරන්න එපා. ඔය ෆේස් බුක් එකේ නොපෙනෙන අයට වඩා ගෙදර ඉන්න අය ගැන විශ්වාසය තබන්න. එක ගීතයක් තියෙනවා නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා කියල. ආදරය තියෙන්නේ ගෙදර ෆෙස්බුක් එකේ නෙමෙයි’


    ලංකා ජනාධිපති හා සමාජ ජාල

    දැන් පුදුමයට කරැණ නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, මෙසේ Facebook වැනි සමාජ ජාල ගැන ලංකාවේදී සිදු කරන මෙවැනි ප්‍රකාශණ එක් පැත්තකින් කිසියම් බියකරැ විහිළුකාරී ස්වාභාවයක් උසුලයි. මක් නිසා ද යත් පසුගිය දිනවල නිව්යෝක් සංචාරයක් අතරතුර ජනාධිපතිවරයාගෙන් අහන්න #AskMR ටැගයෙන් ද, ඊටත් පෙර ජනාධිපතිවරයාගේ ලේකම්වරයා #AskLW ටැගයෙන් ද සමාජ ජාල වෙබ් අඩවියක් වන ටිවීටර්(twitter) හරහා සම්බන්ධ විය. නමුත් ඉන් පසු ලංකාවේ දී ඔවුන් සියලු දෙනා හැසිරෙන්නේ ‘දවල් මිගෙල් රෑ දනියෙල්‘ ආකාරයට ය. අනෙක නම් රාජපක්ෂ ජනාධිපතිවරයා මෙසේ Face book වසංගතයක් යැයි පවසන්නේ ඔහුටත් (https://www.facebook.com/PresidentRajapaksa) , ඔහුගේ පුත් වන නාමල් රාජපක්ෂත්, යෝෂිත රාජපක්ෂත් සරැසාර අයුරින් මේ වනවිටත් Face book ගිණුම් පවත්වා ගෙන යන ගමන් ය. නමුත් ඔවුන් කිසිවෙක් මේවා අපේ නොවේ ඒවා ව්‍යාජ හෝ හොරට හැදූ ඒවා බව මෙතෙක් පවසා නැත. විශේෂයෙන් ජනාධිපතිවරයාගේ Twitter ගිණුම (https://twitter.com/PresRajapaksa) නිරන්තරයෙන්, සෑම දිනකම යාවත්කාලීන වෙයි. ඒවායේ ඡායාරෑප ද, වීඩියෝ ද, සිදුකරන ලද ප්‍රකාශ ද අදී සියලු දේවල් නිරන්තරයෙන් බෙදා හරියි.

    නමුත් ජනාධිපතිවරයාගේ අර්ථයෙන් වසංගතයක ට ඇයි මෙතරම් ඇලුම් කරන්නේ? ඇයි වංසගතය නිරන්තරයෙන් භාවිතා කරන්නේ.? එසේ සියලු දේවල් සිදු කරමින් සිය ජනයා එයින් ඈත් කර තැබීමට ගන්නා උත්සහය දේශපාලනිකව තේරැම් ගැනීම ඉතා වැදගත් බව ලියුම් කරැගේ අදහසයි. මෙය තේරැම් ගැනීම සදහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පෙර, ඔහුගේ සහෝදරයෙකක් වන, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාබය රාජපක්ෂ ද ප්‍රකාශ කලේ ‘Facebook ජාතික ආරක්ෂාවට තර්ජනයක්‘ බවය. දැන් කෙහෙළ් කැන වැට පැන ඇත. ආණ්ඩුවේ ලේකම්වරයෙක් Facebook තර්ජනයක් යැයි කියන විට, එම ආණ්ඩුවේ ජනාධිපතිවරයා ‘Facebook වසංගයක්‘ යැයි කියයි. දැන් ලංකාවේ අන්තර්ජාලය හා බැදි මාධ්‍ය සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුවේ දර්ශණය සහ ආණ්ඩුවේ අදහස ලෝකය හමුවේ පැහැදිලි ලෙස දිග හැරී ඇත. මෙයින් පෙනී යන්නේ, විශේෂයෙන් පසුගිය කාලයේ විවිධ රටවල ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, ප්‍රකාශණයේ නිදහස පාගා දමමින්, සිය පාලනය ගෙන ගිය, ඒකාධිපති පාලකයන් තමන්ගේ රටවල සිදුකළ දෙය ලංකාවේත් එළෙසම සිදු කිරීමට පිඹුරැපත් සකසමින් සිටින බවත්, ඒ සදහා රාජපක්ෂ ආණ්ඩුව හිතා මතාම ජන විඥ්ඥාණය ඒ සදහා සකස් කරමින් සිටින බවත් මෙම ප්‍රකාශයෙන් මනාවට පැහැදිලි වෙයි. අනෙක රටක ජනතාව කියවිය යුතු පුවත්පත කුමක්ද? නැරඹිය යුත්තේ කුමන චැනලයද? කුමන වෙබ් අඩවියද? යන්න පාලකයන් විසින් තීරණය කිරීමට යෑම සහ එසේ නොවුන හොත් පාලකයන් කැමති නැති ඕනෑම මාධ්‍යක් වසා දැමිය හැකියැයි කීම ම, රටක ප්‍රකාශණයේ සහ තොරතුරැ දැනගැනීමේ අයිතියට එල්ලවන මරැ පහරකි. එසේම එයින් එම රටේ පාලකයින් ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතාව සහ ඔවුන් රටේ ජනයාගේ නිදහස පිළිබද සිතනා ආකාරය ලෝකයේ ශිෂ්ඨ සමාජයන් හමුවේ ප්‍රදර්ශනය කරයි.

    Rh7XJWl0QjiSCuCjRFq0zw.jpeg

    Facebook පිළිබදව ලිබියාවේ ගඩාෆි තුළ තිබූ වෛරය කාටුන් ශිල්පියෙකුගේ සටහනක්



    උපුටාගැනීම: Vikalpa වෙබ් අඩවිය
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    apo වැහුවට වැඩක් වෙන්නේ නැහැ

    අපිට යන්න පුළුවන්..

    බෝල බය නැතුව හිටපල්ලා....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ElaKiri valata hoda kaalayak issarahata ei.............

    එතකොට එකෙක්වත් අදුරන්නේ නැහැනේ....අපිට මෙහෙම පොස්ට් දාන්නත් බැරි වෙයි
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    වැරදි .....
    හොඳ නරක තෝරා දීම දෙමව්පියන්ගේ වගකීම වගේම අපේ වගකීමද වේ ///

    internet කියන්නේ facebook විතරක්ම නෙමෙයි ..ඒ වගේම facebook කියන්නේ ලෝකේ අංක එකේ social site එක ....ඒවා භාවිතා කරේ නැතත් ඔය වගේ අදහස් පොදු ජනතාව ඉදිරියේ පැවසීම ...... :sorry::sorry: .com
     

    w.m.l.sandaruwan

    Active member
  • Jul 6, 2013
    207
    35
    28
    ane vahanna kiyapan bn. oya dagalanne chandeth nethi karan hota bima enana puka ira ganna. baya venna deyak ne lanave kanna netath FB vahuvoth parata bahina minussu gana vadi. mokada gas gedi kadana ekage indan loku loku putu valata yanakam hema ekama FB innava...
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    වහන එක නෙවෙයි කරන්න ඕනේ ලංකාවේ facebook වගේ හොද site හදන එකයි එතකොට ඕවට යන්න ඕන නෑ. China, Japan, Korea වල කරලා තියෙන්නේ එහෙමයි උන්ට උන්ට කියලා වෙනමම හැම site එකක්ම තියෙනවා ඒක නිසා උන් බටහිර site වලට එන්නේ බොහෝම අඩුවෙන්.
     

    Similar threads