මඩකලපුව-විහාරාධිපති

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මඩකලපුව-විහාරාධිපති

    වෙල්ලාවලි ප්‍රා. සභා සභාපති ඇතුළු මැර පිරිසක්‌
    මඩකලපුව විහාරාධිපති හිමි පැහැරගෙන තර්ජනය කරති

    සිංහලයන්ගේ ඉඩම් අයිතිය වෙනුවෙන්
    මැදිහත් නොවන්නැයි බලපෑම්

    හේමන්ත රන්දුණු

    මඩකලපුව වෙල්ලාවලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා (ටී. එම්. වී. පී. පක්‍ෂයේ) ඇතුළු මැර පිරිසක්‌ මඩකලපුව මංගලාරාම විහාරයේ විහාරාධිපති අම්පිටියේ සුමන හිමියන් ඊයේ (03 වැනිදා) දහවල් පැහැරගෙන ගොස්‌ සිය කාර්යාලයේ සිර කර ගෙන සිංහල ජාතිකයන්ගේ ඉඩම් අයිතීන් වෙනුවෙන් මැදිහත් නොවන ලෙස කියමින් එම හිමියන්ට මරණීය තර්ජනය එල්ල කර ඇත.

    සභාපතිවරයාගේ මැරයන් කීපදෙනකු සුමන හිමියන්ට පහර දීමට පවා උත්සාහ කර තිබේ.

    මේ සම්බන්ධයෙන් "දිවයින" කළ විමසීමකදී අම්පිටියේ සුමන හිමියන් පැවසුවේ මේ පිළිබඳව මඩකලපුව පොලිස්‌ අධිකාරිවරයා වෙත ඊයේ සවස පැමිණිල්ලක්‌ කළ බවයි.

    වෙල්ලාවලි ප්‍රදේශයේ සිංහල ජාතිකයන්ට අයත්ව තිබූ කුඹුරු යායක්‌ පිළිබඳව සොයා බැලීම සඳහා සුමන හිමියෝ ඊයේ උදේ වරුවේ එම ප්‍රදේශයට වැඩම කළහ. එම ඉඩම් පිළිබඳව සොයා බලා සුමන හිමියන් ආපසු මඩකලපුව කරා එමින් සිටියදී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ගෝල බාලයන් පිරිසක්‌ එම හිමියන් බලහත්කාරයෙන් රැගෙන ප්‍රාදේශීය සභා කාර්යාලය වෙත ගෙන ගොස්‌ ඇත.

    ඒ අවස්‌ථාවේ සභාපතිවරයා සිය කාර්යාලයේ සිට ඇති අතර ඔවුන් සියලුදෙනා සුමන හිමියන්ට මරණීය තර්ජන එල්ල කරමින් තර්ජනය කර තිබේ.

    මඩකලපුවේ සියලුම ඉඩම් දෙමළ ජාතිකයන්ට අයත් බවත් ඒවාට අයිතිවාසිකම් කීමට කිසිවකු උත්සාහ කළහොත් ඔවුන් මරා දමන බවත් කියමින් මෙම පිරිස තර්ජනය කර ඇත.

    මේ පිළිබඳව විහාරාධිපති හිමියන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරයා අතර උණුසුම් වචන හුවමාරුවක්‌ ඇති වී තිබේ. එහිදී එක්‌ මැරයකු සුමන හිමියන් ඇදගෙන ගොස්‌ කාර්යාලයෙන් එළියට තල්ලු කර දමා ඇත.

    පසුව වෙනත් මැරයන් කීපදෙනකු පැමිණ සුමන හිමියන් නැවතත් කාර්යාලය වෙත ඇදගෙන ගොස්‌ දිගින් දිගටම උන්වහන්සේට තර්ජනය කර තිබේ.

    මඩකලපුව ප්‍රදේශයේ සිංහල ජාතිකයන්ට අයත්ව තිබූ ඉඩම් සඳහා ව්‍යාජ ඔප්පු සකස්‌ කර දෙමළ ජාතික සංවිධානාත්මක පිරිස්‌ ඒවා අත්පත් කර ගැනීමට එරෙහිව අම්පිටියේ සුමන හිමියන් මීට මාස කීපයකට උඩදී මංගලාරාම විහාරය ඉදිරිපිට මාරාන්තික උපවාසයක්‌ ද කරනු ලැබූහ.


    http://www.divaina.com/2012/05/04/news01.html

    යකෝ මෙහෙම කරන්න මුන්ට අයිතිය දුන්නේ කව්ද? කෝ මේ පොලිසිය? තව හොඳ හොඳ සෙල්ලම් පස්සේ එයි වගේ. :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: B.Lalakka

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    me wage hamudurunamakata mehema karanna tharam paadada ballo innawane...anith eka ape rate lokko minissunta wadi bana kiyanawa...me wage hamuduruwaru ape shasane rakinna dagalanakota ape un unge pudgalika wasi walata ape urumayan paawa denwa..mama madakalapuwe pansale hamuduruwo ekka katha karala thiyena nisa kiyanne..puduma hithenwa hamuduruwo ohoma innawa kiwwamath machanla..me wage hamudurunamawal walata budunge saranin budu guna balen thawa thawath shakthiya darya labewaa..!!!
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    තිබුනත් සවි හිතේ ග.................................තේ
    ඒවායෙන් ඵලක් නැ...................................තේ
    කූඹින්ටත් රජෙක් ඇ...................................තේ
    අපට පුතේ එසේ නැ...................................තේ
     
    • Like
    Reactions: Srilankan1