මඩකලපුව - ශ්‍රී මංගලාරාමය

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මඩකලපුව - ශ්‍රී මංගලාරාමය

    මේ තියෙන්නේ මඩකලපුව town එකේ තියෙන එකම බෞද්ධ පන්සල...
    පන්සලේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ පමනයි සිටියේ.පන්සල මෙ තත්වෙන් තියෙන්නේ විහාරාධිපති හාමුදුරුවන්ගේ කැපවීමත් උත්සහයත් නිස බවයි මට නම් පෙනුනේ.
    යුද්ධය පැවතුනු කාලයේත්, යුද්ධය පසුවත් විවිධ ප්‍රාදේශීය බලවතුන්ගේ කෙනෙහිලිකම් මැද තම මේ පන්සල පවත්වගෙන යන්නේ.
    දැනට පන්සලට එක දායක පවුලක් වත් නැතිලු..මෙ වනතෙක් යුධයෙන් පසු කිසිම නයකයෙක් පන්සලට වැස්සකටවත් ගොඩ වෙල නැති බව නයක හාමුදුරුවෝ මා සමග කිවා.


    ඔයාලත් මඩකලපු පැත්තේ ගියොත් මෙ පන්සලට ගොඩ වදින්න...
    කම් කටොලු බාධක මැද ගෙනයන මේ මෙහෙවරට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා..බුදු සරනයි!





    DSC01450.jpg


    DSC01447.jpg


    DSC01446.jpg


    DSC01439.jpg


    DSC01437.jpg


    DSC01431.jpg


    DSC01423.jpg


    DSC01420.jpg

















     
    Last edited:

    bobo_w_p

    Junior member
  • Mar 13, 2007
    30
    1
    8
    Macho Photos daanna.....
    Will try to help, please try to give us directions to find this temple.

    Thanx.
     

    bobo_w_p

    Junior member
  • Mar 13, 2007
    30
    1
    8
    Buddhist monks continue death fast

    August 6, 2010 11:09 am


    The death fast started by Buddhist monk rev. Ampitiye Sumanarathna continues to the second day. Two other monks have also joined the death fast that was started in the Madakalapuwa area yesterday.



    The head monk of Sri Mangalaramaya, Madakalapuwa, rev. Ampitiye Sumanarathna started a death fast yesterday, requesting the president to give solutions to the hardships the Sinhala Buddhist residents of the Eastern and Madakalapu area face.



    In a letter addressed to the President, he claimed that the main issue in this are is that there is no Sinhalese representative in the political offices of this are and that there are no Sinhalese workers in government offices.

    ************* Taken frm DERANA NEWS ********************
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ වගේ පන්සල් නගාහිටුවන්න ඕනේ. ප්‍රධානම කාරණය තමයි. සිංහල දායක පවුල් පදිංචි කරන එක
     

    bobo_w_p

    Junior member
  • Mar 13, 2007
    30
    1
    8
    නැගෙනහිර විහාරස්‌ථාන සහ සිංහල ගම්බිම් රැක ගැනීමට
    මඩකලපුව මංගලාරාම විහාරාධිපති
    මාරාන්තික උපවාසයකට සැරසෙති!

    හේමන්ත රන්දුණු

    නැගෙනහිර පළාතේ සිංහල ජාතිකයන්ට අයත් ඉඩම් සංවිධානාත්මක දෙමළ කණ්‌ඩායම් විසින් කොල්ලකෑම, බොහෝ විහාරස්‌ථානවලට කරන කෙනෙහිලිකම්, ප්‍රදේශයේ රජයේ දෙමළ නිලධාරීන් පක්‍ෂග්‍රාහීව කටයුතු කිරීමට විරෝධය පළ කරමින් මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමන හිමියෝ මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කිරීමට සූදානම්ව සිටිති.

    මෙම මාරාන්තික උපවාසය ලබන 14 වැනිදා මඩකලපුව මංගලාරාම විහාරස්‌ථානය ඉදිරිපිටදී ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අම්පිටියේ සුමන හිමියෝ "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවසූහ.

    නැගෙනහිර පළාතේ කෙරෙන ඉඩම් කොල්ලය සහ වෙහෙර විහාරස්‌ථානවලට කරන අකටයුතුකම්වලට විසඳුම් ලබාදෙන ලෙස අදාළ බලධාරීන් වෙත කොතෙකුත් ඉල්ලීම් කළ ද මේ වන තුරු ඊට කිසිදු විසඳුමක්‌ ලැබී නැති බවද එම හිමියෝ පැවසූහ.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ සුමන හිමියෝ මෙසේද පැවසූහ.

    මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ සිංහල මිනිස්‌සුන්ට අයිතිවෙලා තිබිච්ච ඉඩම්වලට දෙමළ සංවිධානාත්මක කල්ලි හොර ඔප්පු හදලා එAවා අයිති කරගෙන. එA සිංහල මිනිස්‌සුන්ට අද කාගෙවත් පිළිසරණක්‌ නැහැ.

    නැගෙනහිර පළාතේ වෙහෙර විහාරස්‌ථානවලට අයිති ඉඩකඩම් පවා මේ වෙනකොට කොල්ලකාගෙන. මඩකලපුවේ වෙහෙර විහාරස්‌ථාන 18 ක්‌ තියෙනවා. එA හාමුදුරුවරු වැඩ ඉන්නෙ විහාරස්‌ථාන 4 ක විතරයි. එA විහාරවලටත් දානයක්‌ දෙන්න කෙනෙක්‌ නැහැ. බෞද්ධ කටයුතු අමාත්‍යාංශයට මේ බව දැනුම් දුන්නත් කිසිම සාධාරණයක්‌ වෙලා නැහැ.

    පසුගිය ජනවාරි 30 වැනිදා මම මේ අකටයුතුකම්වලට එරෙහිව උපවාසයක්‌ කරන්න සූදානම් වුණා. එA වෙලාවෙ බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරියෙක්‌ ඇවිත් මා එක්‌ක සාකච්ඡා කරල විසඳුම් ලබාදෙන්න එකඟ වුණා.

    එAත් මේ වනතුරු කිසිම විසඳුමක්‌ ලැබිලා නැහැ. මඩකලපුවට එක සිංහල දේශපාලනඥයෙක්‌ නැහැ. මේ පළාතේ ඉන්න දෙමළ ජාතික රජයේ නිලධාරීන් කටයුතු කරන්නේ ජාතිවාදී හැඟීමෙන්. මේ ක්‍රමය නැති කරන්න ඕනෙ. මඩකලපුවට එක සිංහල දේශපාලනඥයෙක්‌ හරි පත් කරන්න කියලා මම ඉල්ලනවා.

    මෙම ඉල්ලීම් ලබාදෙන තුරු මාරාන්තික උපවාසය අත්හරින්නේ නැහැ.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හොඳ පොස්ට් එකක්,ස්තුති අපිටත් මේ ගැන කිව්වාට REP +++