මඩ සේදූ ගොවියා රජකමටත් සුදුසුයි
“මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසුයි” යන කියමන දැන් යථාර්ථයක් වී ඇතැයි සියම් මහ නිකායේ පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (09) දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහනාහිමියන් බැහැ දැක්කේය. එහිදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ අදහස් දැක්වූ මල්වතු පාර්ශ්වයේ මහනාහිමියන් සඳහන් කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා හට ජනතා විශ්වාසයක් හා උදේයා්ගයක් ඇති වී තිබෙන බවය.
මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසුය යන කියමන අද යථාර්ථයක් බවට පත්වී ඇති බව සඳහන් කළ මහනාහිමියෝ කිසිවකු විසින් මඩ ගැහුවේ නැතිනම් සෝදාගැනීමට මඩ නැතැයිද කීහ. කෙසේ වෙතත් ඉදිරි ජයග්‍රහණය හේතුවෙන් ආශිර්වාද කරන බවද මහනාහිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන් අනතුරුව සර්වාගමික වතාවත් සඳහා මහනුවර දේවස්ථානවලට පිටව ගියහ. මෙම අවස්ථාවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ප්රජාතන්ත්රවාදී පක්ෂ නායක සරත් ෆොන්සේකා, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, අර්ජුන රණතුංග, සුජීව සේනසිංහ, රවි කරුණානායක සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
මල්වතු මහ නාහිමි