මතකද උබලට Tagged .com

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මීට ගොඩක් කාලෙකට කලින් ලෝකයේ ජනප්‍රිය වෙලා තිබුන සමාජ වෙබ් අඩවියක් තමයි tagged කියන්නේ ... මේ ඊයේ පෙරේදා ආපු බට්ටි පැටව් නම් දන්නේ නැතුව ඇති ...
    ලොකු ලොකු talk දුන්නට මමත් ඉස්සෙල්ලම අන්තර්ජාලය පාවිච්චි කලේ 2006 අග බාගයේ ....
    ඒ වෙනකොට එක්කෝ internet cafe යන්න ඕනි ...
    braodband ඇවිල්ලත් ඒ හැටි කාලයක් නෑ ...නැත්නම් dialup පිහිට තමයි .... කියන්න ඕනි නැනේ 1kb per 1 sec ....
    සමාජ වෙබ් අඩවි කියන දේත් එච්චර ප්‍රසිද්ද නෑ ...කාටත් හොරෙන් වගේ තමයි ඒවාට ගියත් ...
    අද facebook එකේ නැති එකෙක් නෑ ....
    එදා ඊට වෙනස් ....
    ඒ කාලේ ඒ කියන්නේ 2006/2007/2008 මිතුරු මිතුරියන් හමුවෙන්න තිබුන හොදම තිප්පොල තමයි tagged.com හෝ hi5 හෝ myspace (ලංකාවේ නම් ගොඩක් famous උනේ නෑ ) ...මට වැරදුනාවත් ද ...කෝ facebook ....
    ඇත්තමයි මම 2007 account එකක් හදල log උනා වගේ මතකයි ...ආය පැත්ත පළාතේ ගියේ නෑ ...ඒ කාලේ fb එකේ interface එක වගේම මහ අජුත feature තිබුනේ ...
    අදටත් මට facebook අඩවිය එදා tagged තරම් නම් වදින්නේ නෑ ...
    ඒකට හේතුවක් තියනවා ...ඒ ගැන කියන්නත් ඕනි නිසා තමයි මතකය ආවර්ජනය කලේ ....
    කතා දෙකක් නෑ අද facebook වලට ලං කරන්නවත් බෑ tagged වලට...ඒ තරමට fb වල තාක්ෂනය දියුණුයි ...වටිනාකම වැඩියි .....
    එත් උබලට දැනෙන්නේ නැද්ද උබව හිර කුඩුවක දාල වගේ ඉන්න ගතියක් fb එකේ ඉන්නකොට ........එළියේ බලන්න දහසක් දේ තියෙද්දී කාමරයක් ඇතුලේ හිර වෙච්ච ගතියක් ....මට නම් දැනෙනවා මචන් ....අලුත් දෙයක් බලන්න හොයන්න අලුත් යාලුවෙක් ඇති කරගන්න අපිට ඕනි නිදහස අහුරලා වගේ ....tagged .com එකේ මම ඉදල තියන නිසා අදටත් මට ඒ අඩුව දැනෙනවා ...අපි fb එකේ යාලුවෙක් ඇතිකරගන්නවා නම් එක්කෝ හිතෙන හිතෙන නම ගහන්න ඕනි ...යාළුවොන්ගේ යාලුවෝ හොයා හොයා චාටර් වෙන්න ඕනි ....online ඉන්න එකෙක් හොයාගන්න විදියක් නෑ .....
    ඒ උනාට tagged එකේ option එකක් තියනවා browse කියල ...මේ දැන් log වෙන්නේ කව්ද එයාව තමයි ඉස්සෙල්ලම පෙන්නන්නේ ....online නම් ඒකත් පෙන්නනවා ... ඕන කෙනෙක්ට යාලුවෙක් කරගන්න msg කරන්න පුළුවන් ...අලුත් යාලුවෝ ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ....ඕන රටක වෙන වෙනම browse කරන්නත් පුළුවන් ......කැමති age එකක් select කරන්නත් පුළුවන් ...town එකෙන් හොයන්න පුළුවන් ...කව්රුත් හැංගිලා නෑ .....කැමතිනම් හැංගිලා ඉන්නත් පුළුවන් ...The social network for meeting new people :) ...

    xanEQWQl.jpg

    hWx1q9Ml.jpg

    දන්නා යාලුවෝ වගේම අලුත් යාලුවෝ හොයාගන්න බැරි නම් මොන සමාජ වෙබ් අඩවිද ....2007/2008 උබලත් අන්තර්ජාලයේ හිටියනම් අනිවා tagged /hi 5 ගැන දන්නවා ඇති ...දැන් fb වගේම famouse වෙලා තිබුනේ ...මම හරිනේ ....දැන් හැත්ත බුරුත්තම ඉන්නේ fb එකේ නිසා අකමැත්තෙන් හරි fb එන්න උනා ....tagged එකත් develop කරන් නැතුව එන්න එන්නම චාටර් වෙලා දැන්නම් වැඩක් නෑ ඇත්තටම .....
    අමතක වෙන්නේ නෑ msg comment කර කර ගත්ත fun ...
    මේ දැන් ඉන්න අපිට හිරෙත් ලගින්න වෙන fb බබාල වගේ නෙවෙයි ඕන දෙකට ඔට්ටු කෙල්ලෝ කොල්ලෝ සෙට් එකක් හිටියේ ....
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,742
    3,335
    113
    hi5 nam account ekak tibbba..log wuna kalayak mataka na..thama emails nam enawa eken..
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    hi 5 ගැන අහල තියනවා, Tagged ගැන නං අහල නෑ. My Space නං මතකයි.