මට සමහරවෙලාවට වචන මතක නැතුව යනවනේ, ඒ හුගක් ඒවා වැඩියෙන්ම පාවිච්චිත් වෙනවා
කරුමෙට දන්න කිසිම language එකකින් ඔලුවට එන්නේ නෑ
ආයේ පැයකින් නිකන්ම මතක් වෙනවා.
තව දෙයක් තමයි දැන් මොනවාහරි විශේෂ දෙයක් ක්ෂණිකව දැක්කොත් ඒක තත්පර 10කට වගේ පස්සේ මතක නෑ
උදාහරණයක් විදියට OTP එකක්, authentication code එකක් වගේ, සමහර වෙලාවට digit එකෙන් digit එකට බලාගෙන ගහන්නත් වෙනවා
කවුරුහරි phone number එකක් කිව්වොත් ඒකත් හුගක් වෙලා මතක තියාගෙන ඉන්න බෑ
දරුණුම කාරණේ දැන් වැඩක් කර කර හිටියොත් මොකක්ද කරේ කියලා මතක නෑ
සමහරවෙලාවට ඒ වැඩේම ආයේ කරනවා

මේකනම් වෙන්නේ හුගක්ම අඩුවෙන්, possibility එක 20%ක් වගේ
2021 ඔක්තෝම්බර් ඉදන් වගේ මෙහෙම වෙන්නේ
මේකට කියන නමක් හරි මෙහෙම වෙන්න හේතුවක් තියෙනවද? නැත්නම් මගේ illusion එකක්ද