මතක් වුණොත්...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    අපි හිතමු අපිට එක පාරට ගිය ආත්මෙ අයව මතක් වෙන්ඩ ගන්නව කියල
    ගිය ආත්මෙ අම්ම තාත්ත, ආදරවන්තිය, දරුවො, සහෝදර සහෝදරියො මතක් වෙනව. එයාලගෙ ස්වරූපෙ එහෙම මතක් වෙනව..
    දැං හරි ප්‍රශ්නෙ මේ ආත්මෙ ඉන්න අයටද එයාලටද ආදරේ වෙන්නෙ..
    විහිලුවක් වගේ පෙනුනට මෙහෙම හිතන්ඩ..
    සිරාවටම ආදරේ කරන අයට මේක වදිනව
    ගිය ආත්මෙ හිටපු කෙල්ලට කියන්නෙත් මම ඔයාට විතරයි හැමදාම ආදරෙයි කියල.. (අවංකවම කියන්නෙ)
    මේ ආත්මෙ තව කෙනෙක්ට ආදරේ වෙලා. (එයාටත් ඒ වගේ පොරොන්දු වෙලා ඇති)
    අවංකවම කෙනෙක්ට ආදරේ කරන අය වෙන කෙනෙක් ගැන හිතන්නෙ නෑ.. ඒ තැන වෙනකෙනෙකුට දෙන්ඩ කැමතිත් නෑ..
    ඔහොම වුණොත් කොච්චර දුකක් ඇති වෙයිද ?
    ආදරවන්තිය විතරක් නෙමේ, පවුලෙ අනිත් අය ගැනත් එහෙමනෙ...