මතට තිත තිතට මත වේද?

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පුද්ගලික මට අදාල නොවුනත්,මම නං ලිපිය කියෙව්වා.යම් කරුනු විවාදාත්මක වුවත් ගත හැකි යම් දෙයක් තියනවා.ඒ ලිපියෙන් හුවා දක්වන්නේ,සමාජය තුල ඇති නැති පරතරය වැඩි කරමින් පන්ති වෛරයක් ගොඩනැඟීමට මේ හරසුන් නීති ඉවහල්ව ඇති බවයි.ආගමික පැත්තට නොයා ,සමාජයේ ඉහළ ස්ථරයට එක නීතියකුත් පහළ පංතියේ මිනිසුන්ට තව අයුරකිනුත් සලකන්නේ මන්ද යන ගැටලුවත් මෙතන තියනවා.ඉහල පංතිය තරු හෝටල් වල බාල් නටද්දී සාමාන්‍ය ජනයා හංදියක් ගානේ බාර් තියාගෙන මතට තිතක් තියන්නට පෙළඹේද?කල යුත්තේ එතනට නොයන තැනට මිනිසුන්ගේ මනස හැදීමයි
    උපුටා ගැනීම්
    චෞරයාට පිරිත් නූල් බදිමින් පුරවැසියාට බ්‍රහ්ම දන්ඩනය පැනවීමට කැස කැවීමයි. රටට අවශ්‍ය පාලකයාට මෙන්ම සාමාන්‍ය පුරවැසියාටද එකම දහම දෙසනා වරදෙහිදී එකම විනය දන්ඩනයට යෝජනා කරනා විචාරශීලී බුද්ධ පරම්පරාවකි.
    සත්‍යකි. මේ කිසිම ‍හේතුවක් මත මත්පැන් පානය සාධාරණීය කරනය කිරීම නොහැකි බව රහසක් නොවේ. එහෙත් රෝගයේ නිධානයට බෙහෙත් නොකර පිටතින් කෙරෙනා තෙල් සාත්තු ඵල රහිත බව අප හාමුදුරුවන් වහන්සේලා දැන ගනිත්වා.

    මිනිසුන්ගේ මනස හැදීමයි

    ow ANiwareyenam ema minihek gema yutukama meka:):)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    නියමයිනේ, තමා නායකත්වය දෙන පක්ශයක වැඩ පිලිවෙල පිලිගෙන පසුව ප්‍රසිද්ධියේ එය කඩන ජන-නායකයාට තම විරෝධය නොපා ඒ වැඩය අනුමත කරන මේධානන්ද හාමුදුරුවෝ බෞද්ධයනුත්, සංඝ පරපුරත් විහිලුවකට ලක්කරනවා නේද?

    දැන් ඔය චීන අවන්හල් වල බොන මල්ලිලාට "මල්ලි බොන්න එපා" කිව්වොත් මොකක් අහගන්න පුලුවන්ද?

    "ලොක්කන්ටයි ගෝලයින්ටයි හිල්ටන් එකේ බොන්න පුළුවන්, අපිට තමයි බැරි, අපිටත් හිල්ටන් එකේ බොන්න සල්ලි තිබ්බනම් මෙදානන්ද හාමුදූවෝ කියයි ඒකට කමක් නෑ කියලා..."

    posting with Point elazz:):):rofl::rofl::)
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    නියමයිනේ, තමා නායකත්වය දෙන පක්ශයක වැඩ පිලිවෙල පිලිගෙන පසුව ප්‍රසිද්ධියේ එය කඩන ජන-නායකයාට තම විරෝධය නොපා ඒ වැඩය අනුමත කරන මේධානන්ද හාමුදුරුවෝ බෞද්ධයනුත්, සංඝ පරපුරත් විහිලුවකට ලක්කරනවා නේද

    උඹ හැම දෙයක්ම ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන දේශපාලනය කිරීම මට පේන්නෙ උන්මත්තක ක්‍රියාවක් විදියට

    දැන් ඔය චීන අවන්හල් වල බොන මල්ලිලාට "මල්ලි බොන්න එපා" කිව්වොත් මොකක් අහගන්න පුලුවන්ද?
    අහගන්න වෙන එක ප්‍රශ්නයක් නොවෙන්නෙ කවුරුවත් එහෙම අහන්න නොයන නිසා.

    makka_makka;6389554" said:
    ලොක්කන්ටයි ගෝලයින්ටයි හිල්ටන් එකේ බොන්න පුළුවන්, අපිට තමයි බැරි, අපිටත් හිල්ටන් එකේ බොන්න සල්ලි තිබ්බනම් මෙදානන්ද හාමුදූවෝ කියයි ඒකට කමක් නෑ කියලා..."
    ප්‍රශ්නයට අදාළ නොවන නිසා මට පිළිතුරක් නෑ
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ow oba hari yaaluwa:) but taama me pette nam hawasata kaanu dige badagahagena inna pirisam taama innawa:baffled:

    මගේ තර්කය වුණේ මෙය ප්‍රායෝගික වැඩපිළිවෙලක් කියන එක.
    මේ වැඩපිළිවෙලේ එක අංගයක් වන නීති රීති විතරක් ගැන හිතල වැඩපිළිවෙල අසාර්ථකයි කියල පෙන්නන එක වැරදියි.
    ප්‍රසිද්ධ ස්ථාන වල දුම් බොන එක තහනම් කිරීම, අළුතෙන් මත්පැන් බලපත්‍ර නිකුත් නොකිරීම නිසා මත්පැන් හා දුම්වැටි භාවිතය අඩුවෙලා කියන එක පිළිගන්න වෙනවා.
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මතට තිත කියල කියන්නෙ මත් පැන් තහනම් කිරීම නෙමේ. මේක ප්‍රායෝගික වැඩපිළිවෙලක්. නීති ගෙන ඒම පමණක් මෙයට අදාල නෑ. දැනුවත් කිරීමේ වැඩ සටහන් හා වැඩමුළුත් මෙයට ඇතුලත්.

    මේ යෝජනාව කළේ ජාතික හෙළ උරුමය විසින්. මත්පැන් රටේ ආර්ථික වගේම සංස්කෘතික දියුණුවට ප්‍රධාන බාධාවක් ලෙස හඳුනාගැනීම නිසා තමා මේ වැඩපිළිවල යෝජනා වුණේ.

    ගම් ‍ප්‍රදේශ වල ඉඳන් එළ‍කිරි එක්ක සම්බන්ධ වෙන අය හොඳටම දන්නව ඇති චීන අවන්හල් හැම තැනම ව්‍යාප්ත වීම නිසා කොච්චට තරුණ පිරිසක් මතට ඇබ්බැහි වෙනවද කියල. අළුතෙන් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම නැවැත්වීම මගින් අඩුවෙන්නේ පුද්ගලයෙකුට මත්පැන් මිලදී ගැනීම වඩා පහසු කිරීම නවතාලීම. උදාහරණයක් හැටියට ගෙවල් ළඟම තැබෑරුමක් තියනවනම් ඒ ගෙදර පුද්ලයා මත් පැනට යොමු වීම වැඩියි.

    අනික හොර මත්පැන් විකුණන තැන් දැන් අඩු වෙලා. අපේ ගමේ ‍කස්ප්පු තිප්පොළවල් දෙකක් තිබ්බා. දැන් ඒ දෙකම වැහිලා. ඒකෙන් හැමදාම හවසට කානු දිගේ බඩගාන පිරිස දැන් අඩු වෙලා

    මචන් මම ගෙදර එන්නෙ කොළඹ නුවර පා‍ර පහුකරන් පොඩ්ඩක් හොයල බලපන් පුලුවන් නම් මේ පැත්තෙ 2004ට පස්සෙ අලුත් බාර්, රෙස්ටුරන්‍ට් කීයක් ඇරුනද කියල
    බොරු කියන්න ඕනෙ නෑ මාත් අමද්‍යප ‍නෑ හැබැයි මචන් බොන්න එපා කිය කිය බේගල් ඇද ඇද බොරුවට ඇඩ් දදා හවසට මාලිගාවට වෙලා කන පැලෙන්න ගහන අමාද්‍යයප බුවාලට වඩා බීල කාණුවෙ වැටිල ඉන්න මිනිහට මම ගරු කරනව!!!
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මගේ තර්කය වුණේ මෙය ප්‍රායෝගික වැඩපිළිවෙලක් කියන එක.
    මේ වැඩපිළිවෙලේ එක අංගයක් වන නීති රීති විතරක් ගැන හිතල වැඩපිළිවෙල අසාර්ථකයි කියල පෙන්නන එක වැරදියි.
    ප්‍රසිද්ධ ස්ථාන වල දුම් බොන එක තහනම් කිරීම, අළුතෙන් මත්පැන් බලපත්‍ර නිකුත් නොකිරීම නිසා මත්පැන් හා දුම්වැටි භාවිතය අඩුවෙලා කියන එක පිළිගන්න වෙනවා.

    Ne Yaaaluwa oba weradiy oya ekakwath adu wela ne he:no: Mama badulla area eke innay poddak me pettata enna balanna prasidda pot walatah taama sigrate ema bonawa:oo:madiwata me bar shops pirila:baffled:

    Oya cmb da innay? e pette nam khomada danne ne:)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මචන් මම ගෙදර එන්නෙ කොළඹ නුවර පා‍ර පහුකරන් පොඩ්ඩක් හොයල බලපන් පුලුවන් නම් මේ පැත්තෙ 2004ට පස්සෙ අලුත් බාර්, රෙස්ටුරන්‍ට් කීයක් ඇරුනද කියල
    බොරු කියන්න ඕනෙ නෑ මාත් අමද්‍යප ‍නෑ හැබැයි මචන් බොන්න එපා කිය කිය බේගල් ඇද ඇද බොරුවට ඇඩ් දදා හවසට මාලිගාවට වෙලා කන පැලෙන්න ගහන අමාද්‍යයප බුවාලට වඩා බීල කාණුවෙ වැටිල ඉන්න මිනිහට මම ගරු කරනව!!!

    ANiwa machan enna enna bar shops pirila:baffled:apita yannath ne oya kiyanne mama inna shop eke gaawath bar ekak tiyanawa yana yana tena bar shop:dull::(ettatama kanagaatui:(
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මචන් මම ගෙදර එන්නෙ කොළඹ නුවර පා‍ර පහුකරන් පොඩ්ඩක් හොයල බලපන් පුලුවන් නම් මේ පැත්තෙ 2004ට පස්සෙ අලුත් බාර්, රෙස්ටුරන්‍ට් කීයක් ඇරුනද කියල
    බොරු කියන්න ඕනෙ නෑ මාත් අමද්‍යප ‍නෑ හැබැයි මචන් බොන්න එපා කිය කිය බේගල් ඇද ඇද බොරුවට ඇඩ් දදා හවසට මාලිගාවට වෙලා කන පැලෙන්න ගහන අමාද්‍යයප බුවාලට වඩා බීල කාණුවෙ වැටිල ඉන්න මිනිහට මම ගරු කරනව!!!

    මමනම් දෙන්නටම ගරු කරන්නෙ නෑ.
    ඒත් මම මතු කරන්න හැදුවෙ මේ වැඩපිළිවෙලේ හොඳ පැත්තක් තියන බව. මීට කලින් එහෙම වැඩපිළිවෙලක් ති‍බ්බෙ නෑ.
    අපි ගමක ඉන්න දුප්පත් මිනිහෙක් බලමු. හුඟක් මිනිස්සු තමන්ගෙ ආදායමින් වැඩි හරියක් වෙන් කරන්නෙ මතට. ඒ‍ මුදල් කොහොමහරි ඒ මිනිහ ළඟ තියාගන්න සැලැස්වුවොත් ආර්ථික වශයෙන් ඒ මිනිහට ඒක වාසියක්
    හැම දේකම වැරදි පැත්ත විතරක් නොදැක සුබවාදීව හිතන්න පුරුදු වෙමු. ඔබ ජීවත් වන පරිසරය ගැන මම දන්නෙ නෑ. ඒත මම ජීවත් වන පරිසරයේ සැලකිය යුතු වෙනසක් සිදුවී තිබෙනවා.
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    Ne Yaaaluwa oba weradiy oya ekakwath adu wela ne he:no: Mama badulla area eke innay poddak me pettata enna balanna prasidda pot walatah taama sigrate ema bonawa:oo:madiwata me bar shops pirila:baffled:

    Oya cmb da innay? e pette nam khomada danne ne:)

    හැමදෙයක්ම එක පාරටම අනිත් පැත්ත හරවන්න අමාරුයි. ප්‍රසිද්ධ ස්ථාන වල දුම් බීම තහනම් කරන නීතිය ගෙන ඒම තමා මතට තිත වැඩසටහනෙන් කළේ. එය නිසි ලෙස ක්‍රියාත්මක නොවෙනවානම් එය පොලීසියේ හා වැරදි දේ සඳහා විරුද්ධ නොවන සමාජයේ දුර්වලකම
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මමනම් දෙන්නටම ගරු කරන්නෙ නෑ.
    ඒත් මම මතු කරන්න හැදුවෙ මේ වැඩපිළිවෙලේ හොඳ පැත්තක් තියන බව. මීට කලින් එහෙම වැඩපිළිවෙලක් ති‍බ්බෙ නෑ.
    අපි ගමක ඉන්න දුප්පත් මිනිහෙක් බලමු. හුඟක් මිනිස්සු තමන්ගෙ ආදායමින් වැඩි හරියක් වෙන් කරන්නෙ මතට. ඒ‍ මුදල් කොහොමහරි ඒ මිනිහ ළඟ තියාගන්න සැලැස්වුවොත් ආර්ථික වශයෙන් ඒ මිනිහට ඒක වාසියක්
    හැම දේකම වැරදි පැත්ත විතරක් නොදැක සුබවාදීව හිතන්න පුරුදු වෙමු. ඔබ ජීවත් වන පරිසරය ගැන මම දන්නෙ නෑ. ඒත මම ජීවත් වන පරිසරයේ සැලකිය යුතු වෙනසක් සිදුවී තිබෙනවා.

    ආර්ථික වශයෙන් මිනිහට වාසි දෙන්න මතට තිත ක්‍රියාත්මක කරා කියන්නෙ කොච්චර බොළද සිතිවිල්ලක්ද?
    මචන් සියල්ලම දෙස සුභ වාදීව බැලීම ධනාත්මක චින්තනයෙ එන ප්‍රබල න්‍යායක්. හැබැයි මචන් ඇත්ත ඇතිසැටියෙන් දැකීම කියන්නෙ ඔය ධනාත්මක චින්තනය එන්න කලින් බුද්ධාගමෙ පවා පිළිගැනෙන කරුණක් . ධනාත්මක චින්තනයෙන් දකින හීන වලට වඩා ඇත්ත දැනගෙන පොළවෙ පයගහල ජීවත් වෙන එක තමා නුවණට හුරු
    උඹ ජීවත් වෙන ගම්පළාතට මතට තිතෙන් සුභසිද්ධියක් වුනා නම් ඒක හොදයි හැබැයි මචන් පොඩ්ඩක් හිතපන් ළගදි මේධානන්ද හාමුදුරුවො කරපු පරස්පර විරෝධි ප්‍රකාශයත් එක්ක මතට තිත හින්ද මතට තිත තිබ්බ මිනිහගෙ අපේකෂාවන් ක‍ඩා වැටෙන්නෙ නැද්ද?
    අපි ඔක්කොම පෘතග්ජන මිනිස්සු , බහුතරයකට එක අරමුණක ඉන්න අමාරුයි
    ඉතින් අර ප්‍රකාශයි අරලිය ගහ මන්දිරේ මතට තිත තියෙන හැටියි දැනගත්ත අර මම කලින් කියපු ජාතියෙ මිනිස්සු කබලෙන් ලිපට වැටෙන්න තියෙන අවධානම වැඩි නැද්ද?
     
    නෑ මචං මේක බොළඳ වැඩපිළිවෙලක් නෙමේ. මතට තිත තැබීමෙන් ගමෙන් පිටට ඇදිල යන විශාල මුදල් ප්‍රමාණයක් නවතාගන්න පුළුවන්.

    මේධානන්ද හාමුදුරුවන් පිළිබඳ උමේ තර්කයට මම එකඟයි. හාමුදුරුවන්ට ගැළපෙන ප්‍රකාශයක් නෙමෙයි ඒක
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උඹ හැම දෙයක්ම ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන දේශපාලනය කිරීම මට පේන්නෙ උන්මත්තක ක්‍රියාවක් විදියට

    ධර්මරාජ්‍යක් බිහිකරන්න උපාසක අම්මලාගෙන් චන්දෙ කොල්ලකාලා,දැන් පන්සිල් කඩන එකත් අනුමත කරන හෙල උරුම සංඝරත්නය ඊට වඩා උන්මත්තකයි කියලා හිතෙන්නෙම නැද්ද?

    ඇත්ත කීම එක්කෝ විදේශ කුමණ්ත්‍රණයකි, නැතහොත් උන්මත්තක කමකි.

    ජනතාවට තියෙන්නේ උන් බොනකොට කමක් කෑ, මතට තිත නිසා අපි බෙන්නේ නෑ කියලා ඉන්න වෙන්න ඇති.

    "ඔවාදෙනු පරහට තමා සම්මතයේ පිහිටා" කියන එක හතලිස් වසරක සංවේදී නායකයාති එල්ලාවල හාමුදුරුවෝත් දන්නෙම නැතුව ඇති

    අහගන්න වෙන එක ප්‍රශ්නයක් නොවෙන්නෙ කවුරුවත් එහෙම අහන්න නොයන නිසා.

    ඔවු අහන්න ගියොත් කන්නනෙ වෙන්නෙ රිඹ යන්න:lol:

    ප්‍රශ්නයට අදාළ නොවන නිසා මට පිළිතුරක් නෑ

    ඔව් අදාලවෙන්නෙ කොහොමද මේධානන්ද හාමුදුරුවෝ හෙල උරුමෙ නෙමෙයිනෙ.:P
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ධර්මරාජ්‍යක් බිහිකරන්න උපාසක අම්මලාගෙන් චන්දෙ කොල්ලකාලා,දැන් පන්සිල් කඩන එකත් අනුමත කරන හෙල උරුම සංඝරත්නය ඊට වඩා උන්මත්තකයි කියලා හිතෙන්නෙම නැද්ද?

    ඇත්ත කීම එක්කෝ විදේශ කුමණ්ත්‍රණයකි, නැතහොත් උන්මත්තක කමකි.

    ජනතාවට තියෙන්නේ උන් බොනකොට කමක් කෑ, මතට තිත නිසා අපි බෙන්නේ නෑ කියලා ඉන්න වෙන්න ඇති.

    "ඔවාදෙනු පරහට තමා සම්මතයේ පිහිටා" කියන එක හතලිස් වසරක සංවේදී නායකයාති එල්ලාවල හාමුදුරුවෝත් දන්නෙම නැතුව ඇති

    ඔවු අහන්න ගියොත් කන්නනෙ වෙන්නෙ රිඹ යන්න:lol:

    ඔව් අදාලවෙන්නෙ කොහොමද මේධානන්ද හාමුදුරුවෝ හෙල උරුමෙ නෙමෙයිනෙ.:P
    හෙළ උරුමය ඡන්දය කොල්ලකෑවනම් අනිත් මහත්තුරු කළෙත් ඒකයි.

    මම මතුකළ තර්කය වුණේ චයිනීස් වලට යන අය ගාවට ගිහින් බොන්න එපා කියන වැඩපිළිවෙලක් මතට තිත වැඩපිළිවෙලේ නෑ කියන එකයි.

    මේධානන්ද හාමුදු‍රුවො මත්පැන් පාවිච්චි කරන බවක් මම දන්නෙ නෑ. ඒත් මම කලින් කීව වගේ හාමුදුරුවන්ගෙ ඒ ප්‍රකාශය වගෙම අරලියගහ මන්දිරේ මත්පැන් ‍දීමත් වැරදියි. ඒකෙන් මේ වැඩසටහනට වෙන්නෙ හානියක්
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හැමදෙයක්ම එක පාරටම අනිත් පැත්ත හරවන්න අමාරුයි. ප්‍රසිද්ධ ස්ථාන වල දුම් බීම තහනම් කරන නීතිය ගෙන ඒම තමා මතට තිත වැඩසටහනෙන් කළේ. එය නිසි ලෙස ක්‍රියාත්මක නොවෙනවානම් එය පොලීසියේ හා වැරදි දේ සඳහා විරුද්ධ නොවන සමාජයේ දුර්වලකම

    eyala witarak weradi kiyanna be mekata Anduwath sambanaday:)

    :nerd:

    mathata thitha thiyanne ai?
    mama kemathi na ekata... :)

    Kolla bonawa wage:rofl:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඒ සයිට් එක පැත්තකට දාන්නකො,

    රටේ නායකතුමා ගෝලයින්ට බොන්නට දීලා, රටට බොන්න එපා කියලා වැඩසටහන් දානකොට, මිනිස්සු නායකයා ගැන ඇති විස්වාසයට මොකද වෙන්නේ?

    මහිද රාජපක්ස මහත්මයා පිළිබඳ ඇති ජනතා විස්වාසය බරපතල ලෙස සෝදාපාලුවෙලා තියෙනවද නැද්ද?

    අවංකව කියන්න : ඔබ රාජපක්ස ජනපතිතුමා කියන දේවල්වලින් කොච්චර ප්‍රතිශතයක් විස්වාස කරනවාද?

    මැක්කෝ හැම උලව්වකටම නොදන්න දේශපාලනේ ඇදගන්නේ නැතුව හි‍ටු. අන්තිමට උබේ ගෑනිට බබා හම්බුනාමත් ඒකටත් ආණ්ඩුව පලි කියාවි. මේ සිරාජයා මීට කලිනුත් මේ වගේ වැඩ කරලා තියෙනවා. ඒක දන්නේ නැත්නම් හොයලා බලන්න. තමන්ට ඕන නම් බොන්න, තමන්ට ඕන නැත්නම් බොන්නේ නැතුව ඉන්න, ආණ්ඩුව කියනකං බීම නවත්තන්න ඉන්නවා කියන්නේ මහ ජෝක් එකක් නේ. ප්‍රතිපත්තියක් විදියට රටේ බාර් අඩු වෙන එක හොදයි. ඒත් බොන එකා කඩේ විකුනන්න නැත්නම් පෙරාගෙන හරි බොනවා. මතට තිත කියන්නේ නීති පොතක් නෙවෙයි. වැඩපිලිවෙලක් නේ. කැමති කෙනෙක් කැමතිවිදියට අනුගමනය කරපුවාවේ. කාට හරි ඇත්තටම බීම නවත්තන්න ඕන නම් මතට කොමාවක් තිබුනත් නොබී ඉදීවි.:rolleyes::rolleyes::rolleyes:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    හපොයි ඇයි එච්චර බරපතල වැඩ කරන්නේ?
    බාර් ටිකක් වහලා දැම්මොත්? හොර කසිප්පු ව්‍යාපාරය විනාශ කරලා දැම්මොත්?
    තිත කෙසේවෙතත් අඩුවෙන්නේ නැද්ද?
    වන්දිභට්ටයින්ට හිල්ටන් එකේ බොන්න දෙනකොට, හාමුදුරුවරු, බෞද්ධයයි පක්ශ කියාගන්න ඒවා අනුමත කරනකොට තිත තියන්නේ "නොබීමට" නේද.
    දැන් කියයි මඩ කියලා.:P

    දේශපාලනයයි ආගමයි පටලව ගන්න එපා. මේක අරාබිය නෙවෙයි ආගමෙන් රට පාලනය කරන්න.මේ සිරාජයාට ලිපියක් දාන්න ඔච්චර කැහිල්ලක් තියෙනවා නම් තමන් හිතලා දාන්න තිබුනා නේ. ඔයා හිතන විදියට එක පාරටම දේවල් වෙනස් කොරන්න බෑ. මිනිස්සුන්ගේ ඇබ්බැහිකම් , පුරුදු නවත්තන්න කල් ගත වෙනවා. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි
    කියන්නේ නිකමට නෙවෙයි නේ. මතට තිත හරියට ක්‍රියාත්මක නොවුනත් ඒකේ යම් සැලකියයුතු වෙනසක් ඇති වෙලා තියෙනවා, ඉස්සර බස් එකක යන්න බැ,මොකෙක්හරි ගෝතයෙක් සික‍රැට් බොනවා, බෙබේලා වැනි වැනී ඉන්නවා. දැන් ටිකක් ඒ කේස් අඩුයි. තමන්ගේ පුරුදු වලට පහර වැදුනත් රටට හොදක් වෙනවා නම් ඒ දේ කරන්න ඕන. කිං හොරෙන් බිබී හරි මතට තිත ක්‍රියාත්මක කරනව නම් හොදයි. අපේ ගේ ලග බාර් එකක් දැම්මොත් ඒකේ බොන්නේ කිං සහ ගැන්සිය නෙවෙයි නේ. කිං මොන හෝටලේ බිව්වත් අපිට මොකද? අපේ පැත්තේ බේබද්දොන්ට බොන්න විදියක් නැති වුනොත් එච්චරයි අපිට ඕන

    ඔයා කියන විදියට චයිනීස් රෙස්‍ටුරන්ට් ලග මල්ලිලා පොර ටෝක් දෙන්න ආවොත් ලග පාත ඉන්න පොලිස් අංකල්ලා කලගුණ සලකාවි.අනිත් එක බේබද්දෝ එක්ක ධර්ම දේශනා කොරන්න යන මඡ්ඡං ඩයල් අපේ පැත්තේ නම් නෑ:P:P:P

    අන්තිමට කියන්න තියෙන්නේ, මතට තිත හෝ මොනයම් වැඩපිලිවෙලවල්, දැනුවත් කිරීම් නිසා, අපේ පැත්තේ මගේ පරම්පරාවේ ( අවුරුදු 22 -26 ) අය අතර බොන අය ගොඩක්ම අඩුයි. දැනුවත්කිරීම් දිගටම කරගෙන ගියොත් සේරම අය නොබොන අය කරගන්න පුලුවන් වෙයි(අමාරු ඉලක්කයක්). අපි කවුරුවත් උපන්ගෙයි බේබද්දෝ නෙවෙයි නේ. යම් යම් වයස් සීමාවලදී
    පෙලඹවීම්, ආසාවන් නිසා බීමට යොමු වෙන අය නේ පහු කාලේ බේබද්දෝ වෙන්නේ. මේක නවත්තන්න නම් පාටියකදි බිව්වට කමක් නෑ , එතකොට මනස පැහැදිලි වෙනවා වගේ ගොං කතා නොකියා තමන් හොරෙන් බිබී හරි අනිත් එවුන් බොන එක නවත්තන එක වත් කොරන එක ලොකු දෙයක්:baffled::baffled::baffled:
     
    Similar threads