මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?

Vote


  • Total voters
    672
  • Poll closed .

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මත්තලට ගොඩ බාන්න ගිය 'ශ්‍රී ලන්කන් එයාර්' පරීක‍ෂණ යානය අනූ නවයෙන් බේරේ--------

    මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල වෙත පරීක්ෂණ මෙහෙයුමක් සඳහා පියාසර කල 'ශ්‍රී ලන්කන් එයාර්' ගුවන් යානයක් මත්තල ඉහල ගුවනේදී අනූ නවයෙන් බේරී ඇතැයි වාර්තාවේ.

    පියාසර කරමින් සිටි කුරුළු රංචුවක් ගුවන් යානයේ ඉදිරිපස ගැටී ඇති අතර, එහිදී සිදුවීමට ගිය අනතුර වලක්වාගැනීමට ගුවන් නියමු තේවින්ද යහම්පත් මහතාට බලවත් වෙහෙසක් දැරීමට සිදුව ඇත. කෙසේ වුවද සිදුවීමට ගිය අනතුර වලක්වා ගැනීමට ගුවන් නියමුවා සමත්ව ඇත. කුරුළු රංචුව යානයේ ටර්බයින් ඇතුලට වැදුනා නම් අනතුරක් සිදුවීම වළකා ලිය නොහැක.

    නිරන්තරයෙන් සතුන් ගැවසෙන අභය භූමි ප්‍රදේශයක පිහිටි මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා බැස්සවීමේදී හා නැග්ගවීමේදී මෙවැනි අනතුරු වලට ඉලක්ක වීමේ අවධානමක් පවතින බව 'ශ්‍රී ලන්කන්' ගුවන් සමාගමේ ප්‍රධානියකු පැවසීය.

    මෙසේ කුරුළු රංචු නිතර ගැවසෙන ගුවන් තොටුපොල වෙත ජාත්‍යන්තර ආරක්ෂන සහතිකයක් දෙන්නේ නැත. මත්තල ගුවන් තොටුපොලට එවැනි ජාත්‍යන්තර ආරක්ෂන සහතිකයක් මෙතෙක් ලබා දී නැත.

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොලක් ලෙස පිලිගත් බවට සහතිකයක් සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති රොහාන් දළුවත්ත විසින් මත්තල ගුවන් තොටේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරියට බාර දෙන අවස්ථාවකට අද ආණ්ඩුව විසින් මහත් ප්‍රචාරයක් ලබා දී තිබේ. මෙම සහතිකය අවිනිශ්චිත සහතිකයකි. මන්ද යත් මෙය සහතික ලබා දිය යුතු 'ජාත්‍යන්තර ගුවන් ගමන් සංගමය' හෙවත් 'අයිඒටීඒ' විසින් ලබා දුන් එකක් නොවන නිසාය. අනෙක් අතට 18 දා විවෘත කෙරෙන ගුවන් තොටුපොලකට සහතික දෙන්නේ 15 වෙනිදා ද?

    මත්තල ගුවන් තොටුපලට යන මාර්ගයේදී වල් අලියකු පහරදීමෙන් පෙරේදා (13) පුද්ගලයකු ජිවිතක්ෂයට පත්වූ අතර, ඊට පිළියමක් ලෙස ගුවන් තොටුපල වටා 'විදුලි වැටක්' ඉදි කිරීමට බලධාරීන් තීරණය කර ඇත. එහෙත් පියාඹන කුරුල්ලන්ගෙන් ගුවන් යානා වලට විය හැකි අනතුරු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැත. ගුවන් තොටුපොලක් වටා විදුලි වැටක් ගැසීමද ජාත්‍යන්තර ආරක්ෂණ සහතිකයක් ලබා ගැනීමට බාධාවක් වනු ඇත. මන්ද යත් හදිසි තත්ත්වයකදී විදුලි වැටකින් අනතුරු දායක තත්ත්වය දෙගුණ තෙගුණ වන නිසාවෙනි.

    http://mirror.lk/news/5917-srilankan-flight-has-narrow
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    420036_10151494938898641_1482357253_n.jpg


    :P:P:P:P
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේකේ වටිනාකම රට ඇතුලේ අයටනම් සතපහකවත් වටිනාකමක් නෑ, හේතුව ඉතින් තේරෙනවනේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ, හැබැයි රටෙන් එතෙර ඉන්න අයට වටිනවා මොකද, මේකට ෆ්ලයිට් එකක් ආවොත් ඉතින් දකුණේ අයට ඉක්මානින් ගෙදර යන්න වගේම ගමන් වියදමත් ඉතුරු කරගන්න පුළුවන්, රට ඉදන් එන කෙනුකුට වැන් එකක් කටුනායකින් හයර් කරනවට වඩා ලාබ වෙන එක තමයි වෙන්නේ. ගොඩක් කාලේ ඉතුරු කරගන්නත් පුළුවන් වේවි, මොකද දුර රටක ඉදන් එන වෙලාවට වඩා ලොකු කාලයක් ලංකාවේ ඇතුලේ ගමන් කරන්න කාලය වැය වෙන නිසා, හැබැයි උතුරුපලාතටත් මෙවැනිම යමක් ඉදිඋනානම් අගනේය. එත් ඉතින් දැන් ඔක්කොම දකුනටනේ. ලංකාව තුල ගමනාගමන පහසුකම් ඉහල තත්වයකට ගෙන ආ යුතුය. වෙන රටක සිට පැය 5ක් ගත කල එන අයෙක් ලංකාව තුල පය 5ක් ගමන් කර තමන්ගේ නිවසට යෑම කොතරම් කනගටුදයකද :rolleyes::rolleyes:

    oya kiyana tharam lankawata planes enawanam kamak na
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ලෝකෙ තියෙන ලොකුම Airline එකක් වන Qatar Airways එකත් ගිය අවුරුද්දෙ 2 Billions පාඩු ලැබුව. වැඩිම cost එකක් යන්නෙ ඉන්ධන වලට. ඒක මුළු cost එකෙන් 40%ක්. Qatar කියන්නෙ ලෝකෙ ලොකුම ගෑස් නිශ්පාදකයා වගේම බොර තෙල් නිශ්පාදකයෙක්. එහෙම එකේ එයාලට තරම් ලාබෙට Plane වලට තෙල් ගහගන්න රටක් වෙන කොහෙද? එහෙම එකෙත් ගිය අවුරුද්දෙ 2 Billions පාඩුවක් ලැබුව නම් Sri Lankan Air Line, Mihin Air ගැන කවර කතාද? එච්චර පාඩුවක් දරාගෙන නිකන් බොරුවට හිස් Plane මත්තලට ගියාම එයාලගෙ ලාභ වැඩි වෙයි ද?

    අපි මේ මොනව කතා කලත් මහරජාට ඒක තෙරුම් ගන්න මොලයක් නෑ. එයගෙ එකම අරමුන හම්බන්තොටට airport එකක්.
     
    Last edited:

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    මම මේ සිදුවීම දකින්නේ හොඳ විදියට. මම මෙහෙම උදාහරණයක්‌ දෙන්නම්: මම අඳුරන කෙනෙක් ඒ පළාතේ ඉන්නවා එගොලොන්ගේ ලොකු ඉඩමක් ලඟදී සුද්දෙක් බද්දට අරන් නව තාක්ෂනය භාවිතයෙන් එළවලු පලතුරු වවල. මම ඒ සුද්දත් එක්ක අදහස් හුවමාරු කරගත්තා. එයා කියන පරිදි එයා මේ සැරසෙන්නේ හම්බන්තොට ඉඳං ලෝකයට එළවලු යවන්න. ඇයි අපිට මේවා කරන්න බැරි? තාක්ෂනය , නය පහසුකම් තිබෙනවා එහෙත් අපේ රටේ අය බොහොම බයයි අලුත් දෙයක් කරන්න. එකට උදාහරණයක් ගමු: අපිට hybrid වාහන ගන්න අවස්ථාව අපු වෙලාවේ අපේ කීයෙන් කී දෙනාද ගත්තේ? ඒ වගේම අපේ කඩ දාන රටාව බලන්න. ඔන්න මම නගරයේ අවන්හලක් පටන් ගත්තා කියන්න. දින කීපයකින් තවත් එවැනිම එකක් පටන් ගනීවි. මේ ගැනත් ටිකක් හිතමු. මගේ අදහසක් පමණි. පක්ෂ , ජාති , ආගම් භේද මගේ ළඟ නැහැ. විවේචනයට ඔබට ඕනි තරම් ඉඩ තිබේ. සුබ දවසක්!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp මෝඩයන්ගෙ ඇහේ කටු අයිනව වගේනෙ යකෝ මේක, තු විතරක් මෙහෙමත් සක්කිලි රැලක්.:P:P
    බොලා දැනගනියවූ බල්ලො බිරුවට කදු පත්වෙන්නේ නැ කියල,:P:P
    ඒවගේ තමයි
    බොලා කොච්චර කියෙවුවත් මත්තල සාර්ථකයි.... :yes::cool: එක හින්ද ලබන ජනාධිපතිවරණෙ ඇති සාර්ථකයි....:cool: කොහොමද unp ගොබ්බයන්ගෙ කෑම,අති විශිෂ්ටයි... :lol::lol::lol::lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    unp මෝඩයන්ගෙ ඇහේ කටු අයිනව වගේනෙ යකෝ මේක, තු විතරක් මෙහෙමත් සක්කිලි රැලක්.:P:P
    බොලා දැනගනියවූ බල්ලො බිරුවට කදු පත්වෙන්නේ නැ කියල,:P:P
    ඒවගේ තමයි
    බොලා කොච්චර කියෙවුවත් මත්තල සාර්ථකයි.... :yes::cool: එක හින්ද ලබන ජනාධිපතිවරණෙ ඇති සාර්ථකයි....:cool: කොහොමද unp ගොබ්බයන්ගෙ කෑම,අති විශිෂ්ටයි... :lol::lol::lol::lol:
    අපි දැනට එයාපෝට් යන්නෙ කැබ් එකට 5800ක් වගේ ගෙවල 15000 විතර ගෙවල දුර කතර ගෙවාගෙන මත්තලටම යන්න උනොත් මක්කැයි කොරන්නෙ බන්?:(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අපි දැනට එයාපෝට් යන්නෙ කැබ් එකට 5800ක් වගේ ගෙවල 15000 විතර ගෙවල දුර කතර ගෙවාගෙන මත්තලටම යන්න උනොත් මක්කැයි කොරන්නෙ බන්?:(

    ටිකක් ඉක්මනට පලයල්ලා හික්කඩුවෙන් කොරල් පරත් බලාගෙන ගාලු කොටුවත් වැදලා මත්තල ගිහින් කතරගම යාලත් ගිහින් එන්න පුලුවන්නෙ ඔනනම් තව 2500 වැඩියෙන් යයි පාඩුද කියපන් ඉතින් කතරගම යන එක උබලට ඔනනම් යාල සිතුල් පවුව යන්නත් පුලුවන්:rofl:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ටිකක් ඉක්මනට පලයල්ලා හික්කඩුවෙන් කොරල් පරත් බලාගෙන ගාලු කොටුවත් වැදලා මත්තල ගිහින් කතරගම යාලත් ගිහින් එන්න පුලුවන්නෙ ඔනනම් තව 2500 වැඩියෙන් යයි පාඩුද කියපන් ඉතින් කතරගම යන එක උබලට ඔනනම් යාල සිතුල් පවුව යන්නත් පුලුවන්:rofl:
    අනේ හොඳා..දැන් එයාපෝට් යන එකත් ආතල් සහිත වන්ඳනා ගමනක් වගේ වෙයි..පුංචි රටක රට මැද වගේ ලොකු එයාපෝට් එකක් හැදුවනම් හැමෝටම පහසුයි කියල උන්ට තේරෙන්නෙ නැද්ද මන්ද..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනේ හොඳා..දැන් එයාපෝට් යන එකත් ආතල් සහිත වන්ඳනා ගමනක් වගේ වෙයි..පුංචි රටක රට මැද වගේ ලොකු එයාපෝට් එකක් හැදුවනම් හැමෝටම පහසුයි කියල උන්ට තේරෙන්නෙ නැද්ද මන්ද..

    නාමල් සර් හදනවා 2020 දි එතක්ම් ඉවසලා හිටපන්:angry: