අනිවා ....හැමදාම ගබඩා කරන්නේ නැති නිසා තමයි අවුල ..කවදා හරි මේක අපහු භාර ගන්නකොට වෙලා තියෙන හානිය වෙලා ඉවරයි ...මේ පාර මේ ප්‍රශ්නේ එන්න බලපාන හේතු දෙකයි බන් තියෙන්නේ..වී අස්වැන්න ලොකු වැඩිවීමක් උනේ නෑ
1 - වී වලට රු 50 සහතික මිල දුන්න එක නිසා කළු කඩ මිලට දුන්නේ නැතිව රජයටම දෙන්න අවා
2 - උඩ උන තත්වය ඇතිවෙයි කියලා අපේ වී අලෙවි මණ්ඩලයේ සහ අනෙක් ආයතන එකට සුදානම් වෙලා සැලසුම් සකස් කරලා නොතිබුන නිසා...
මම නම් හිතන්නේ ආර්ථික විද්‍යාව කරපු උසස් පෙළ ළමයෙක් උනත් දන්නවා සහතික මිලක් දුන්නම මොකද වෙන්නේ කියලා ..
තියෙන ගබඩා වල කලින් කන්නයේ තොග තාමත් තියාගෙන ඉන්නවා ..උබලට මතකට හාල් මිල ගියා රු 90 ට විතර ..ඒ කාලයේදීවත් මේ පරණ තොගය දැම්ම නම් වෙළදපොලට එහෙනම් හාල් මිලත් අඩුවෙනවා ...ගබඩා ටිකත් නිදහස් වෙනවා .....
ඔතන සහතික මිලක් දුන්නට .. ඒ සහතික මිලට වී අරගෙන නෑ කියල ගොවියෝ අඩු මිලට වී විකුනපු කතාවකුත් ගියා දැක්ක නිව්ස් වල .. කොහොම හරි සහතික මිල දුන්න නිසා නං නෙවෙයි රජයට වී ගබඩා කරන්න පහසුකම් නැති වෙලා තියෙන්නේ .. මේ පාර අස්වැන්න කොහොමත් වැඩියි
2016 වෙනකන් හොඳ අස්වැන්නක් ලැබිල තියෙනවා !2014 - 2015 මහ කන්නයේදී අපේ රටේ වී වගා කළ බිම් ප්‍රමාණය හෙක්ටයාර 802213 කි. එමඟින් ලැබුණු වී අස්වැන්න වී මෙට්‍රික් ටොන් මිලියන 2.6 කි. ඉන් ලැබුණු හාල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 1.67 ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමාජ ආර්ථික අංශයේ අධ්යක්ෂ ස්ටැන්ලි පෙරේරා මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන පරිදි 2015 යල කන්නයේ වී වගා කළ බිම් ප්‍රමාණය හෙක්ටයාර 502177 කි. ඉන් ලැබීමට ඉලක්කගත වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 1.93 ක් වේ. ඉන් හාල් මෙට්‍රික් ටොන් මිලියන 1.18 ක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.
මේ අනුව 2015 දී අපට ලැබෙන මුළු වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 2.85 කි. නමුත් ශ්‍රී ලංකාවට වසරකට අවශ්‍ය සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 2.27 ක් වේ. ඒ අනුව මේ වසරේ ලැබෙන සම්පූර්ණ වී අස්වැන්න අපට 2016 වසරේ අප්‍රේල් දක්වා භුක්ති විඳීමට ඉඩකඩ ඇතැයි කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් විජේකෝන් මහතා පවසයි.
සෝස් : http://www.silumina.lk/2015/08/30/_art.asp?fn=af1508301





