මත්තල යන්න බෑලූ
කටුනායක ගුවන්තොටුපොළේ නඩත්තු කාල සීමාවේදී මත්තල ගුවන්තොටුපොළ භාවිත කිරීමට කිසිදු ගුවන් සමාගමක් එකඟ නොවූ බව රජය පවසයි.
ගුවන් පථයේ නඩත්තුවක් හේතුවෙන් ජනවාරි 5 වන දා සිට අප්‍රේල් 5 වන දා දක්වා කටුනායක ගුවන්තොටුපොළ දිනකට පැය 8ක් වසා තැබෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.
එම කාල සීමාව තුළ විකල්පයක් ලෙස මත්තල ගුවන්තොටුපොළට පැමිණෙන ලෙස ගුවන් සමාගම්වලින් ඉල්ලීම් කළත් එම සියලු සමාගම් එය ප්‍රතික්ෂේප කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
පක්ෂීන් සංක්‍රමණය වන ප්‍රදේශයක මත්තල පිහිටා තිබීම, මෙලෙස ගුවන් සමාගම් මත්තල ගුවන්තොටුපොළ භාවිත කිරීමට එකඟ නොවීමට හේතු වී තිබේ.
පසුගිය කාලයේ පක්ෂීන් ගුවන් යානාවල ගැටීමෙන් යම් යම් ගැටලු ඇති වූ බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
Rate this item