මත්තල !!

ABACUS

Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    SriLankan flight has narrow escape in Mattala?


    Published on Friday, 15 March 2013 13:05


    maththala_360px.jpg


    A SriLankan airways plane which was on a test flight to Mattala yesterday (14) has had a narrow escape, reports say.​
    The plane had collided with a flight of birds but after had escaped any destructive mishap due to the efforts of
    pilot Thevinda Yahampath, reports add.​
    Speaking to ‘Mirror’, a bigwig of the SriLankan Airlines said that flights are prone to such accidents during take offs and
    touchdowns as the Mattala International Airport is located in a shrub area with a high animal and bird population.​
    Meanwhile, authorities have taken measures to enact a solar powered electric fence around the airport after a person
    travelling in the road to the airport died from an elephant attack.




    images




    මත්තලට ගොඩ බාන්න ගිය 'ශ්‍රී ලන්කන් එයාර්' පරීක‍ෂණ යානය අනූ නවයෙන් බේරේ--------

    මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල වෙත පරීක්ෂණ මෙහෙයුමක් සඳහා පියාසර කල 'ශ්‍රී ලන්කන් එයාර්'
    ගුවන් යානයක් මත්තල ඉහල ගුවනේදී අනූ නවයෙන් බේරී ඇතැයි වාර්තාවේ.

    පියාසර කරමින් සිටි කුරුළු රංචුවක් ගුවන් යානයේ ඉදිරිපස ගැටී ඇති අතර, එහිදී සිදුවීමට ගිය අනතුර
    වලක්වාගැනීමට ගුවන් නියමු තේවින්ද යහම්පත් මහතාට බලවත් වෙහෙසක් දැරීමට සිදුව ඇත.
    කෙසේ වුවද සිදුවීමට ගිය අනතුර වලක්වා ගැනීමට ගුවන් නියමුවා සමත්ව ඇත.
    කුරුළු රංචුව යානයේ ටර්බයින් ඇතුලට වැදුනා නම් අනතුරක් සිදුවීම වළකා ලිය නොහැක.

    නිරන්තරයෙන් සතුන් ගැවසෙන අභය භූමි ප්‍රදේශයක පිහිටි මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා
    බැස්සවීමේදී හා නැග්ගවීමේදී මෙවැනි අනතුරු වලට ඉලක්ක වීමේ අවධානමක් පවතින බව 'ශ්‍රී ලන්කන්'
    ගුවන් සමාගමේ ප්‍රධානියකු පැවසීය.

    මෙසේ කුරුළු රංචු නිතර ගැවසෙන ගුවන් තොටුපොල වෙත ජාත්‍යන්තර ආරක්ෂන සහතිකයක් දෙන්නේ නැත.
    මත්තල ගුවන් තොටුපොලට එවැනි ජාත්‍යන්තර ආරක්ෂන සහතිකයක් මෙතෙක් ලබා දී නැත.

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොලක් ලෙස පිලිගත් බවට සහතිකයක් සිවිල් ගුවන් සේවා අධිකාරියේ
    සභාපති රොහාන් දළුවත්ත විසින් මත්තල ගුවන් තොටේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරියට බාර දෙන
    අවස්ථාවකට අද ආණ්ඩුව විසින් මහත් ප්‍රචාරයක් ලබා දී තිබේ. මෙම සහතිකය අවිනිශ්චිත සහතිකයකි.
    මන්ද යත් මෙය සහතික ලබා දිය යුතු 'ජාත්‍යන්තර ගුවන් ගමන් සංගමය' හෙවත් 'අයිඒටීඒ' විසින් ලබා
    දුන් එකක් නොවන නිසාය.
    අනෙක් අතට 18 දා විවෘත කෙරෙන ගුවන් තොටුපොලකට සහතික දෙන්නේ 15 වෙනිදා ද?

    මත්තල ගුවන් තොටුපලට යන මාර්ගයේදී වල් අලියකු පහරදීමෙන් පෙරේදා (13) පුද්ගලයකු ජිවිතක්ෂයට පත්වූ අතර, ඊට පිළියමක් ලෙස ගුවන් තොටුපල වටා 'විදුලි වැටක්' ඉදි කිරීමට බලධාරීන් තීරණය කර ඇත. එහෙත් පියාඹන කුරුල්ලන්ගෙන් ගුවන් යානා වලට විය හැකි අනතුරු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැත. ගුවන් තොටුපොලක් වටා විදුලි වැටක් ගැසීමද ජාත්‍යන්තර ආරක්ෂණ සහතිකයක් ලබා ගැනීමට බාධාවක් වනු ඇත. මන්ද යත් හදිසි තත්ත්වයකදී විදුලි වැටකින් අනතුරු දායක තත්ත්වය දෙගුණ තෙගුණ වන නිසාවෙනි.



    Source = www.facebook.com/LankaTrueNews.LTN
     
    Last edited: