මත්තේගොඩ, කොට්ටාව!

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන්ලා, මම ඉඩමක් ගන්න කියල ඉන්නේ. හරියටම කියනවනම් මත්තේගොඩ, පොල්ගස්ඕවිට පාරෙන් (342 බස් පාර), ජාලියගම පාරෙ තියෙන්නේ ඉඩම. ගූගල් මැප්ස් වලනම් තියෙන්නේ හරියටම 6.794006, 79.972328. ඒ පැත්ත ගැන දන්න අය ඉන්නවනම්, පොඩ්ඩක් මැප් එක බලල ඒ පැත්ත ගැන විස්තර කියනවද? ලොකු උදවුවක් මචන්.

    බුදු සරණයි!

    රෙප් වලින් කලගුණ සලකනු ලැබේ!!
    මචන් ඔය මත්තෙගොඩ නෙමේ.ජයලියගම හරියෙ. පොල්ගස් ඕවිට හන්දියේ ඉඳන් කිමි1 වගෙ කොට්ටාව/මත්තෙගොඩ පැත්තට එනකොට තියෙන හන්දියෙන් ඇතුලට යන්න ඕනේ. සියඹලාගොඩට අහුවෙන්නෙ ඔය පැත්ත. ඒ පැත්ත නම් යට වෙන්නෙ නෑ සෑහෙන්න උඩින් තියෙන්නෙ. 342 තමා යන්න පුලුවන් බස් එක. ඒ දවස්වල නම් 342/1 කියල බස් එකක් ගියා ඔය පාරෙන්. දැන් නම් නැද්ද කොහෙද.
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    මචන් ඔය මත්තෙගොඩ නෙමේ.ජයලියගම හරියෙ. පොල්ගස් ඕවිට හන්දියේ ඉඳන් කිමි1 වගෙ කොට්ටාව/මත්තෙගොඩ පැත්තට එනකොට තියෙන හන්දියෙන් ඇතුලට යන්න ඕනේ. සියඹලාගොඩට අහුවෙන්නෙ ඔය පැත්ත. ඒ පැත්ත නම් යට වෙන්නෙ නෑ සෑහෙන්න උඩින් තියෙන්නෙ. 342 තමා යන්න පුලුවන් බස් එක. ඒ දවස්වල නම් 342/1 කියල බස් එකක් ගියා ඔය පාරෙන්. දැන් නම් නැද්ද කොහෙද.

    Ow machan, hariyatama ehe thamai. E paththa awulak nadda machan??
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Ow machan, hariyatama ehe thamai. E paththa awulak nadda machan??
    පැත්ත කිසි අවුලක් නෑ.එකම දේ ඔය ඇතුල් පාර පට්ට විදියට සවුත්තු වෙලා. මත්තෙගොඩ ඉඳන් කාපට් කරගෙන ආවේ ඒත් ආන්ඩු මාරුවෙන් පස්සෙ මග නැවතුනා. පාර අමතක කලොත් වාහනයක් තියෙනව නම් හොදයි. මොකඩ පොල්ගස් ඕවිට පැත්තෙන් අන්තිම බස් එක තියෙන්නෙ 7 වගේ. සමහර දාට 7.30-8.30 ටත් තියෙනවා ගෙදර යන බස්. මත්තෙගොඩ පැත්තෙනුත් එහෙමයි. ඉතින් වාහනයක් (බයික් එකක්වත් ) නැත්නම් ජීවිතේ ටිකක් අමාරු වෙනවා 342 හැMඅදාම පයින් එන්න ගියාම. ඉස්සර මම පොල්ගස් ඕවිට ඉඳන් කිමි3-4 පයින් යනවා ඉස්කෝලේ ඇරිල එනකොට (රෑ7.30-8). මම නම් ඉඩමක් ගත්තා කුඩමාදුව කිට්ටුවෙන්. මහ පාරෙ ඉඳ මීටර්600ක් වගේ. ඒ පැත්තෙ පර්ච් එකක් යන්නෙ 150,000-200000 අතරෙ. පාරට කිට්ටුවෙන්න තවත් වැඩි වෙනවා. ගාන අවුලක් නැත්නම් පොඩ්ඩක් ඉවසන්න 2කනුව හරිය (කුඩමාදුවට පස්සෙ තියෙන හෝල්ට් එක ) අලුතෙන් රබර් කට්ටයක් කපාල තිබ්බ. ලගදිම විකුනයි. ලක්ශ 4-5ක් වෙයි පර්ච් එකක්.පාර අයිනෙමයි