මත්පැන් පරිභෝජනයේ ලෝක වාර්තාව ශ්‍රී ලංක&#3535

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,847
    8,073
    113
    මෙන්න මෙතන...
    මත්පැන් පරිභෝජනයේ ලෝක වාර්තාව ශ්‍රී ලංක&#3535

    ඒක පුද්ගල මත්පැන් පරිභෝජනයේ ලෝක වාර්තාව ශ්‍රී ලංකාවට
    මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශක එරන්ද ශ්‍රීලාල්

    සිගරැට්‌ටුවේ ඇති විස රසායන තත්පර 9 ක්‌ තුළ මුළු ශරීරයේම පැතිරෙනවා

    සිරිල් ජයසිංහ - ලුණුගල

    ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය අතින් අංක එකට ඉන්නේ ශ්‍රී ලංකාව. ලෝක වාර්තාව අපි සතුයි. ඒ වගේම මත්පැන් පරිභෝජනය කරන රටවල් අතරින් 4 වන ස්‌ථානයට ඉන්නේ ශ්‍රී ලංකාව.

    සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ පුහුණු උපදේශක එරන්ද ශ්‍රීලාල් මහතා එසේ ප්‍රකාශ කළේ ලුණුගල ලෝණගිරි රජමහා විහාරස්‌ථානයේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ වැඩමුළුවේදී ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් අමතමිනි.

    තවදුරටත් අදහස්‌ දැක්‌වූ එරන්ද ශ්‍රී ලාල් මහතා (

    සුදු ජාතිකයන් අපේ රට අල්ලා ගන්නට කලින් ඕස්‌ටේ්‍රලියාව අල්ලා ගත්තේ. එතකොට ඕස්‌ටේ්‍රලියාවේ හිටියේ ඇබෝජියන්වරු. මොවුන් අල්ලා ගන්න පහසු වුණේ නෑ. ඇබෝජියන්වරු සුදු ජාතිකයන්ට විරුද්ධව කැරැලි ගැහුවා. මේ නිසා වෙනත් උපක්‍රම යොදාගෙන මොවුන් අල්ලා ගන්න සුදු ජාතිකයන් කල්පනා කළා. ඔවුන් ඕස්‌ටේ්‍රලියාවේ හැම තැනම මත්පැන් බාර් දාලා නිකන් බොන්න දුන්නා. මිනිස්‌සුත් ගිහින් නිකන් බොන්න පටන් ගත්තා. ටික කාලයකින් ඔවුන් සියලු දෙනාම බේබදු ජාතියක්‌ බවට පත් වුණා. සුදු ජාතිකයන් ඕස්‌ටේ්‍රලියාවේ පාලනය මුළුමනින්ම අල්ලා ගත්තා. ඇබෝජියන්වරු පාරේ හිඟා කන තත්ත්වයට පත් වුණා. සුද්දෝ මේකම ලංකාවෙත් අත්හදා බලන්න පටන් ගත්තා. ඔවුන්ගේ බලය ව්‍යාප්ත වෙලා තිබුණු හැම තැනම බාර් විවෘත කරලා නිකන් බොන්න දෙන්න පටන් ගත්තා. අපේ අයත් නිකන් බීලා බේබදුකමට හුරුවෙන්න පටන් ගත්තා. මිනිස්‌සු අතර තිබූ ජාතික හැඟීම, ජාතික සමගිය නැතිවෙන්න පටන් ගත්තා.

    මේකෙන් වන හානිය අනගාරික ධර්මපාලතුමා, කලුකොඳයාවේ හාමුදුරුවෝ, ඩී. බී. ජයතිලක, ඩී. එස්‌. සේනානායක වැනි නායකයන් දැකලා ගමින් ගමට ගිහිල්ලා මිනිස්‌සු දැනුවත් කළා. විහාරස්‌ථානය මුල් කරගෙන අපේ මහා සංඝරත්නය මේ පිළිබඳ ජනතාව දැනුවත් කළා. ඒ නිසා සුද්දන්ට ඕස්‌ටේ්‍රලියාවේ කරපු දේ ලංකාවේ කරන්න බැරි වුණා.

    අද ලංකාවේ මත්පැන් පානය නිසා සිදුවන අපරාධ වැඩි

    වෙලා. මිනීමැරුම්, මංකොල්ලකෑම්, පවුල් ආරවුල්, දික්‌කසාදවලට ප්‍රධාන හේතුව මත්පැන්.

    මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කතා කළාම ලංකාවේ වැඩියෙන්ම හානි වෙන්නේ දුම්වැටිවලින්. සිගරට්‌ එකක්‌ බිව්වාම ඒවායේ තියෙන විෂ ද්‍රව්‍ය තත්පර 9 ක්‌ තුළ මුළු ශරීරයම පුරා ගමන් කරනවා. සිගරට්‌ සමාගම්වල අරමුණ හා තේමාව වෙලා තියෙන්නේ "තොල් දෙකක්‌ තියෙන හැමෝටම සිගරට්‌ එකක්‌" දෙන එක. අද ඉපදුන දරුවා වුණත් ඔවුන්ට ප්‍රශ්නයක්‌ නැහැ. ඔවුන්ට ඕනෑ ලාභ ලැබීම. ඉන්දුනිසීයාවේ අෙච් ප්‍රාන්තයේ අවුරුදු 3 1/2 ක දරුවෙක්‌ ඉන්නවා. ඒ දරුවා දවසකට සිගරට්‌ 40 ක්‌ විතර බොනවා. අෙච් ප්‍රාන්තයේ ඉන්නේ දිළිඳු ජන කොට්‌ඨාසයක්‌. ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය ඒකාබද්ධ දුම්කොළ සමාගම අෙච් ප්‍රාන්තයට ගිහින් මාස 3 ක්‌ සිගරට්‌ නොමිලේ දුන්නා. මාස 3 1/2 ක්‌ විතර ගියාට පස්‌සේ නොමිලේ සිගරට්‌ දීම නතර කරලා කඩවල්වලින් මුදලට දෙන්න පටන් ගත්තා. අර පොඩි දරුවා අඬන කොට ඔහුගේ අම්මා සිගරට්‌වලට ඇබ්බැහිවෙලා හිටියා. දරුවා නළවා ගන්න එක එක දේවල් දුන්නා. නමුත් ඇඬුම නතර වුණේ නැහැ. පස්‌සේ අම්මා මොකද කළේ අර සිගරට්‌ එකක්‌ දරුවාගේ තොල් අතර තිබ්බා. ළමයාගේ නරක වෙලාවට දරුවා අඬන එක නතර වුණා. එදා ඉඳලා දරුවා අඬන අඬන වෙලාවට මේක තමයි කළේ. ඊට පස්‌සේ මේ දරුවා දවසකට සිගරට්‌ 40 ක්‌ විතර බොන්න පටන් ගත්තා.

    මෙම වැඩසටහන සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තුවේ ප මොනරාගල කලාප භාර නිලධාරී ලුතිනන් කර්නල් ඒ. කේ. වේහැල්ල මහතාගේ උපදෙස්‌ පරිදි ලුණුගල උප කාර්යාලය විසින් සංවිධානය කර තිබිණි.

    මෙම අවස්‌ථාවට පුහුණු උපදේශක ඩී. එච්. අජිත් කුමාර, ලුණුගල පොලිසියේ උ. පො. ප. දිසානායක හා

    සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තුවේ ලුණු-ගල උප කාර්යාලයේ නිලධාරීහු ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වී සිටියහ.​

    :shocked::shocked::shocked::shocked:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113
    bump


    Mahinda%20Rajapaksa_1_1.png
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය අතින් අංක එකට ඉන්නේ ශ්‍රී ලංකාව. ලෝක වාර්තාව අපි සතුයි. ඒ වගේම මත්පැන් පරිභෝජනය කරන රටවල් අතරින් 4 වන ස්‌ථානයට ඉන්නේ ශ්‍රී ලංකාව.

    ඒකනන් වෙන්න බෑ රුසියාවේ .... uk උන් බොන එක නවත්තල වෙන්ඩෝන ලංකාව එකට එන්ඩ......
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    ඇයි 80% රූපමය අවවාද මිනිස්සු තකන්නේ නැද්ද? හිටන් කොච්චර මහන්සි උනාද ඒ වැඩේට?මහින්ද කාලේ tv එකේ බොන ඒවා පෙන්නනකොට කොටු දැම්මා. දැන් එහෙම නෑනේ? අරක්කු සිගරට් කුඩු තහනම් කරනවා කියලා ඇවිත් හිටන් කියනවා එහෙම කරොත් ආණ්ඩුව පෙරලෙයිලු. පවු පොන්සියා.එහෙම උනොත් රැවුලත් නෑ කැදත් නෑනේ. දැන් කුඩු උනත් මහින්ද කාලෙට වඩා ලාබයි ලු.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔන්න යහපාලන සෙට් එක මහින්දගේ කාලේ වගේ එතනෝල් ගෙන්වනවලු .වෙනස අලුත් ඒවා සුදු පාට ලු ...

    වෙනස සැපයි :lol::lol::lol: