තවත් පෙති කතාවක්

Haramanis1

Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    තවත් පෙති කතාවක්

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    “සල්ලිවලට වඩා රටේ දරුවො මට වටිනවා” තවත් පෙති කතාවක් එලියට !
    පසුගිය දාන කිහිපයේම අපේ රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙලා තිබුනෙ අම්පාරේ සිදුවීම.

    ඒ සිදුවීමේ උණුසුම මැකෙන්නටත් කලින් ලංකාවේ පාසල් වල ආපනශාලා ඉලක්ක කරගෙන සිදුකරගෙන යන බව කියන තවත් සිදුවීමක් ගැන සමස්‌ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ආන්දෝලනාත්ම ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

    ඔහු පවසන අන්දමට ඉතා සූක්ෂම අයුරින් පාසල් දරුවන් විවිධාකාර මත්ද්‍රව්‍යවලට හුරුකරගැනීමේ දැවැන්ත වැඩපිළිවෙළක්‌ රට පුරාම ක්‍රියාත්මක වනවා.

    මේ පිළිබඳව සමස්‌ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ කරන්නේ මෙවැනි කතාවක්.

    “රට තුළ මත්ද්‍රව්‍යවලට විශාල විරෝධයක්‌ එනකොට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් දුප්පත් දරුවන්ට ඉගෙනගන්න උදව් කරන මුවාවෙන් ඒ ළමයි හරහා මත් ටොෆි, චුයින්ගම් පාසලවල අරගෙන ගියා. ඒ වෙනුවට ඒ ළමයින්ට පොත්පත් පාසල් උපකරණ ලබා දුන්නා.

    ඊට පස්‌සේ පාසල් කැන්ටින්වලට චුයින්ගම් එකක්‌ හඳුන්වා දුන්නා. ටික දවසක්‌ යනකොට පාසල් දරුවන්ගේ කටේ කොයි වෙලාවෙත් ඒ චුයින්ගම් එක හැපෙන්න පටන් ගත්තා. චුයින්ගම් පෙට්‌ටි පිටින් අලෙවි වුණා. ඊට පස්‌සේ පොඩි බිම බෝතලයක්‌ හඳුන්වා දුන්නා.

    පොඩි මත් ගතියක්‌ තියෙන බීම එක බිව්වම ඇඟට අමුතු හැඟීමක්‌ දැනෙනවා. පාසල් ළමයි දිගට හරහට ඕක බොන්න පටන් ගත්තා. ඊට පස්‌සේ ස්ප්‍රේ එකක්‌ හඳුන්වා දුන්නා. ඒක තියෙන්නෙ කටට ස්‌ප්‍රේ කරගන්න. පාසල් ළමයින්ගේ සාක්‌කුවේ කොයිවෙලාවෙත් ස්‌ප්‍රේ බෝතලයක්‌ තිබුණා.

    මරදාන පාසලක ළමයි හතරදෙනෙක්‌ ස්‌ප්‍රේ ගහලා කපාගෙන කොටාගෙන සිහිය නැතිව ඇදගෙන වැටිලා තිබුණා. මැදිරිගිරියේ පාසලක සිසුවියො ස්‌ප්‍රේ ගහලා මත් වෙලා අත් කපාගෙන තිබුණා. ඒ සිද්ධි එක්‌ක ස්‌ප්‍රේ විකුණගන්න බැරි වෙනකොට දිවේ අලවන ස්‌ටෙප් එකක්‌ හඳුන්වලා දුන්නා. ඒක දිවේ තියාගත්තම දියවෙලා යනවා.

    ස්‌ට්‍රොෙබේරි, ලෙමන්, කුරුඳු විවිධ රසවලින් තියෙනවා. ඒ කොළය දිය වෙලා ගියාට පස්‌සේ පැය ගාණක්‌ කට සුවඳයි. ඒ සුවඳට ගෑනු ළමයි හරිම කැමතියි. මේක මත්ද්‍රව්‍යයක්‌ කියලා ඒ ළමයි දන්නේ නෑ. මේ මත්ද්‍රව්‍යවලින් ලබාදෙන්නේ මතට හුරු කිරීමේ පළමු ෆිලීන් එක.

    දිගින් දිගටම මේ ස්‌ටෙප් එක ගත්තම නිකන්ම මතට හුරුවෙනවා. කොළඹ මුස්‌ලිම් ව්‍යාපාරිකයෙක්‌ මට කිව්වා ‘මේ ස්‌ටෙප් වර්ගය ලංකාව පුරා පාසල් ආපනශාලාවල බෙදාහරින්න. අපි ඔයාට රුපියල් ලක්‍ෂ දහයක්‌ දෙනවා. ඊට අමතරව ඔයා දන්න දුප්පත් ළමයින් කියන්න ඒ අයට ඉගෙනගන්න උදව් කරන්නම් කියලත් කිව්වා. ඒ කතාව මම රේකෝඩ් කරලා තියෙනවා. අවශ්‍ය තැනකදී ඒක එළියට දාන්න මම සූදානම්. ඒත් තාම අවස්‌ථාවක්‌ ආවේ නෑ…”

    “මමත් දරුවො හතර දෙනෙක්‌ ඉන්න තාත්තා කෙනෙක්‌. සල්ලිවලට වඩා රටේ දරුවො මට වටිනවා. ඒත් හැම කැන්ටින්කාරයෙක්‌ම එහෙම හිතන්නෙ නෑ. ජෑම් පාන් ගෙඩියක්‌ විකුණවාහම ලැබෙන්නේ රුපියල් දෙකයි හෝ තුනයි.

    මත්පෙත්තක්‌, මත් ටොෆියක්‌, ස්‌ටෙප් එකක්‌, ස්‌ප්‍රේ එකක්‌ විකුණගත්තම ගෙඩියටම රුපියල් තිහ, හතළිහක ලාබයක්‌ තියෙනවා. ඒ නිසා කැන්ටින්කාරයො මේවා විකුණනවා. මේවා විකුණන්න එපා කියලා තහනමකුත් නෑ. 1980 ආහාර පනතට අනුව මේ දේවල් විකුණන්න අනුමැතියකුත් නෑ. ඒත් මේ දේවල් ගැන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සොයාබැලීමකුත් නෑ…”

    “ආපනශාලා කියන්නේ අපේ කර්මාන්තය. මම ඒ කර්මාන්තයේ ප්‍රධානියෙක්‌. ඒ නිසා එම කර්මාන්තයේ සිදුවෙන අවකෙළි ගැන රටට හෙළිදරව් කිරීම මගේ වගකීම. පාසල් ආපනශාලාවල මත්ද්‍රව්‍ය විකුණන එක ගැන මීට පෙරත් බලධාරීන්ට ඇහෙන්න මම රටට කිව්වා.

    ඒත් මේ වන තෙක්‌ කිසිම ආපනශාලාවක්‌ වැටලීමක්‌ කරලා නෑ. ඒ නිසා දැන් ඉස්‌සරටත් වඩා හොඳින් මත්පෙති, මත් ටොෆි, මත් චුයින්ගම්වලින් එහාට ගිහින් කේ.ජී. කෑලිත් පාසල් ආපනශාලාවල විකුණනවා. ඒ මදිවට චාර්ඡ් කරලා උරන සිගරට්‌ එකකුත් පාසල් ආපනශාලාවල විකුණනවා. ළමයි බොහෝම ඉක්‌මනට ඒ සිගරට්‌වලට ඇබ්බැහි වෙනවා. මම වගකීමෙන් කියනවා ලංකාව පුරා ආපනශාලා පන්දාහස්‌ හයසීය ගාණක්‌ තියෙනවා ඒ බොහෝමයක්‌ ආපනශාලාවල ඔය කියන මත්ද්‍රව්‍ය විකිණෙනවා…”

    “කොළඹ පාසල් කැන්ටින්වල ඊට එහා ගිය මත්ද්‍රව්‍යයත් විකුණනවා. මම දන්න කොළඹ ප්‍රසිද්ධ පාසලක ළමයි කේ. ජී., පෙති ගෙන්න ගන්නේ කැන්ටිමේ ගෝලයට කියලා. මාස හයකට ඉස්‌සර වෙලා මුස්‌ලිම් ගෑනු මනුස්‌සයෙක්‌ කොළඹ ප්‍රසිද්ධ පාසලක මත් පෙති විකුණලා මාට්‌ටු වුණා.

    දැන් ඒ ගෑනි නිදහස්‌. පිටකොටුවේ රතු පල්ලිය ළඟ තොග බඩු වෙළෙඳසලක අදටත් තොග පිටින් මේ මත් ටොෆි, චුයින්ගම් විකුණනවා. මේ සේරම මත්ද්‍රව්‍ය රටට ගෙන්වන්නේ, බෙදාහරින්නේ මුස්‌ලිම් ව්‍යාපාරිකයො. මේ කූට ව්‍යාපාරය යට ඉන්නේ ජාතිවාදී මුස්‌ලිම් දේශපාලනඥයෙක්‌.

    අපේ රටේ විකිණෙන සෑම මත්ද්‍රව්‍යයකින්ම ඒ ඇමැතිවරයාට මුදල් යනවා. රටේ ආරක්‍ෂක අංශයත් මේ ගැන දන්නවා. ඒත් වැඩක්‌ නෑ. ඇත්ත කතාව බාබුල් ගොට්‌ටේ ඉඳලා මත්පෙති, මත් ටොෆි, බීම වර්ග අත්අඩංගුවට ගන්න පොලිස්‌ පොතේ නීති නෑ.

    ආරක්‍ෂක බලධාරීන්, නිලධාරීන් අලුත් වුණාට රටේ නීති අලුත් වෙලා නෑ. රට පුරා මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙනවා. රටේ දරුවො ඉවරයි. පාලකයො නිහඬයි.
     
    • Like
    Reactions: harry dias

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයාලා හැමෝගෙම වගකීමක් තමන් දකින අහන
    දේවල් හැකි අයුරින් හෙළිකරන එක.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ඔයාලා හැමෝගෙම වගකීමක් තමන් දකින අහන
    දේවල් හැකි අයුරින් හෙළිකරන එක.

    අපේ හරක්ට සමාජේ වෙන ඒවා නෙමෙයිනේ බන් ඇත්ත.හමුදා මාද්‍ය ප්‍රකාශක හරි අගමැති හරි කියන ඒවා විතරයි පිළිගන්නේ. :rofl: