මත්පැන් පානයෙන් මිදෙමු

saturn

Well-known member
  • Mar 21, 2015
    5,350
    9,122
    113
    Around the world
    මත්පැන් පානයෙන් මිදෙමු

    මත්පැන් යනු මේ වන විට ලෝකය පුරා වැඩිම සෞඛ්‍ය අවදානමක්‌ ඇතිකරන රසායන ද්‍රව්‍ය බවට පත්ව ඇත. ඒ අතුරින් ශ්‍රී ලංකාව මත්පැන් පරිභෝජනයෙන් ලෝකයේ ඉදිරියෙන්ම සිටිනා රටක්‌ බවට වූ වාර්තා මෑත කාලයේ ජනමාධ්‍ය තුළ පළ විය. මත්පැන් පානය සඳහා දැන් දැන් කාන්තාවන් ද විශාල වශයෙන් පෙළඹෙන බවටත් වාර්තා පළවන අතර පාසල් දරුවන් ද මේ සඳහා යොමුවන බවට වාර්තා දක්‌නට ලැබේ. මේ හේතුවෙන් බොහෝ දෙනා තුළ මත්පැන් පානය නිසා ඇතිවන අයහපත් සෞඛ්‍ය ප්‍රතිවිපාක පිළිබදව එතරම් අවබෝධයක්‌ ඇති බවක්‌ දක්‌නට නොලැබේ.

    DD-P-20-06-01-(WEDA)-HSW-2.jpg

    මත්පැන් පානය කිරීමේදී එය මුඛයට ගත් විගස දැවිල්ලක්‌ දැනෙනුයේ, මත්පැන් හෙවත් ඊතයිල් ස්‌ප්‍රීතු යනු අපගේ සිරුරේ සියුම් පටක එනම් ශ්ලේෂ්මල පටක ප්‍රදාහයට ලක්‌කරන රසායන ද්‍රව්‍යයක්‌ බැවිනි. මුඛයේ සිට ආහාර මාර්ගය තුළ ආමාශය දක්‌වා ඇති ශ්ලේෂ්මල පටලය මෙලෙස ප්‍රදාහයට ලක්‌වීම නිසා මුඛයේ, උගුරේ, ගලනාලයේ සහ ආමාශයේ පිළිකා ඇතිවීමේ විශාල සම්භාවිතාවක්‌ ඇත. එලෙසින්ම ආමාශයේ සහ ග්‍රසනිය තුළ තුවාල ද ඇතිවිය හැකිය. මෙය ඉතා වේදනාකාරි රෝග තත්ත්aවයක්‌ වන අතර කෑම බීම ගැනීමට පවා නොහැකි වනුයේ එමඟින් වේදනාව උග්‍රවීම හේතුවෙනි.

    බඩවැල තුළින් ආහාර අවශෝෂනය ද මත්පැන් නිසා අඩාල වේ. විශේෂයෙන්ම විටමින් බී සංකීර්ණයට අයත් තයමින් අවශෝෂණය අඩාල වීමෙන් මොළයේ සෛල ඉදිමී විනාශ වීම නිසා තදබල මානසික රෝග තත්ත්වයක්‌ ඇතිවේ.

    අක්‌මාව මඟින් ඊතයිල් මධ්‍යසාර ජීර්ණය කිරීමට අවශ්‍ය එන්සයිම ශ්‍රාවය කළ ද දිගින් දිගටම මත්පැන් ගැනීම නිසා අක්‌මාවේ සෛල ඉදිමී අක්‌මා ප්‍රදාහය ඇතිවේ එවිට අක්‌මාව තුළ පිත පරිවහනය අඩාල වී රුධිරයේ පිත එකතුවීම නිසා සිරුර කහ පැහැ ගැන්වේ. ඉන් අනතුරුව අක්‌මාවේ කැළැල් ඇතිවන අතර එය අක්‌මාවේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය නවතාලන සිරෝසිස්‌ නම් මාරාන්තික රෝග තත්ත්වය බවට පත්වේ. අක්‌මාව මඟින් සිරුරට ඇතුළු වන විෂ ද්‍රව්‍යයන් මෙන්ම ආහාර ජීර්ණයේදී සහ වෙනත් පරිවෘත්තීය ක්‍රියාවලින් සිරුර තුළ නිපදවෙන විෂ ද්‍රව්‍යයන් විනාශ කිරීමත් ලබාගන්නා ඖෂධ වියෝජනය කර සිරුරින් ඉවත් කිරීමත්, සිරුරට අවශ්‍ය ප්‍රතිදේහ ඇතුළු ප්‍රොaටීන නිපදවීමත් අක්‌මාවේ ප්‍රධාන කාර්යයන් අතර වන බැවින් අක්‌මාව අකර්මන්‍ය වීම නිසා ඉහත ක්‍රියාවන් ද නැවතීම හේතුවෙන් බොහෝ සංකූලතාවන්ට ගොදුරුවීමට සිදුවේ. විෂ ද්‍රව්‍යයන් සිරුර තුළ එකතුවීම නිසා මොළයේ ක්‍රියාකාරීත්වය අවුල්සහගත තත්ත්වයකට පත්වේ දෙඩවීම, විකාර කියෑවීම, මීමැස්‌මොරය වැනි සිරුර වෙවුලා ගැහී සිහිය නැතිවන තත්ත්වයන් මේ නිසා ඇතිවේ. ඖෂධත් සිරුර තුළින් ඉවත් නොවීම නිසා ඒවා ද විෂ විය හැකිය. ප්‍රතිදේහ නොසෑදීම නිසා සිරුරේ ප්‍රතිශක්‌තිය අඩාල වී නිතර නිතර රෝග වලට ගොදුරුවීමත් සිදුවන නිසා මෙම තතත්aවය වඩාත් බැරෑරුම් වේ. එසේම ප්‍රොaටීන් නිෂ්පාදනය අඩාල වීම නිසා රුධිරයේ ආශ්‍රැති පීඩනය අඩුවීම හේතුවෙන් රුධිර ප්ලාස්‌මාව රුධිර නාළ තුළින් ඉවතට පැමිණීම නිසා උදරය ඇතුළත දියර එකතුවීමත් පාද ඇතුළු සිරුර ඉදිමීමත් සිදුවේ. අක්‌මාව හැකිලී තන්තුමය තත්ත්වයට පත්වීම නිසා එතුළින් ගමන් ගන්නා මහා ශිරාව අවහිරවීම නිසා ගලනාලයේ පහළ ඇති ශිරාවන් ඉදිමී පුපුරා ලේ වමනය යැම සිදුවිය හැකිය. එම සියල්ල මාරන්තික තත්ත්වයන් බවත් මෙම තත්ත්වයට පැමිණි විට වෛද්‍ය ප්‍රතිකාරවලින් රෝගියා සුවකළ නොහැකි බවත් අවධාරණය කළ යුතුය.

    අග්න්‍යාශය එකවර මත්පැන් අධික ප්‍රමාණයක්‌ පානය කිරීමේදී ක්‍ෂණික අග්න්‍යාශ ප්‍රදාහය නම් මාරාන්තික තත්ත්වයට ගොදුරුවිය හැකිය. එසේම දිගුකාලීන මත්පැන් පානය හේතුවෙන් අග්න්‍යාශයේ සෛල විනාශ වීම නිසා දියවැඩියාව මෙන්ම කාලික අග්න්‍යාශ ප්‍රදාහය ද ඇතිවිය හැකය. ජීර්ණ එන්සයිම අග්න්‍යාශය තුළින් ආහාර මාර්ගයට ගැලීම අවහිර වී අග්න්‍යාශය තුළ සිරවී එතුළ එකතුවීම නිසා එමඟින් අග්න්‍යාසයේ සෛල ජීර්ණයට ලක්‌වීම තවත් මාරාන්තික තත්ත්වයකි.

    හෘදය වස්‌තුවේ මාංශ පේශීන්වලට මත්පැන් නිසා හානි සිදුවීමෙන් හෘද පේශීන් ඉදිමී කාර්යක්‌ෂම බව අඩුවි හෘද අකර්මන්‍යතාව වැළඳීම මෙන්ම හෘදයේ රිද්මය මාරාන්තික වියහැකි අයුරින් වෙනස්‌වීම ද සිදුවේ.

    අස්‌ථී පද්ධතිය මත මත්පැන් ඇතිකරන බලපෑම නිසා ඔස්‌ටියෝපොරෝසිස්‌ තත්ත්වය ඇතිවන අතර මාංශ පේශීවල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය බී විටමින් නොලැබීම නිසා එහි ක්‍රියාකාරීත්වය අඩාලවී බෙරි බෙරියාව නමැති රෝගය වැළඳිය හැකිය.

    ප්‍රජනක පද්ධතිය මත මත්පැන් ක්‍රියාකිරීම නිසා පිරිමින්ගේa ටෙස්‌ටොස්‌ටෙරෝන් නම් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය අඩපණවී වඳ බවට පත්විය හැකිය. එසේම කාන්තාවන් මත්පැන් පානය කිරීම නිසා ගබ්සා වීම් දරුවන්ට සංජානනීය ආබාධයන් ඇතිවීමටත් දරුවා නොයෙකුත් මානසික රෝග, ඉගෙන ගැනීමේ දුර්වලතා සහ හැසිරීමේ වෙනස්‌කම්වලට ගොදුරුවන බව බොහෝ කලකට පෙර වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කළ කරුණකි.

    නීත්‍යානුකූල අරක්‌කු, බියර්, වයින්, රා, වුවත් කසිප්පු වැනි නීති විරෝධී මත්පැන් වුවත් ඉහත සඳහන් තත්ත්වයන් එක ලෙසින්ම ඇතිකරනු ලැබේ. මත්පැන් කිසිදු විටෙක සිරුරට අවශ්‍ය නොවන දෙයකි. රතු වයින් සිරුරට හිතකර බවට වන මතය මිත්‍යාවක්‌ බව මෑත කාලීන පරීක්‌ෂණ මඟින් සනාථ වී ඇත

    DD-P-20-06-01-(WEDA)-HSW.jpg
    කාන්තාවන්ගේ සිරුර තුළ මත්පැන් වියෝජනය වන ශීඝ්‍රතාව සාපේක්‌ෂව අඩු වන නිසා ඔවුන්ට මත්පැන් වලින් සිදුවෙන හානිය ප්‍රබලය. ඔවුන් ඉක්‌මනින්ම මත්පැන් වලට ඇබ්බැහි වන අතර ඉතා කුඩා මත්පැන් ප්‍රමාණයක්‌ පානය කිරීම පවා ඔවුන්ට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම ඉතා ඉහළ මට්‌ටමකට ගෙන එන බව මෑතකදී කළ පර්යේෂණ වලින් තහවුරු වී ඇත


    inner_r6_c1.gif
    Powered By -
     

    sri_kid

    Member
    May 29, 2017
    28
    0
    0

    සුරාවේ අගයත්
    එහි ඇති මිහිරි රසයත්
    බොන සුදනෝ මිසක්
    නොබොන පුහු දන කෙසේනම් දත් කිවුවලු
    [/B:):):)]
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔක්කොම උන් බොන්නේ ඔවා රහ කර කර නෙමේ බං
    හෙන අමාරුවෙන් ගහල ඉලඟ දවසේ ඔලුව අල්ලන් ඉන්නවා
    අයි කවදාවත් බොන්නෑ කියලා. පහුවදා අයි බොතලේ කටේ..
    ඔක චක්‍රයක් බං. :lol:
     
    May 30, 2017
    108
    13
    0
    lagadi party ekakata giya, eke un biwwe taragayak wage. ekek beela uge kama piganatama wamane damma. tawa un set ekak gahagatta. ekek galisam galola pissuwak natuwa.

    apo mona wikarayakda oya beela karanne.