මතින් තොර නිවසක් ගොඩනගන්න ඔබත් සූදානම්ද?

priyal_hdp

Active member
  • Jan 2, 2009
    315
    38
    28
    මතින් තොර නිවසක් ගොඩනගන්න ඔබත් සූදානම්ද?

    සිංහල ජාතිය වනසන මත්පැනින්, දුම්වැටියෙන් ජාතිය මුදවා ගැනීමේ සංග්‍රාමයටද අපි මුල පුරමු. සිංහල ජාතියේ විනාශයතකා සිදුවන සියලු ක්‍රියාවන් සක්‍රීයව මැඩපවත්වමු. මේ සංග්‍රාමය සඳහාද ඔබගේ සක්‍රීය දායකත්වය ලබාදෙන්න. අපි අපේ පවුලතුලින් රට හදමු. ඔබ සූදානම්ද?

    අද ගියා හිතවතෙකුගේ උත්සවයකට.එකේ මොනවා නැතත් මත්පැන් වලින් නම් අඩුවක් තිබුන් නැ.
    ඇයි මේ අපේ මිනිස්සු මේ උත්සවවලට මත්පැන් ඇදාගන්නේ?ඔය ප්‍රශ්නයට නම් සමහරු කියන්නේ සතුටට,රසවිදින්නලු.එතකොට උත්සව වලට විතරක් නෙමෙනේ මරණයක්, දානයක් තිබුනත් මේ මිනිස්සු මත්පැන් ගාවගන්නවා. ඒත් සතුටටද?බලං ගියාම පේන්නේ අපේ මිනිස්සු දුක,සතුට දෙකටම විතරක් නෙමෙයි පැහැදිලි හේතුවක් නැතිවත් මේ මත්පැන් ජිවිතවලට වද්දගන්න තරම් ඒකට ඇබ්බැහිවෙලා.

    මේ මත් පැන් බිම අපේ ශ්‍රි ලාංකිය සංස්කෘතියේ අංගයක් නෙමෙයි.එහෙත් අද සමාජය දිහා බැලුවමනම් පෙනෙන්නේ එය සමහරුන් සංස්කෘතියේ අංගයක් ලෙසින් සලකන බවයි.අපිට මේ ජරා පුරුද්ද පුරුදුකිරිමට විදේශිකයන් මනා දායකත්වයක් සැපයුවා. දැන් අප, ඔවුන්ටද වඩා මේ මත් පැන් අතයවශය දෙයක් ලෙස සැලකිමට පුරුදුවි ඇත.විදේශිකයන් හා එක්වු සාදයකදි අප මත්පැන් ප්‍රතික්ශේප කලහොත් ඔවුන් එක නිහතමානිව පිලිගෙන ඇල්කොහොල අඩංගු නෙවන දෙයකට අප යොමුකරයි.එහෙත් ශ්‍රි ලාංකික හිතවතුන් සමගදි එසේ ප්‍රතික්ශේප කලහොත් අසන්නේ ඇයි බොන්නේ නැත්තේ කියායි.මත් පැන් බිම මුලික මිනිස් අවශයතාවයක් ලෙස සමහරුන් සැලකිම එයට හේතුවයි.

    ඒ අතරම තවත් කියන කථාවක් තමයි කොල්ලෝ උනාම බොන්න ඔනි කියන එක. ඒත් අපි නම් අහලා තියෙන්නේ කොල්ලෝ බිලා කොලුකම නැති කරගන්නවායි කියලයි.(මත් පැන් පානය කිරිමෙන් ලිංගික ශක්තිය හින වනවාලු ) .අපි නම් දැකලා තියෙනවා සමහරුන් බිවුවාම තියෙන කොලුකමත් යටපත් වෙලා බලු කම ඉසමතු වෙනවා.

    අද සමාජය ගත්තාම මත්පැන් කියන එකෙන් තමන්ගේ සමාජ තත්වය නිරුපනය වෙනවා කියලත් සමහරු හිතන් ඉන්නවා.මේ පනිවිඩය සමාජයට දිලා තියෙනේ අපේ වැඩිහිටියෝ. පොඩි කාලේ අපි විරයෝ තමයි අපේ තාත්තා, වැඩිහිටියෝ.ඒ අය අපි ඉදිරිපිට මත් පැන් බොන්නේ හරියට අමුර්තය පානයකරනවා වගේ සතුටකින්.ඔවුන් අපිට පෙන්නන්නේ සතුටින් ඉන්නනම් මත් පැන් බොන්න ඔනි කියන දේ.ඒත් ඔවුන් ඒ කරන්නේ ලොකු වැරැද්දක් කියලා ඔවුන්ට අවබෝධයක් නැ
    මේ ලගදි හිතවතෙකුගේ ගෙදර ගිය වෙලාවේ මගෙන් ඉල්ලිමක් කරනවා ලබන වතාවේ ලංකාවට එකකොට ඩියුටි ෆ්‍රී එකෙන් එයාට හොද වර්ගයේ මත්පැන් බෝතල් කිහිපයක් ගෙනත් දෙන්නලු,සල්ලි දෙන්නම්ලු.මම හිතුවා එයාට බොන්න වෙන්න ඇති කියලා.ඒ ගැන ඇහුවහම කිවේ හිනා යන කතාවක්.දැන්ම ඉදන් මගුල් ගෙදරට ඔන හොද බඩු ගෙනත් තියාගන්න ඔනිලු.මොකද එයා වැඩ කරන කොම්පැනි එකේ ලොකු ලොක්කන්ට බාල බඩු දෙන්න බැහැලු. :D හැබැයි මිනිහට තවම මගුලක් හොයනවා. ඔයවගේ කතාවලට හිනාවෙන්නද අඩන්නද මන්දා?.

    තවත් වතාවක එක් මල්ලි කෙනෙකුගෙන් ඇහුවා මල්ලි කලින් මත් පැන් බිලා තියෙනවාද කියලා.ඔහුගේ පිලිතුර වුනේ නැහැ යන්නයි.ඉට පස්සේ මම ඇහුවා දිගටම බොන්නේ නැකියලා ප්‍රතිපත්තියකද ඉන්නවාද කියලා.ඉට පස්සේ එයා කියනවා. එහෙම එකක් නම් නැ, ඉස්සරහට ජිවත් වෙන සමාජ තත්වය අනුව බොන්න වෙයිද දන්නේ නැලු :D

    මොකක්ද ඔය සමාජ තත්වය, මත් පැන් බිලා ලගා කරගන්න පුලුවන්.සමහරු හිතන් ඉන්නේ ඉහල සමාජ මට්ටමකට යන්න නම් ඔය මත් පැන් බිම අනිවාර්ය දෙයක් කියලා.එක ඔය සල්ලිකාර බුද්ධිය හින අය මවලා තියෙන දෙයක්.ධනවතෙක් මත් පැන් බීවුවාත් ඔහු සමාජයේ හොදින් පිලිගැනෙනවා. එහෙත් දුප්පතෙක් බිවුවොත් ඔහු බේබද්දෙක්, ඔහුට සලකන්නේ පහත් මට්ටමින්.

    බලාගෙන ගියහම මත් පැන් බිමට පිලිගැන්මක් ලැබෙන්නෙත් ඇති නැති පරතරය අනුව තමයි.

    මත් පැන් කිව්වාම මම හිතන විධියට නම් ඇල්කොහොල් අඩංගු ඔනැම පානයක් අයිති වෙනවා.ඒක අරක්කු, [FONT=&quot]කසිප්පු[/FONT], බියර් හෝ වයින් කුමක් වුනත් මත් පැන්ම තමයි.ඒත් අපේ සමහරු කියනවා අරක්කුනම් බොන්නැ එත් බියර්, වයින් බොනවා.අපේ සමහර කාන්තා පාර්ශවයේ(අම්මාවරු හා අනාගත අම්මාවරු ) උදවියත් මේ අරක්කු නොබොන එහෙත් බියර්, වයින් බොන කාණ්ඩයට අයත්.

    බියර් වල ඇල්කොහොල් සාන්ද්‍රණය 5% පමණ වන විට අරක්කු වල 30% පමණ වෙනවා.ඉතින් බියර් විදුරු 6ක් බිමයි, අරක්කු විදුරුවක් බිමයි එක සමානයි නේද? අරක්කුනම් බොන්නැ එත් බියර් බොනවා කියන්නේ කාව රවට්ටන්නද?

    බෞද්ධ ධර්මය මත්පැන් පානය අනුමත කරලානැ. එහි මත්පැන් පානයේ ආදිනව මනාව පැහැදිලි කරලා දිලා තියෙනවා.ලෞකික වශයෙන් අප්‍රමාදි ජිවිතයක් ලගා කරගන්නනම් මේ මත් පැන් වලින් ඇත් වෙන්න ඔනි.එහෙම නැතිවුනොත් එයතුලින් අපේ සංවරකමත්, අපේ චරිතයත් විනාශ වි අපි විනාශ මුඛයට යාවි. පන්සිල් වල පස්වෙනි සිල් පදය වන මත් පැන් මත් ද්‍රවය ගැනිමෙන් වැලකිමේ සිල් පදය රැක, මනස අඳුරැ කිරීමට සිහි මුලාවට හේතුවන මේ මත් පැන් වලින් අපේ අනාගත පරපුර රැකගන්න නම් වැඩිහිටියන් එයින් වැලකි අදාර්ශමත් විය යුතුය.

    සිඟාලෝවාද සූත්‍රයේදී සිඟාල නම් සිටුපුත්‍රයාට ධනය, සතුට,පවුල් ජිවිතය විනාශ වන ධන විනාශ මුඛ හයක් දේශනා කර ඇත.එයින් එකක් වනුයේ මේ මත් පැන් පානයයි. ධනය විනාශවිම, ලෙඩ රෝග ඇතිවිම, ලැජ්ජා නැති තත්වයට පත්විම, සිහි කල්පනාව නැතිවිම යන දුර්විපාක ඇතිකරන මෙම විනාශ මුඛයෙන් ඉවත් විම අපේ යුතුකමයි, වගකිමකි.

    "මතින් තොර නිවසක්" යන සංකල්පය සැම නිවසකම ක්‍රියාත්මක කල යුතුය. එවිට “සුරා යකාගෙන් මේ පින්වත් දිවයින බේරා ගත යුතු යැයි” අනගාරික ධර්මපාලතුමා නැගු හඩ ජය ගත හැකි වනු ඇත.

    සුරුට්ටු බීමෙන් හදවත විස වෙයි
    ඇඟපත දිරුමෙන් කට ගඳ ඇති වෙයි
    මත් ගතිවීමෙන් නුවණ ද අඩු වෙයි
    කැස්සද සැදුමෙන් ආයුෂ කොට වෙයි

    මත්පැන් බීමෙන් ලේ කෝපය වෙයි
    වෙරිමත් වීමෙන් සිහි විකලය වෙයි
    බල අඩු වීමෙන් නෙත ලෙඩ ඇති වෙයි
    දුප්පත් වීමෙන් අකල් මරණ වෙයි

    බීමට අපට පැන් ඇති මිහිපිට සොඳට
    සැපයට සිතා මත්පැන් විස බොනු කුමට
    වදයට දෙලොව පැමිණෙයි ඒ පව් කමට
    ලොබ කොට නො බොනු මත්පැන් කිසිකල සැපට (සිරිත් මල්දම)

    යං මනුස්සා විවජ්ජෙන්ති - සප්පං ඝෝරවිසං විය ලොකේ විස සමානං තං - කෝ නරෝ පාතුමරහති
    දරුණු විෂ ඇති සර්පනයකු මෙන් නුවණැති මිනිසුන් විසින් දුරලන, ලෝකයෙහි තිබෙන මහවහක් බඳු මේ මත්පැන් බොන්නට සුදුසු කවරෙක් ද? (කුම්භ ජාතකය )

    මෙම ලිපියඅතිපුජය මඩිහේ පඥ්ඥාසිහ මහනායක හිමිපාණන් විසින් අග්‍රාමාතය රණසිංහ ප්‍රේමදාස මහතාට භාර දෙන ලද්දකි.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මමත් ඔය රැල්ලට අහුවෙලා කලින් බිව්වා. මමත් හිතුවේ ඉදලා හිටලා පොඩ්ඩක් බිව්වට අව්ලක් නෑ කියලා. කල් යද්ද්දි ඩේලි ගහන මට්ටමට ආවා. ඊට පස්සේ ඔක්කෝම නැවත්තුවා. යාළුවන්ගෙන් කැපිලි හින්ට් සෑහෙන්න ආවා. ඒත් කොන්ද කෙලින් තියන් හිටියා. අදටත් මගේ කොන්ද කෙලින්.

    මේක නැති කරන්න නම් බොන එක ත්‍රෙන්ඩ් එකක් කියන මතය නැති කරන්න ඕනේ. ඒකට ආගම දහමට යොමු කරන්න ඕනේ. o/l a/l කරන කාලේ තමයි ගොඩක් අය ඇබ්බැහි වෙන්නේ.
     
    • Like
    Reactions: Kalu_Banda

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පැටියා;18848610 said:
    කාලා බීලා හිටපල්ලා අපි අවුරුදු 500ක් ජීවත් වෙනවැයි :)

    :D:D:D:D
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    බීම කියන්න පුරුද්දක්/ඇබ්බැහියක් !
    ඉතින් බොන එක නවත්තන්න පුළුවන් තමන්ටම තමයි ! තමන් හිතින් හිතලම තමයි !
    එත්
    බොන උන් තමයි පිරිමි කියල හිතන උන්ව වෙනම අරන් class එකක් දාන්න ඕනේ ඉස්සෙල්ලම .
    ඔය වගේ උන් නිසා තමයි මිනිස්සු බීම ගැන හිතන්න පෙළඹෙන්නේ !
     
    • Like
    Reactions: Kalu_Banda

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    සිංහල ජාතිය වනසන මත්පැනින්, දුම්වැටියෙන් ජාතිය මුදවා ගැනීමේ සංග්‍රාමයටද අපි මුල පුරමු. සිංහල ජාතියේ විනාශයතකා සිදුවන සියලු ක්‍රියාවන් සක්‍රීයව මැඩපවත්වමු. මේ සංග්‍රාමය සඳහාද ඔබගේ සක්‍රීය දායකත්වය ලබාදෙන්න. අපි අපේ පවුලතුලින් රට හදමු. ඔබ සූදානම්ද?

    සුරුට්ටු බීමෙන් හදවත විස වෙයි
    ඇඟපත දිරුමෙන් කට ගඳ ඇති වෙයි
    මත් ගතිවීමෙන් නුවණ ද අඩු වෙයි
    කැස්සද සැදුමෙන් ආයුෂ කොට වෙයි

    මත්පැන් බීමෙන් ලේ කෝපය වෙයි
    වෙරිමත් වීමෙන් සිහි විකලය වෙයි
    බල අඩු වීමෙන් නෙත ලෙඩ ඇති වෙයි
    දුප්පත් වීමෙන් අකල් මරණ වෙයි

    බීමට අපට පැන් ඇති මිහිපිට සොඳට
    සැපයට සිතා මත්පැන් විස බොනු කුමට
    වදයට දෙලොව පැමිණෙයි ඒ පව් කමට
    ලොබ කොට නො බොනු මත්පැන් කිසිකල සැපට (සිරිත් මල්දම)

    යං මනුස්සා විවජ්ජෙන්ති - සප්පං ඝෝරවිසං විය ලොකේ විස සමානං තං - කෝ නරෝ පාතුමරහති
    දරුණු විෂ ඇති සර්පනයකු මෙන් නුවණැති මිනිසුන් විසින් දුරලන, ලෝකයෙහි තිබෙන මහවහක් බඳු මේ මත්පැන් බොන්නට සුදුසු කවරෙක් ද? (කුම්භ ජාතකය )

    මෙම ලිපියඅතිපුජය මඩිහේ පඥ්ඥාසිහ මහනායක හිමිපාණන් විසින් අග්‍රාමාතය රණසිංහ ප්‍රේමදාස මහතාට භාර දෙන ලද්දකි.

    True story.

    මමත් ඔය රැල්ලට අහුවෙලා කලින් බිව්වා. මමත් හිතුවේ ඉදලා හිටලා පොඩ්ඩක් බිව්වට අව්ලක් නෑ කියලා. කල් යද්ද්දි ඩේලි ගහන මට්ටමට ආවා. ඊට පස්සේ ඔක්කෝම නැවත්තුවා. යාළුවන්ගෙන් කැපිලි හින්ට් සෑහෙන්න ආවා. ඒත් කොන්ද කෙලින් තියන් හිටියා. අදටත් මගේ කොන්ද කෙලින්.

    මේක නැති කරන්න නම් බොන එක ත්‍රෙන්ඩ් එකක් කියන මතය නැති කරන්න ඕනේ. ඒකට ආගම දහමට යොමු කරන්න ඕනේ. o/l a/l කරන කාලේ තමයි ගොඩක් අය ඇබ්බැහි වෙන්නේ.

    Rep ++++++++
     
    • Like
    Reactions: ruchira55
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හොඳ සමබල ආහාර වේලක් කාල හොඳට වතුර බොන්න ඕනේ :yes: ඒක ඇත්ත ! :P
    බුදු හාමුදුරුවො දේශනා කලේ පිං කර කර සසරෙ ඇලිලා ඉන්න කියලද පවු වලින් වැලකිලා සසරේ ඇලිලා ඉන්න කියලද නිවන් අවබෝධ කරගෙන සසර කෙටි කරගන්න කියලද? :D
     
    Last edited:

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    පැටියා;18848610 said:
    කාලා බීලා හිටපල්ලා අපි අවුරුදු 500ක් ජීවත් වෙනවැයි :)

    11.gif
    11.gif
    11.gif
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    පැටියා;18848640 said:
    බුදු හාමුදුරුවො දේශනා කලේ පිං කර කර සසරෙ ඇලිලා ඉන්න කියලද පවු වලින් වැලකිලා සසරේ ඇලිලා ඉන්න කියලද නිවන් අවබෝධ කරගෙන සසර කෙටි කරගන්න කියලද? :D

    අන්න ඉතින් කන්න ඕනේ උනාම කබර ගොයත් තලගොයා වෙනවා :rofl:

    බුදු හාමුදුරුවෝ දේශනා කලේ නිවන් අවබෝධ කරගෙන සසර කෙටි කරගන්න තමයි !
    ඒත් ඒක මේ ඇහිපිය ගහන සැනින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නේ ..
    නිවනට යන මග දුරයි . ඒ මග පාද ගන්නේ පිං කරලා ..
    පිං කරන්න නං නිවැරදි සිහියෙන් ඉන්න ඕනේ :D
    බිව්වම සිහිය විකල් වෙනවා :D

    චේතනාව ----> කර්මය ,
    ඉතින් බිව්වම චේතනාව අපිට පාලනයක් නෑ !
    ඒ වගේම ලෞකික ජීවිතය සතුටු වෙන්න එපා කියල බුදු හාමුදුරුවෝ දේශනා කරලා නෑ :)
    ලෞකික ජීවිතය සාර්ථක කරගෙන , නිවන් අවබෝධ කරගන්න පාර තමයි දේශනා කරලා තියෙන්නේ ! :D:P
     
    එතකොට උඹ කියන්නෙ සිහිය විකල් නොවෙන තරමට බිවුවට අවුලක් නෑ කියලනෙ. එල. මාත් කියන්නෙ ඕක තමා :rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    පැටියා;18848679 said:
    එතකොට උඹ කියන්නෙ සිහිය විකල් නොවෙන තරමට බිවුවට අවුලක් නෑ කියලනෙ. එල. මාත් කියන්නෙ ඕක තමා :rofl:

    :rofl: හා .. ඕනේ පුකක් ප්‍රීති වෙසක්... මටත් මොකෝ ඉතින් :rofl:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,863
    2,701
    113
    Kadawatha, Sri Lanka
    මමත් ඔය රැල්ලට අහුවෙලා කලින් බිව්වා. මමත් හිතුවේ ඉදලා හිටලා පොඩ්ඩක් බිව්වට අව්ලක් නෑ කියලා. කල් යද්ද්දි ඩේලි ගහන මට්ටමට ආවා. ඊට පස්සේ ඔක්කෝම නැවත්තුවා. යාළුවන්ගෙන් කැපිලි හින්ට් සෑහෙන්න ආවා. ඒත් කොන්ද කෙලින් තියන් හිටියා. අදටත් මගේ කොන්ද කෙලින්.

    මේක නැති කරන්න නම් බොන එක ත්‍රෙන්ඩ් එකක් කියන මතය නැති කරන්න ඕනේ. ඒකට ආගම දහමට යොමු කරන්න ඕනේ. o/l a/l කරන කාලේ තමයි ගොඩක් අය ඇබ්බැහි වෙන්නේ.

    Bonne nathi eka trend eka karanna oni. Baya nathuwa set wena place wala inna oni. Baya nathuwa kiyanna oni mama bonne ne kiyala. Eeta passe eka kathaa wenava. Mama nam campus kaaledi oya wade godak kalaa.
     
    Nice! Bump