මතු බුදුවන අප්පච්චි
රිම් එකෙන් දුවන සයිකල් ටික දැකලා
බයිසිකල් හදන්නට පදනම දමලා
අත්දෙකෙන් දසත සයිකල් ඔප දාලා
මන්ද ගියේ නිවනට වින්කලය තියා
මගේ හපන්කම් දැක නුඹ ඉස්කෝලේ
හිතේ තියන් උන්නේ පැතුමන් ගෝනි
ඒත් ඒ පැතුම් මගදා සරසවියේ
ආවේ නුඹ නිසයි බුදුවන අප්පච්චී
අම්මයි මගේ මල්ලියි අක්කයි නංගියි
හිටියේ නුඹ නැතිව සෝ සුසුමන් මැද්දෙයි
වින්කලය පමණි ඉතිරිව මට තිබුණේත්
එයයි අන්තිමට බඩ කට පිරෙව්වෙත්
වෙනදා නැති නුඹව සයිකල් විමසනවා
රිම් එකෙන් දුවන සයිකල් මොරදෙනවා
පොම්පයේ හුළං කඳුළේ කිමිදෙනවා
රෝද දෙකත් මට බර දී වෙහෙසනවා
නුඹේ වින්කලේ පාඩුවටයි යන්නේ
එනිසයි බත් පැකට් අම්මා විකුණන්නේ
ඒවායින් දෙවේලක් කුස පුරවන්නේ
සිහිනෙන් පමණි දෑවැද්දක් මැවෙන්නේ
අකලට කෙස් පැහී අක්කා ඉකිලනවා
වයසට වඩා වයසක් ඇගෙ පෙනෙනවා
දෑවැදි ඉල්ල ඉල්ලා මනමාලයෝ එනවා
දැලි ගැවි ගැවී නුඹ කුස්සියේ ළතැවෙනවා
නංගි ඉගෙන ගන්නට නම් හරි හපනී
ඒත් නුඹේ බුදුවන සිහිනේ නම් නොදනී
ඇගේ නෙතට තවමත් කඳුලැලි නොනගී
ඇසූ දාට නුඹ ගැන කඳුළද වියැළේ
මල්ලී ඒ ලෙවල් කරලා දැන් ගෙදර
හිටියත් හොයන්නේ ජොබ් එකකුයි නිතර
වින්කලේට එනවා සමහර දාට
ඒත් බර වැඩක් දෙන්නේ නැහැ උන්ට
හත් දවසේ දනත් දුන්නේ අමාරැවෙන්
තුන් මාසේ දනත් ළඟ ළඟමයිලු ඉතින්
අපේ හාමුදුරැවො දානේ සිහියට නගමින්
කරයි ගුණ කථන පමුණා අප හට පිං
සංකල්පනාව - මාලන් විදානපතිරණ
රිම් එකෙන් දුවන සයිකල් ටික දැකලා
බයිසිකල් හදන්නට පදනම දමලා
අත්දෙකෙන් දසත සයිකල් ඔප දාලා
මන්ද ගියේ නිවනට වින්කලය තියා
මගේ හපන්කම් දැක නුඹ ඉස්කෝලේ
හිතේ තියන් උන්නේ පැතුමන් ගෝනි
ඒත් ඒ පැතුම් මගදා සරසවියේ
ආවේ නුඹ නිසයි බුදුවන අප්පච්චී
අම්මයි මගේ මල්ලියි අක්කයි නංගියි
හිටියේ නුඹ නැතිව සෝ සුසුමන් මැද්දෙයි
වින්කලය පමණි ඉතිරිව මට තිබුණේත්
එයයි අන්තිමට බඩ කට පිරෙව්වෙත්
වෙනදා නැති නුඹව සයිකල් විමසනවා
රිම් එකෙන් දුවන සයිකල් මොරදෙනවා
පොම්පයේ හුළං කඳුළේ කිමිදෙනවා
රෝද දෙකත් මට බර දී වෙහෙසනවා
නුඹේ වින්කලේ පාඩුවටයි යන්නේ
එනිසයි බත් පැකට් අම්මා විකුණන්නේ
ඒවායින් දෙවේලක් කුස පුරවන්නේ
සිහිනෙන් පමණි දෑවැද්දක් මැවෙන්නේ
අකලට කෙස් පැහී අක්කා ඉකිලනවා
වයසට වඩා වයසක් ඇගෙ පෙනෙනවා
දෑවැදි ඉල්ල ඉල්ලා මනමාලයෝ එනවා
දැලි ගැවි ගැවී නුඹ කුස්සියේ ළතැවෙනවා
නංගි ඉගෙන ගන්නට නම් හරි හපනී
ඒත් නුඹේ බුදුවන සිහිනේ නම් නොදනී
ඇගේ නෙතට තවමත් කඳුලැලි නොනගී
ඇසූ දාට නුඹ ගැන කඳුළද වියැළේ
මල්ලී ඒ ලෙවල් කරලා දැන් ගෙදර
හිටියත් හොයන්නේ ජොබ් එකකුයි නිතර
වින්කලේට එනවා සමහර දාට
ඒත් බර වැඩක් දෙන්නේ නැහැ උන්ට
හත් දවසේ දනත් දුන්නේ අමාරැවෙන්
තුන් මාසේ දනත් ළඟ ළඟමයිලු ඉතින්
අපේ හාමුදුරැවො දානේ සිහියට නගමින්
කරයි ගුණ කථන පමුණා අප හට පිං
සංකල්පනාව - මාලන් විදානපතිරණ
Last edited:


