මතු භවයේවත් මගේම වෙනවද...

dreamzd

Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    මතු භවයේවත් මගේම වෙනවද...

    දරන්න බැරි ආදරේ තුරුළු කර
    සැඟවී යන්නට හිතුවා නොකියම
    නුඹේ රුව නැති මේ මං මාවත් වල
    දරන්න බෑ රත්තරනේ මට තනිකම...

    මුවින් නොකීවත් සවනට ලංවී
    දෙනෙත් කතාකර කියනා හැඟුමන්
    නොදැනී නොහැඟී ඉන්න තරම් දුර
    රැඳුනේ ඇයි නුඹ රත්තරනේ මට...

    තව දුර යන්නට දෙපා වාරු නෑ
    අත්වැල වෙන්නට නුඹ මගෙ ළඟ නෑ
    මළ හිරු බැසයන පාළු නිමේෂෙක
    සමු ගෙන යන්නද නොඑන්නටම මම...

    දෝතින් අල්ලන් තුරුළුව ඉන්නට
    මතු භවයේවත් මගේම වෙනවද
    දෝර ගලන ආදරේ තුරුළු කර
    බලාන ඉන්නද රත්තරනේ මම...




    ~sanda~


    **අනවසරයෙන් උපුටාගැනීම තහනම්**
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලස්සන‍යි......:cool::cool::cool:
    මේ දවස්වල හැමෝම බුට් කේස් ගැනම‍යි ලි‍යන්නේ.......
    :oo::oo::oo:
     

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    ලස්සන‍යි......:cool::cool::cool:
    මේ දවස්වල හැමෝම බුට් කේස් ගැනම‍යි ලි‍යන්නේ.......
    :oo::oo::oo:

    ස්තුතියි.... :):) මේක බුට් කේස් එකක් ගැන නම් නෙවේ.... කියාගන්න බැරිවෙච්ච ආදරයක් අකමැත්තෙන් ඇත ඇරලා යන්න හිතපු කෙනෙක් ගැන කතාවක්...:( ඒ වගේම තමා මේක අවුරුදු 12කට විතර කලින් ලියපු එකක්...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ස්තුතියි.... :):) මේක බුට් කේස් එකක් ගැන නම් නෙවේ.... කියාගන්න බැරිවෙච්ච ආදරයක් අකමැත්තෙන් ඇත ඇරලා යන්න හිතපු කෙනෙක් ගැන කතාවක්...:( ඒ වගේම තමා මේක අවුරුදු 12කට විතර කලින් ලියපු එකක්...
    :oo::oo::oo:

    තව දුර යන්නට දෙපා වාරු නෑ
    අත්වැල වෙන්නට නුඹ මගෙ ළඟ නෑ
    මළ හිරු බැසයන පාළු නිමේෂෙක
    සමු ගෙන යන්නද නොඑන්නටම මම...

    මේ පේලි ටික කි‍යවනකොට මට හිතුනේ බූට් කේස් එකක් කි‍යලා......:baffled::baffled::baffled:

    නිර්මාණ‍යක් ලි‍යන කෙනා නොහිතන විදි‍යට රසවිඳින කෙනා දකින්නත් ඉඩ ති‍යනවනේ.....:D:D:D(මම පණ්ඩිත කතාවක් කිව්වද කොහෙද.....:dull::dull::dull:)

     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ගොඩක් ලස්සනයි ....
    අසම්මත බව දැන දැනත් තව දුර නොයා නවතින්න හිතපු එක හොඳයි
    ඒ නිසා ඔයත් දවසක ජය ගනියි :yes::yes::yes::yes:
    සුබ පැතුම් :):)
     

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    :oo::oo::oo:

    තව දුර යන්නට දෙපා වාරු නෑ
    අත්වැල වෙන්නට නුඹ මගෙ ළඟ නෑ
    මළ හිරු බැසයන පාළු නිමේෂෙක
    සමු ගෙන යන්නද නොඑන්නටම මම...

    මේ පේලි ටික කි‍යවනකොට මට හිතුනේ බූට් කේස් එකක් කි‍යලා......:baffled::baffled::baffled:

    නිර්මාණ‍යක් ලි‍යන කෙනා නොහිතන විදි‍යට රසවිඳින කෙනා දකින්නත් ඉඩ ති‍යනවනේ.....:D:D:D(මම පණ්ඩිත කතාවක් කිව්වද කොහෙද.....:dull::dull::dull:)


    පණ්ඩිතමත් නැහැ... ;):D මොන විදියේ දෙයක් උනත් අදහසක් දක්වන එක තමයි වැදගත්... :):)

    මෙතනදී ආදරයක් ඇතිවෙලා තියෙන්නේ හිතේ විතරයි... කොල්ලෙක් කෙල්ලෙකුට ආදරේ කියනවා තරම් සරල දෙයක් නෙවි කෙල්ලෙක් කොල්ලෙකුට ආදරේ කියන එක.. විශේෂයෙන්ම දැනට අවුරුදු 14 කට 15 කට කලින් කාලෙක... ඒ වගේ අවස්ථාවක අසරණ වුන කෙනෙකුගේ හිතේ ඇති වෙච්ච හැඟීම් තමා ඔය විදියට ලියවිලා තියෙන්නේ...
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මුවින් නොකීවත් සවනට ලංවී
    දෙනෙත් කතාකර කියනා හැඟුමන්
    නොදැනී නොහැඟී ඉන්න තරම් දුර
    රැඳුනේ ඇයි නුඹ රත්තරනේ මට...

    kiyanna wachana naha godak hithata danuna
    ayeth awrudu 7kata kalin dawasaka mulinma dakala awrudu ganak deneth walin witharak kathaka karala dan awrudu dekakin dakapu nathi adare ayeth mathak una
    :(.
    jiwitha kalema hadawathe eyata thina ida thiyewi

     
    • Like
    Reactions: dreamzd

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දෝතින් අල්ලන් තුරුළුව ඉන්නට
    මතු භවයේවත් මගේම වෙනවද
    දෝර ගලන ආදරේ තුරුළු කර
    බලාන ඉන්නද රත්තරනේ මම...

     

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    මුවින් නොකීවත් සවනට ලංවී
    දෙනෙත් කතාකර කියනා හැඟුමන්
    නොදැනී නොහැඟී ඉන්න තරම් දුර
    රැඳුනේ ඇයි නුඹ රත්තරනේ මට...

    kiyanna wachana naha godak hithata danuna
    ayeth awrudu 7kata kalin dawasaka mulinma dakala awrudu ganak deneth walin witharak kathaka karala dan awrudu dekakin dakapu nathi adare ayeth mathak una
    :(.
    jiwitha kalema hadawathe eyata thina ida thiyewi


    me kathawa nam sahathika aththa saho... e wage kenek wenuwen hithe thiyena ida mulu jeevitha kalema thiyenawa... samaharavita oyatath oyage adare hamuweii.. avurudu 15kata passe me kenata eyage adare hamuvuna.. eth e wenakota parakku wedi.. :( aye lanwenna bari tharam dura e dennama gihin iwarayii... oyata ehema deyak noveva kiyala mama prarthana karanawa.....
    mekath balanna
    http://www.elakiri.com/forum/showthread.php?t=1571035