මතු සංසාරේ මගෙම වෙන්න ඔබ...

dreamzd

Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    මතු සංසාරේ මගෙම වෙන්න ඔබ...

    සංසාරේ පෙර හුරුවටදෝ අපි
    හමුවී වෙන්වී යලි හමු වුවේ.............
    දෙසිතක තනිවී සැඟවුන සෙනෙහස
    ඇයිදෝ අද විකසිත වුයේ..............
    අත්වැල් පටලන් පියමැන යන්නට
    තවත් ඉතින් අපි අපේ නොවේ..........


    ඈතින් හිටියත් ලංවී නළලත
    ලොවට හොරෙන් නුඹ හාදු තියනවා......
    හීනෙන් නුඹේ උණුසුමට තුරුළු වී
    අවදි නොවී මට ඉන්න හිතෙනවා.......
    හමුවීමක් නැති වෙන් වෙන්නට බැරි
    සෙනෙහසක දෙතැනක තනිව හිඳිනවා.......

    අමාවකේ අහසේ දඟ කරනා
    පුංචි තරුත් අපෙ දුකට හඬනවා.......



    තුන්යම හීනෙන් ඉකිබිඳිනා කල
    නුඹේ දෑස් මගෙ හිතේ මැවෙනවා.......
    ඇත ඉඳන් නුඹ තෙපලන වදනින්
    තුන්සිත දුක්ගිනි නිවී සැදෙනවා.......
    ඔබෙ පා මුල කුසුමක් වී දැවටෙන්නට
    තාමත් මං හීනෙනුත් පතනවා.......
    මතු සංසාරේ මගෙම වෙන්න ඔබ
    හුස්ම වෙලා මම ලඟම රැඳෙනවා.......



    ~sanda~


    **අනවසරයෙන් උපුටාගැනීම තහනම්**
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔබෙ පා මුල කුසුමක් වී දැවටෙන්නට
    තාමත් මං හීනෙනුත් පතනවා.....
    මතු සංසාරේ මගෙම වෙන්න ඔබ
    හුස්ම වෙලා මම ලඟම රැඳෙනවා....

    මේ කොටස ගොඩක් ලස්සන‍යි.......:cool::cool::cool:
    රෙප් දෙන්න බැරිලු......:dull::dull::dull:
     

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    ඔබෙ පා මුල කුසුමක් වී දැවටෙන්නට
    තාමත් මං හීනෙනුත් පතනවා.....
    මතු සංසාරේ මගෙම වෙන්න ඔබ
    හුස්ම වෙලා මම ලඟම රැඳෙනවා....

    මේ කොටස ගොඩක් ලස්සන‍යි.......:cool::cool::cool:
    රෙප් දෙන්න බැරිලු......:dull::dull::dull:

    thank u... :yes::yes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    තුන්යම හීනෙන් ඉකිබිඳිනා කල
    නුඹේ දෑස් මගෙ හිතේ මැවෙනවා.......
    ඇත ඉඳන් නුඹ තෙපලන වදනින්
    තුන්සිත දුක්ගිනි නිවී සැදෙනවා.......

    ගොඩක් ලස්සනයි .... දිගටම ලියන්න :) :) :)
     
    • Like
    Reactions: dreamzd

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    තුන්යම හීනෙන් ඉකිබිඳිනා කල
    නුඹේ දෑස් මගෙ හිතේ මැවෙනවා.......
    ඇත ඉඳන් නුඹ තෙපලන වදනින්
    තුන්සිත දුක්ගිනි නිවී සැදෙනවා.......

    ගොඩක් ලස්සනයි .... දිගටම ලියන්න :) :) :)

    thank u.... :):)
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඈතින් හිටියත් ලංවී නළලත
    ලොවට හොරෙන් නුඹ හාදු තියනවා......
    හීනෙන් නුඹේ උණුසුමට තුරුළු වී
    අවදි නොවී මට ඉන්න හිතෙනවා.......
    හමුවීමක් නැති වෙන් වෙන්නට බැරි
    සෙනෙහසක දෙතැනක තනිව හිඳිනවා.......

    අමාවකේ අහසේ දඟ කරනා
    පුංචි තරුත් අපෙ දුකට හඬනවා.......

    මේ ටිකනම් මටම ලිවුවා වගෙයි අප්පා..... එල එල පස්ට ලස්සනයි....
     
    • Like
    Reactions: dreamzd