1. ලංකාවට එරෙහිව කමිටුවක් පත් කිරීමට ඔබ එකගද? නැත
2. බෑන් කී මූන්ට විරුද්දව විමල් වීරවංශ රග දැක්වූ නාටකයට ඔබ එකගද? නැත. කොහෙත්ම නැත.
3. එබදු ක්‍රියාමාර්ගයක් ගැනීම අවශ්‍යද? නැත. රට අපකීර්තියට පත්වේ. කිසිදු යහපත් දෙයක් සිදු නොවේ.
4. එම කමිටුවෙ තීන්දුව නිර්පාක්ශික තින්දුවක් වේයැයි ඔබ සිතනවාද?පිස්සුද. කොහෙත්ම නැහැ
5. විමල් වීරවංශ නොව UNP යේ හෝ විපක්ශයේ වෙනත් කෙනෙකු එබදු ක්‍රියාවක් ගත්තොත් ඔබගේ අදහස් කෙබදු ආකාර වේද? කිසිදු වෙනසක් නොවේ. කවුරු කරත් වැරදී.
6. ලංකාව යුද අපරාද කර ඇති බවක් හෙලිවුවහොත් ලංකාවට ඉන්පසු කුමන ආකාරයේ කල දසාවක් උදා වෙයිද? ඒ කාලෙටත් හරි පිලියමක් යොදන්නේ නැතුව මෝඩ ආතල් ගත්තොත් සොරි ම තමා.
7. ජෙනරාල් පාවා දෙන්නෙකු බව ඔබ විශ්වාස කරනවාද? සුදු කොඩි කතාව ඇත්ත නම්, ඔව්.
8. ඔහුගේ පරස්පර විරෝදි කතා පිලිබද ඔබගේ අදහස කුමක්ද? ජාතික වීරයෙක් උනාට හිත හොඳ නැති බල තණ්හාව උපරිම ට ම තියෙන මිනිහෙක්
9. අවසාන වශයෙන් මා ඔබගෙන් විමසන්නේ මෙයයි. මදක් සිතන්න ඔබ යුද පෙරමුනට ගිය බව. ඔබගේ මිතුරු සෙබලුන් දහස් ගනනින් මරා දැමූ පවුල් විශාල ගනනක් අවතැන් කර දැමු බස් පුපුරවා දමමින් අහින්සක දරුවන් පවා ඝාතනය කල ඒ කුරිරු ත්‍රස්තවාදී නායකයින් ඔබ ඉදිරියට සුදු කොඩි රැගෙන පැමිනියහොත් ඔබ අතෙහි තුවක්කුවක්ද ඇතිනම් ඔබ කරන්නේ කුමක්ද? වෙඩි තබා දැමීම. උන්ට වෙඩි තැබීම අනෙක් සිය දහස් අහිංසක මිනිසුන් වෙනුවෙන් කල යුතුය.