තක්කාලියි බෝල්ට් ඇණයි අතරට භික්ෂුණි උපසම්පදාව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,623
    100,873
    113
    https://m.facebook.com/story.php?st...pXFkd3aHkBY7G7Yr7t9iLA6Dtl&id=100002239164343

    (මට සමහර ප්‍රවෘත්ති එන්නේ ප්‍රමාද වෙලා. ඒ නිසා මේක යල් පැනපු කතාවක් නම් සමාවෙන්න.)

    භික්ෂුණි උපසම්පදා ගැටලුව සහ පු.ලි.දෙ. ප්‍රශ්නය ගැන Chameera Jeewantha Dedduwage ලියපු සටහනට ඌන පූරණයක් වශයෙන් මේක ලියන නිසා, ඔහු කියපු කරුණු නැවත ලියන්නේ නැහැ.

    මහායානය යනු කුමක්ද කියල මා කළ වීඩීයෝව තාරා ලංකා (Tara Lanka) යූටියුබ් නාලිකාව හරහා දැන් ඔබට බලන්න පුළුවන්. එතැනදී මම ලංකාවේ අවුරුදු 100ක් විතර කාලයක් තිබුණු මෝඩ සහ වැරදි ආකල්ප රාශියකට පිළිතුරු සපයල තියෙනවා. එහිදී පැහැදිලි කළ ප්‍රධාන කාරණයක් තමා මහායානය සහ ථේරවාදය ගැන කතා කරන විලාසයේ ඇති වරද.

    පාසලේත්, දහම් පාසලේත්, විවියේත් අපට උගන්වන්නේ බුදුදහමට කොටස් දෙකක් තියෙනවා එකක් මහායාන අනෙක ථේරවාද කියා. ඇත්තටම මේ බෙදීම තක්කාලියි බෝල්ට් ඇණයි වගේ කිසිම ගැළපීමක් නැති බෙදීමක්. ඒකට හේතුව ථේරවාදය කියන්නේ සම්ප්‍රදායයක්. ඒත් මහායානය කියන්නේ සම්ප්‍රදායයක් නෙවේ. ඒක බුදුදහම අනුගමනය කරන්න පුළුවන් විදිහක්. ඒ කියන්නේ බුදුදහම පිළිපදින ක්‍රමයක්.

    අප සම්ප්‍රදාය වශයෙන් ලෝකයේ බුදුදහම කොටස් කෙරුවොත් දැනට ලෝකයේ බෞද්ධ සම්ප්‍රදායයන් තුනක් තියෙනවා. ලංකාව සහ අග්නිදිග ආසියාතික රටවල ක්‍රියාත්මක වන ථේරවාද සම්ප්‍රදායය, චීනය ඇතුළු ඈත පෙරදිග ආසියානු කලාපයේ ක්‍රියාත්මක වන ධර්මගුප්ත සම්ප්‍රදායය සහ ටිබෙටයේ ක්‍රියාත්මක වන මූලසර්වාස්තිවාද සම්ප්‍රදායය යනුවෙන්.

    එතකොට මහායානය කියන්නේ මොකද්ද? තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් නිවන් දකින්න පුළුවන් කියල පිළිගන්න, සියලු විවිධත්වයන්ට ඉඩ හසර ලබා දෙන all inclusive මොඩලයක් තමා මහායානය කියන්නේ. ඒ අනුව මහායානය ඇතුළේ දිව්‍ය ලෝක සම්පත් බලාගෙන පින් කරන කෙනා සිට, බුදු වීමට වෙර දරන බෝධිසත්වයන්ට පවා එකතැන සිට කටයුතු කරන්න පුළුවන් ක්‍රමය තමා මහායානය කියන්නේ. අභයගිරිය මහායාන වෙන්නේ ඒ අනුව. මහායානයට විරුද්ධ පදය ථේරවාදය නෙවේ, හීනයානය. හීනයානය කියන්නේ මේ සංසාරය ඉතාම දරුණුයි, භයානකයි. ඒ නිසා, අද අදම, මේ දැන්ම රහත් වෙන්න පුළුවන් නම් ඒ සඳහා අවශ්‍ය වෙර වීරිය වඩමින් ක්‍රියා කිරීමයි. ඇත්තටම මහායානය මේ අදහස ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔවුන් කියන්නේ මේ ක්‍රමයට විතරක්ම බුදුදහම තේරුම් ගන්න එක වැරදියි මෙයත් ඇතුළත්ව තුන්තරා බෝධියෙන්ම නිවන් දැකීම තමා නිවැරදි බෞද්ධ ක්‍රමය කියා. මතක තබා ගන්න, ඒ අමා මහනිවන් සුව බොහො ඈතක නෙවේ කියා ආපු අයත් දැන් මෙතේ බුදුන් දැක නිවන් දකින්න ප්‍රාර්ථනා කරන බව.

    එතකොට ථේරවාදය හීනයානික ද? නැහැ. ලෝකයේ කොතැනකවත් හීනයාන බෞද්ධයන් පිරිසක් අපට දකින්න ලැබෙන්නේ නැහැ 4 සියවසින් පසුව. මේ නිසා තමා, පාලි සූත්‍රවල හීනයාන ආකල්පයත් පාලි අටුවාවල මහායාන ලක්ෂණත් දකින්න ලැබෙන්නේ. කොටින්ම සම්භාව්‍ය සිංහල සාහිත්‍යයයේ එන බොහෝ පොත් මහායාන ආකල්පයෙන් ලියා ඇත්තේ.

    මේ ටික ඔබට තේරුණා නම් දැන් ඔබට වැටහෙන්නට ඕනේ උපසම්පදාව පිළිබඳ ගැටලුව මහායාන ථේරවාදී ගැටලුවක් නෙවේ, එතැන තියෙන්නේ ථෙරවාදී විනය සහ චීනයෙන් ගෙනා උපසම්පදාව ධර්මගුප්ත විනයට අදාළ වේ යන ගැටලුව.

    මෙහෙම හිතන්න හේතුව තමා ථෙරාවදී විනය තමයි 'the විනය‘ අනෙක් ඒවා විකෘති කරගත් විනය කියන ආකල්පය. මේ කතාව ප්‍රායෝගික තලයේදී මැන බලන්න එපා, කාට කාටත් උඩ බලාගෙන කෙළ ගහ ගන්නටයි වෙන්නේ. මොකද සින්දු කියන, ගිටාර් ගහන, නාට්‍ය රඟ දක්වන භික්ෂූන්ගේ ඡායාරූප මේ පෝස්ට්ටුවේ ඇල වෙන්න ඉඩ ඇති නිසා. අප න්‍යායික තලයේ සිට කතා කළොත් සේරා ජේ ආරාමය මඟින් දලයි ලාමා වහන්සේගේ මෙහෙය වීමේන් මේ වන විට විනය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ 5ක් පවත්වා තිබෙනවා. ඒ සම්මන්ත්‍රණවල සාකච්ඡා වුණු කරුණු මේ වන විට ලෝකයට හෙළිදරවු කරල තියෙනවා. ඒ සම්මන්ත්‍රණවලට සහභාගී වුණු හැමෝම එකමතික පිළිගත්ත දේ තමයි මේ භික්ෂූන් වහන්සේලා මූලික විනය නීති හෝ සම්මතයන් කිසිවක් වෙනස් කරගෙන නැහැ. නීති හළාගෙනත් නැහැ. ඉතා සුළු වෙනස්කම් පේන්නේ කාලය සහ දේශයට අනුරූපව මතුවූ ප්‍රායෝගික ගැටලු නිසා බව.

    චීනයේ ඇති භික්ෂුණී උපසම්පදාව පරම්පරාවක් වශයෙන් ලංකාවෙන් ගෙන ගිය එක. හැබැයි ලංකාවේ අභයගිරියේ පැවැතියේ දැනට අප ථේරවාදී විනය ලෙස හඳුන්වන විනයද නැතිනම් ධර්මගුප්ත විනයද යන්න තහවුරු කරගන්න විදිහක් නැහැ. බොහෝ උගතුන් හිතන්නේ අභයගිරියේ වෙනම විනයක් නොතිබුණු බවයි. එහෙම නම් එදා දේවසාරා වීනයට අරං ගියේ ථේරවාදී විනයට අනුව ගත් උපසම්පදාව. හැබැයි චීනයේදීත් කාලයක් යන විට උපසම්පදාව රැක ගැනීම සම්බන්ධයෙන් විශාල අර්බුද මතු වුණා. මේ නිසා, චීනයේදී ඒ භික්ෂූන් වහන්සේලා ගත් තීරණයක් තමා භික්ෂුණියක් දෙවරක් උපසම්පදා වෙන්න ඕනේ කියන කාරණය. එකක් භික්ෂූන් අතින් අනෙක භික්ෂුණීන් අතින්. මෙහෙම කරන්නේ, කුමන හෝ හේතුවක් නිසා හෝ භික්ෂුණී උපසම්පදාව අතර මඟ කිළිටි වුණා නම් භික්ෂු උපසම්පදාවත් ප්‍රදානය කළ නිසා ඒ කිළුට වැහිල යයි කියන පදනමින්.

    මෙන්න මේ පුරුද්ද නිසා, භික්ෂුණීන් පුරුදු වුණා ථේරවාද විනය නීතියි ධර්මගුප්ත විනය නීතියි යන දෙකම පිළිපදින්න. මෙතැනදී මතක තියා ගන්න ඕන දේ තමා, ධර්මගුප්තක විනයේ නීති සංඛ්‍යාව ථේරවාදයේ නීති සංඛ්‍යාවට වඩා වැඩි බව. කොටින්ම කියනවා නම් ඒ අයගේ මේ තීරණය නිසා වුණේ විනය තවත් දැඩි වීම මිස ලිහිල් වීම නෙවේ.

    දැන් පු.ලි.දෙ. වෙත හැරෙමු. මීට කලිනුත් මෙහෙම දෙයක් වුණා. හාමුදුරු කෙනෙකු රියදුරු බලපත්‍රය සඳහා ඇයදුම් කළ මොහොතේ රථවාහන කොමසාරිස් එය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබුණා. එහෙම කරන්න එතුමාට කිසිම අයිතියක් නැහැ. හාමුදුරු කෙනෙකු වුණත් ඔහු ලංකාවේ පුරවැසියෙක්. ලංකාවේ පුරවැසියෙකු විදිහට රියදුරු බලපත්‍රයක් ගැනීමට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබිය දී ඒ පුද්ගලයාට රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට රජයේ නිලධාරියෙකු වශයෙන් රථවාහන කොමසාරිස් බැඳී සිටිනවා. එසේ නොකරනවා නම් එය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. අනෙක් අතට භික්ෂුවක් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම කැපද ඇකැපද වගේ ප්‍රශ්නයක් වැටෙන්නේ ලංකාවේ සිවිල් නීතියට නෙවේ, භික්ෂු විනයට. ඉතිං භික්ෂු විනයට අදාළ කාරණා භික්ෂූන් වහන්සේලා විසඳා ගන්න ඕනේ. විනය කරුණුවලට අදාළ තීන්දු ගැනීමට රජයේ නිලධාරීන්ට බලය දීම වැරදි පූර්වාදර්ශයක්.

    පු.ලි.දෙ. ප්‍රශනයත් මේ වගේ. යම් අයෙකුට තමුන්ගේ වෘත්තිය තහවුරු කරන්න යම් ක්‍රමයක් තිබේ නම් එය තහවුරු කර තිබිය දී, එය බාර ගන්න බැහැ කියා කියන්න පු.ලි.දෙ. කොමසාරිස්ට බැහැ. භික්ෂුණින් වහන්සේලාගේ උපසම්පදාව බාර ගන්නවාද නැද්ද වගේ කාරණා ආයෙමත් වැටෙන්නේ විනය කාරණා හැටියට මිසක සිවිල් නීතිය සම්බන්ධ කාරණා ලෙස නෙවේ. රජයේ නිලධාරියෙකු කටයුතු කරන විට රටේ සිවිල් නීතියට අනුව මිස බෞද්ධ විනය නීතිවලට අනුව ක්‍රියා කිරීම අනුමත කරන්න බැහැ.

    දැන් ඔබ කියයි, ඇයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කරන්න කියල තියෙනවා නේ කියා. ඔබ හරි. හැබැයි එතැන තියෙන්නේ සම්බුද්ධ ශාසනය කියා මිස ‘ථේරවාදී‘ සම්බුද්ධ ශාසනය කියා නොවේ. වචන වාසියට කියව ගන්න එපා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,035
    113
    Mother Earth
    :baffled: උබල මේව කොහොම කියවනවද මන්දා. මට නම් මේ වගේ religious හෑලි කියවන්නම හිතෙන්නෙ නෑ බන්. ඒක සමහරවිට මගේ පව්කාර කම වෙන්නත් බැරි නෑ. 🤷‍♂️
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,873
    113
    :baffled: උබල මේව කොහොම කියවනවද මන්දා. මට නම් මේ වගේ religious හෑලි කියවන්නම හිතෙන්නෙ නෑ බන්. ඒක සමහරවිට මගේ පව්කාර කම වෙන්නත් බැරි නෑ. 🤷‍♂️
    මොකද්ද උත්තෝ මේ හෑල්ල?
    Thanks bump වලට 🤌
     
    • Love
    Reactions: Candid-B

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    :baffled: උබල මේව කොහොම කියවනවද මන්දා. මට නම් මේ වගේ religious හෑලි කියවන්නම හිතෙන්නෙ නෑ බන්. ඒක සමහරවිට මගේ පව්කාර කම වෙන්නත් බැරි නෑ. 🤷‍♂️
    කියෙව්ව බම් මුකුත් මටත් තේරුනේ නෑ නෙව 😏

    මගෙත් පව් වැඩි ඇති, පව් සමා කරන්න ගුලියක් දාලා මනෝභාවයෙන් ඉද්දී කියවන්න save කරගත්තා, මේ සතිය ගෙවන්නේ AI එක්ක මනෝභාවයෙන් සමවැදිලා, ලබන සතිය ගෙවන්නේ Religious විදියට මනෝභාවයෙන් සමවද්ද ගෙන 🤗 විනෝදයි..... 🤭
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    Anyway good decision..
    Happy to hear.

    2015 wage math udaw kara ohoma ekakata proposal ekak hadala බුද්ධ සාසන අමාත්‍යාංශය ට එහෙම

    + api භික්ෂුනි පිරිවෙනක් හදන්න ඉඩමක් දුන්නා. Family එක එකතු වෙලා. දැන් eke 60+ ඉගෙන ගන්නවා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,104
    113
    🔹 භික්ෂුණී උපසම්පදා – මහායාන හා ථේරවාද ගැටලුවක්ද?
    මහායාන සහ ථේරවාද – වැරදි ව්‍යාකරණය:

    බුදුදහම මහායාන සහ ථේරවාද ලෙස බෙදීම තක්කාලිය සහ බෝල්ට් ඇණයෙ වගේ නොගැලපෙන වෙන්කිරීමකි.

    ථේරවාදය සම්ප්‍රදායයකි, මහායානය ක්‍රමයකි – බුදුදහම අනුගමනය කිරීමට යොදාගන්නා "all-inclusive" මොඩලයකි.

    ලෝක බෞද්ධ සම්ප්‍රදාය තුන:

    ථේරවාද (ශ්‍රී ලංකාව, ඊස්ට් ඇෂියා)

    ධර්මගුප්තක (චීනය)

    මූලසර්වාස්තිවාද (ටිබෙට්)

    මහායාන විධියෙන් – තුන්තරා බෝධිය:

    සෑම බෝධි මාර්ගයකින්ම නිවන් දැකීම පිළිගැනීම.

    බෞද්ධ විවිධත්වයට ඉඩ දීම.

    හීනයානයට විරුද්ධත්වය නෙවෙයි – ඒ වෙනුවට ඒක පමණක් නිවැරදි කියන අදහසට විරුද්ධය.

    අභයගිරිය සහ මහායානය:

    අභයගිරිය මහායානික ආසනයක්.

    ලංකාවේ බොහෝ පුරාණ ග්‍රන්ථ මහායාන ආකල්පයෙන් ලියවී ඇත.

    🔹 භික්ෂුණී උපසම්පදා සහ විනය ගැටළුව
    ගැටලුව – ථේරවාද විනය vs. ධර්මගුප්ත විනය:

    චීනයේ භික්ෂුණී උපසම්පදා පරම්පරාව ලංකාවෙන් ගිය එකක්.

    මේ වෙනස්කම සාම්ප්‍රදායික විනය ගැටලුවක්, නෙවෙයි ථේරවාද-මහායාන ගැටලුවක්.

    දෙවරක් උපසම්පදා වීමේ තීරණය (චීනයේ):

    භික්ෂුණීන් දෙවරක් උපසම්පදා වෙති – භික්ෂූන් අතින් සහ භික්ෂුණීන් අතින්.

    මෙය විනයය තවත් දැඩි කිරීමකි – ලිහිල් කිරීමක් නොවෙයි.

    🔹 පු.ලි.දෙ. සහ රජයේ නීති ගැටළුව
    විනය නීතිය සහ සිවිල් නීතිය වෙන් කර දක්වන්න:

    භික්ෂුවෙකුට රියදුරු බලපත්‍රය ලබාදිය යුතුය – ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙකු.

    එය භික්ෂු විනය ගැටළුවක් – නෙවෙයි රථවාහන කොමසාරිස් විසින් තීරණය කළ යුතු සිවිල් නීතියක්.

    පු.ලි.දෙ. ගැටලුවද ඒ වගේමයි:

    භික්ෂුණියෙකුගේ වෘත්තිය තහවුරු කිරීමේදී පෞද්ගලික විනය නොව, සිවිල් නීතිය අනුව ක්‍රියා කළ යුතුය.

    🔹 සන්ධි විශේෂ කරුණු
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ "සම්බුද්ධ ශාසනය" යන්න:

    එහි සඳහන් වන්නේ "සම්බුද්ධ ශාසනය" ය, නෙවෙයි "ථේරවාදී සම්බුද්ධ ශාසනය".

    එබැවින් රජය සෙරිනවෙයි සමස්ත බෞද්ධ භික්ෂු සම්ප්‍රදායන්ටම – එකක් පමණක් නොව.

    මෙම ලිපියේ මූලික කාරණා වන්නේ –

    භික්ෂුණී උපසම්පදාව සම්බන්ධ ගැටලුව ආගමික විනයක ගැටළුවක් වන අතර,

    රජයේ නීතිවලට අදාළ කරන්නේ නෙවෙයි,

    ත්‍යාගාත්මකව, විවාදය හුදෙක් මහායාන-ථේරවාද තරහකාරීත්වයක් නොව, විනය සම්ප්‍රදායන් අතර වූ තාක්ෂණික ගැටළුවක් බව පැහැදිලිය.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ගැටළුවක් තියනව වගෙත් පේනව නෑ වගෙත් පේනව..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඕක තමයි කියන්නේ ආගම නීතියෙන් වෙන් කරන එක දෙපැත්තටම හොඳයි කියල
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    https://m.facebook.com/story.php?st...pXFkd3aHkBY7G7Yr7t9iLA6Dtl&id=100002239164343

    තක්කාලියි බෝල්ට් ඇණයි අතරට භික්ෂුණි උපසම්පදාව

    (මට සමහර ප්‍රවෘත්ති එන්නේ ප්‍රමාද වෙලා. ඒ නිසා මේක යල් පැනපු කතාවක් නම් සමාවෙන්න.)

    භික්ෂුණි උපසම්පදා ගැටලුව සහ පු.ලි.දෙ. ප්‍රශ්නය ගැන Chameera Jeewantha Dedduwage ලියපු සටහනට ඌන පූරණයක් වශයෙන් මේක ලියන නිසා, ඔහු කියපු කරුණු නැවත ලියන්නේ නැහැ.

    මහායානය යනු කුමක්ද කියල මා කළ වීඩීයෝව තාරා ලංකා (Tara Lanka) යූටියුබ් නාලිකාව හරහා දැන් ඔබට බලන්න පුළුවන්. එතැනදී මම ලංකාවේ අවුරුදු 100ක් විතර කාලයක් තිබුණු මෝඩ සහ වැරදි ආකල්ප රාශියකට පිළිතුරු සපයල තියෙනවා. එහිදී පැහැදිලි කළ ප්‍රධාන කාරණයක් තමා මහායානය සහ ථේරවාදය ගැන කතා කරන විලාසයේ ඇති වරද.

    පාසලේත්, දහම් පාසලේත්, විවියේත් අපට උගන්වන්නේ බුදුදහමට කොටස් දෙකක් තියෙනවා එකක් මහායාන අනෙක ථේරවාද කියා. ඇත්තටම මේ බෙදීම තක්කාලියි බෝල්ට් ඇණයි වගේ කිසිම ගැළපීමක් නැති බෙදීමක්. ඒකට හේතුව ථේරවාදය කියන්නේ සම්ප්‍රදායයක්. ඒත් මහායානය කියන්නේ සම්ප්‍රදායයක් නෙවේ. ඒක බුදුදහම අනුගමනය කරන්න පුළුවන් විදිහක්. ඒ කියන්නේ බුදුදහම පිළිපදින ක්‍රමයක්.

    අප සම්ප්‍රදාය වශයෙන් ලෝකයේ බුදුදහම කොටස් කෙරුවොත් දැනට ලෝකයේ බෞද්ධ සම්ප්‍රදායයන් තුනක් තියෙනවා. ලංකාව සහ අග්නිදිග ආසියාතික රටවල ක්‍රියාත්මක වන ථේරවාද සම්ප්‍රදායය, චීනය ඇතුළු ඈත පෙරදිග ආසියානු කලාපයේ ක්‍රියාත්මක වන ධර්මගුප්ත සම්ප්‍රදායය සහ ටිබෙටයේ ක්‍රියාත්මක වන මූලසර්වාස්තිවාද සම්ප්‍රදායය යනුවෙන්.

    එතකොට මහායානය කියන්නේ මොකද්ද? තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් නිවන් දකින්න පුළුවන් කියල පිළිගන්න, සියලු විවිධත්වයන්ට ඉඩ හසර ලබා දෙන all inclusive මොඩලයක් තමා මහායානය කියන්නේ. ඒ අනුව මහායානය ඇතුළේ දිව්‍ය ලෝක සම්පත් බලාගෙන පින් කරන කෙනා සිට, බුදු වීමට වෙර දරන බෝධිසත්වයන්ට පවා එකතැන සිට කටයුතු කරන්න පුළුවන් ක්‍රමය තමා මහායානය කියන්නේ. අභයගිරිය මහායාන වෙන්නේ ඒ අනුව. මහායානයට විරුද්ධ පදය ථේරවාදය නෙවේ, හීනයානය. හීනයානය කියන්නේ මේ සංසාරය ඉතාම දරුණුයි, භයානකයි. ඒ නිසා, අද අදම, මේ දැන්ම රහත් වෙන්න පුළුවන් නම් ඒ සඳහා අවශ්‍ය වෙර වීරිය වඩමින් ක්‍රියා කිරීමයි. ඇත්තටම මහායානය මේ අදහස ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔවුන් කියන්නේ මේ ක්‍රමයට විතරක්ම බුදුදහම තේරුම් ගන්න එක වැරදියි මෙයත් ඇතුළත්ව තුන්තරා බෝධියෙන්ම නිවන් දැකීම තමා නිවැරදි බෞද්ධ ක්‍රමය කියා. මතක තබා ගන්න, ඒ අමා මහනිවන් සුව බොහො ඈතක නෙවේ කියා ආපු අයත් දැන් මෙතේ බුදුන් දැක නිවන් දකින්න ප්‍රාර්ථනා කරන බව.

    එතකොට ථේරවාදය හීනයානික ද? නැහැ. ලෝකයේ කොතැනකවත් හීනයාන බෞද්ධයන් පිරිසක් අපට දකින්න ලැබෙන්නේ නැහැ 4 සියවසින් පසුව. මේ නිසා තමා, පාලි සූත්‍රවල හීනයාන ආකල්පයත් පාලි අටුවාවල මහායාන ලක්ෂණත් දකින්න ලැබෙන්නේ. කොටින්ම සම්භාව්‍ය සිංහල සාහිත්‍යයයේ එන බොහෝ පොත් මහායාන ආකල්පයෙන් ලියා ඇත්තේ.

    මේ ටික ඔබට තේරුණා නම් දැන් ඔබට වැටහෙන්නට ඕනේ උපසම්පදාව පිළිබඳ ගැටලුව මහායාන ථේරවාදී ගැටලුවක් නෙවේ, එතැන තියෙන්නේ ථෙරවාදී විනය සහ චීනයෙන් ගෙනා උපසම්පදාව ධර්මගුප්ත විනයට අදාළ වේ යන ගැටලුව.

    මෙහෙම හිතන්න හේතුව තමා ථෙරාවදී විනය තමයි 'the විනය‘ අනෙක් ඒවා විකෘති කරගත් විනය කියන ආකල්පය. මේ කතාව ප්‍රායෝගික තලයේදී මැන බලන්න එපා, කාට කාටත් උඩ බලාගෙන කෙළ ගහ ගන්නටයි වෙන්නේ. මොකද සින්දු කියන, ගිටාර් ගහන, නාට්‍ය රඟ දක්වන භික්ෂූන්ගේ ඡායාරූප මේ පෝස්ට්ටුවේ ඇල වෙන්න ඉඩ ඇති නිසා. අප න්‍යායික තලයේ සිට කතා කළොත් සේරා ජේ ආරාමය මඟින් දලයි ලාමා වහන්සේගේ මෙහෙය වීමේන් මේ වන විට විනය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ 5ක් පවත්වා තිබෙනවා. ඒ සම්මන්ත්‍රණවල සාකච්ඡා වුණු කරුණු මේ වන විට ලෝකයට හෙළිදරවු කරල තියෙනවා. ඒ සම්මන්ත්‍රණවලට සහභාගී වුණු හැමෝම එකමතික පිළිගත්ත දේ තමයි මේ භික්ෂූන් වහන්සේලා මූලික විනය නීති හෝ සම්මතයන් කිසිවක් වෙනස් කරගෙන නැහැ. නීති හළාගෙනත් නැහැ. ඉතා සුළු වෙනස්කම් පේන්නේ කාලය සහ දේශයට අනුරූපව මතුවූ ප්‍රායෝගික ගැටලු නිසා බව.

    චීනයේ ඇති භික්ෂුණී උපසම්පදාව පරම්පරාවක් වශයෙන් ලංකාවෙන් ගෙන ගිය එක. හැබැයි ලංකාවේ අභයගිරියේ පැවැතියේ දැනට අප ථේරවාදී විනය ලෙස හඳුන්වන විනයද නැතිනම් ධර්මගුප්ත විනයද යන්න තහවුරු කරගන්න විදිහක් නැහැ. බොහෝ උගතුන් හිතන්නේ අභයගිරියේ වෙනම විනයක් නොතිබුණු බවයි. එහෙම නම් එදා දේවසාරා වීනයට අරං ගියේ ථේරවාදී විනයට අනුව ගත් උපසම්පදාව. හැබැයි චීනයේදීත් කාලයක් යන විට උපසම්පදාව රැක ගැනීම සම්බන්ධයෙන් විශාල අර්බුද මතු වුණා. මේ නිසා, චීනයේදී ඒ භික්ෂූන් වහන්සේලා ගත් තීරණයක් තමා භික්ෂුණියක් දෙවරක් උපසම්පදා වෙන්න ඕනේ කියන කාරණය. එකක් භික්ෂූන් අතින් අනෙක භික්ෂුණීන් අතින්. මෙහෙම කරන්නේ, කුමන හෝ හේතුවක් නිසා හෝ භික්ෂුණී උපසම්පදාව අතර මඟ කිළිටි වුණා නම් භික්ෂු උපසම්පදාවත් ප්‍රදානය කළ නිසා ඒ කිළුට වැහිල යයි කියන පදනමින්.

    මෙන්න මේ පුරුද්ද නිසා, භික්ෂුණීන් පුරුදු වුණා ථේරවාද විනය නීතියි ධර්මගුප්ත විනය නීතියි යන දෙකම පිළිපදින්න. මෙතැනදී මතක තියා ගන්න ඕන දේ තමා, ධර්මගුප්තක විනයේ නීති සංඛ්‍යාව ථේරවාදයේ නීති සංඛ්‍යාවට වඩා වැඩි බව. කොටින්ම කියනවා නම් ඒ අයගේ මේ තීරණය නිසා වුණේ විනය තවත් දැඩි වීම මිස ලිහිල් වීම නෙවේ.

    දැන් පු.ලි.දෙ. වෙත හැරෙමු. මීට කලිනුත් මෙහෙම දෙයක් වුණා. හාමුදුරු කෙනෙකු රියදුරු බලපත්‍රය සඳහා ඇයදුම් කළ මොහොතේ රථවාහන කොමසාරිස් එය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබුණා. එහෙම කරන්න එතුමාට කිසිම අයිතියක් නැහැ. හාමුදුරු කෙනෙකු වුණත් ඔහු ලංකාවේ පුරවැසියෙක්. ලංකාවේ පුරවැසියෙකු විදිහට රියදුරු බලපත්‍රයක් ගැනීමට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබිය දී ඒ පුද්ගලයාට රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට රජයේ නිලධාරියෙකු වශයෙන් රථවාහන කොමසාරිස් බැඳී සිටිනවා. එසේ නොකරනවා නම් එය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. අනෙක් අතට භික්ෂුවක් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම කැපද ඇකැපද වගේ ප්‍රශ්නයක් වැටෙන්නේ ලංකාවේ සිවිල් නීතියට නෙවේ, භික්ෂු විනයට. ඉතිං භික්ෂු විනයට අදාළ කාරණා භික්ෂූන් වහන්සේලා විසඳා ගන්න ඕනේ. විනය කරුණුවලට අදාළ තීන්දු ගැනීමට රජයේ නිලධාරීන්ට බලය දීම වැරදි පූර්වාදර්ශයක්.

    පු.ලි.දෙ. ප්‍රශනයත් මේ වගේ. යම් අයෙකුට තමුන්ගේ වෘත්තිය තහවුරු කරන්න යම් ක්‍රමයක් තිබේ නම් එය තහවුරු කර තිබිය දී, එය බාර ගන්න බැහැ කියා කියන්න පු.ලි.දෙ. කොමසාරිස්ට බැහැ. භික්ෂුණින් වහන්සේලාගේ උපසම්පදාව බාර ගන්නවාද නැද්ද වගේ කාරණා ආයෙමත් වැටෙන්නේ විනය කාරණා හැටියට මිසක සිවිල් නීතිය සම්බන්ධ කාරණා ලෙස නෙවේ. රජයේ නිලධාරියෙකු කටයුතු කරන විට රටේ සිවිල් නීතියට අනුව මිස බෞද්ධ විනය නීතිවලට අනුව ක්‍රියා කිරීම අනුමත කරන්න බැහැ.

    දැන් ඔබ කියයි, ඇයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කරන්න කියල තියෙනවා නේ කියා. ඔබ හරි. හැබැයි එතැන තියෙන්නේ සම්බුද්ධ ශාසනය කියා මිස ‘ථේරවාදී‘ සම්බුද්ධ ශාසනය කියා නොවේ. වචන වාසියට කියව ගන්න එපා.

    ඊලගට

    පොප්ට් ජෙරම් එයාගෙ රස්සාව කෑල්ලට පාප් වහන්සේ කියල ඉල්ලයි

    ලසන්ත අයියගෙ ෆලොවර්ස්ලටික ඔන්ලයින් එන්ටර්ප්‍රිනුඅර් කියල ඉල්ලයි

    ඉන්දියන් යූටිබුබ් බලලා, චැට්ජීපීටී වලින් කෝඩ් කරන අයියලා සොප්ට්වෙයර් ඉන්ජිනේරු ඉල්ලයි

    සමන්ත බද්ද්‍ර පසේ බුදු තනතුර ඉල්ලයි

    මාර වැඩේ ලන්කාවට උනේ :ROFLMAO:

    think about it GIF by Robert E Blackmon
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,873
    113
    "විහාරාධිපති" කම විනයට අදාලව විග්‍රහ කරන්න කියපන් ඕක ලියපු එකාට
    කියලා බලන්න ඔය ලින්ක් එක එක්කම දාලා තියෙන්නේ.
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858

    වචන හරඹ විතරයි.
    ථෙරවාදය සම්ප්‍රදායක්.
    මහායානය සම්ප්‍රදායක් නෙවෙයි.
    බොළඳ කථා නේ