රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන විට දින තුනකින් කියෙව් නගරය අත්පත් කරගත හැකිය යන්න රුසියානු අදහස වූ බව සාමාන්‍ය මතයයි. යුක්රේන ආක්‍රමණයට පෙර දේශසීමාවේ රුසියානු හමුදා එකතු කෙරෙන විට, රුසියාව ඇත්ත වශයෙන්ම යුක්රේනය ආක්‍රමණය කරනු ඇතැයි කිසිවෙක් විශ්වාස නොකළේය. මන්ද අවම තරමේ යුරෝපය තුල මේ රට රටවල් ආක්‍රමණය වැනි ආදි යුගයකට අයත් දෑ අවසන් වී ඇතැයි සැවොම සිතු නිසා එවැන්නක් හිතාගැනීමට පවා කිසිවෙක්ට නොහැකි වීමයි. නමුත් ඇමරිකන් ජනාධිපති බයිඩන් අනිවාර්යයෙන් රුසියාව යුක්රේනය ආක්‍රමණය කරනු ඇතැයි කියා සිටියේය.
රුසියානු ආක්‍රමණය ඇරඹුනු විගස බයිඩන් විසින් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිට රටෙන් ඉවත්වීමට යෝජනා කලේය. නමුත් හැමෝම දන්නා ලෙස සෙලෙන්ස්කි කීවේ ඔහුට වුවමනා ගුවන්යානාවක් නොව අවි ආයුධ බවයි. යුද්ධයේ මුල් කාලයේ රුසියානු විශේෂ බලකා කණ්ඩායම් සෙලෙන්ස්කි මරා දැමීමට විවිධ මෙහෙයුම් කියෙව තුල දියත් කළේය. සෙලෙන්ස්කි පලා නොයමින් දිගින් දිගට තම රටට සහය ගැනීමට හැකි ලෙස කටයුතු කළේය. විකට නළුවෙක් නායකයෙක් වන්නේ එසේයි.
යුක්රේනය ආක්‍රමණය වූ විට නායකයාගේ සිට බොහෝ අය සිය රට රැකගැනීම වෙනුවෙන් අද වෙනතෙක් සටන් කර ඇත. ඔවුන් අදටත් සටන් කරති. ඇමරිකාව ඔවුන්ට සහය දෙන විට ඔවුන් ඇමරිකාවේ සහය ගත් අතර දැන් ඇමරිකාව ඔවුන්ට සහය නොදෙන හෝ විරුද්ධ තැනකට යන විට ඔවුහු ඔවුන්ට හැකි ලෙස තත්වයන් තමන්ට වාසිදායක කරගැනීමට තැත් කරති.
රුසියාවේ ඇමරිකාවේ මහා බලයන් හමුවේ යුක්රේනය අඟුටුමිට්ටෙක් වුවද, එය වසර තුනක් රුසියාව හා යුද වැද සිටී. ඩොලර් බිලියන සිය ගණන්වල යුද බලයන් සහිත රටවල්වල නායකයන්ගේ ආක්‍රමණ, වහසි බස් සහ අශිෂ්ට හැසිරීම්වලට හුරේ දමමින් අසීරු අවාසනාවන්ත තත්වයකට මුහුණ දෙන සෙල්ස්න්කි සහ යුක්රේනය පහත් කර හෙලාදැකිය හැක්කේ කිසිත් නොතේරෙන ත්රාඩ මෝඩයන්ට පමණි. යුක්රේනයේ අවාසනාවන්ත ඉරණම තුල තහවුරු වනු ඇත්තේ නව ලෝකයේ වනාන්තර සදාචාරයයි. ලංකාව වගේ රටක සිටිමින් යුක්රේනයට හිනාවෙන මෝඩයන්ට මේවා නොතේරෙන නිසා අපි ඒවායේ අනුගමනයන් කියා දෙන්න යන්නේ නැත.
- දුමින්ද රත්නායක (ගේ ෆේස්බුක් ගිණූමෙන් ගත් උපුටනයකි)