මදන මෝදක තොගයක් අත්අඩංගුවට..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    මදන මෝදක තොගයක් අත්අඩංගුවට..

    මදන මෝදක තොගයක් අත්අඩංගුවට..

    ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි 300 ක් සමග සැකකරුවෙකු නුවරඑලිය කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් (26) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, සැකකරු මදන මෝදක ගුලි අලෙවි කරන බවට ලද තොරතුරක් මත පොලිස් උපාය දුතයෙකු යොදා ගනිමින් සැකකරු සහ මදන මෝදක ගුලි 300 අත්අඩංගුවට ගත් බවයි වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේ.

    අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව වැටලිම සිදු කල නිලධාරින් පැවසිය.

    arrest karanna baha kiyala usawiyakin kiyala thiynewa

    https://elakiri.com/threads/ගංජා-මි...ළෙදාමට-නඩු-දාන්න-පොලිසියට-බලයක්-නෑලු.2088686/

    ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකුණන්නන් හෝ ළඟ තබාගන්නන් අත්අඩංගුවට ගැනීමට හෝ නඩු පැවැරීමට පොලිසියට කිසිදු බලයක් නැතැයි අත්තනගල්ල අංක 2 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විවෘත අධිකරණයේදී 18 දා ප්‍රකාශ කළේය.

    ආයුර්වේද පනතට අනුව කංසා ඇට හා කොළ ඇතුළුව අනෙකුත් ද්‍රව්‍ය මිශ්‍ර කොට මදන මෝදක නිෂ්පාදනය කරන බව පැහැදිලිව සඳහන් කර ඇතැයි පැවැසූ මහේස්ත්‍රාත්වරයා අධිකරණ ශාලාවේ සිටි පොලිස් නිලධාරීන්ට ආයුර්වේද පනත පිළිබඳව දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කිරීමක්ද කළේය.මදන මෝදක ගුලි ළඟ තබාගත් පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිසිය පැවැරූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ එලෙස අදහස් දැක්වූ මහේස්ත්‍රාත්වරයා විත්තිකරු නිදහස් කිරීමටද නියෝග කළේය. යාපා බණ්ඩාර නමැත්තකු එසේ නිදහස් කෙරිණි.

    කංසා හෙවත් ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විසි දෙකක් ළඟ තබා ගෙන සිටි බවට චෝදනා කරමින් පල්ලෙවෙල පොලීසිය විත්තිකරුට එරෙහිව නඩු පවරා ඔහු ඊයේ (18) අධිකරණයට ඉදිරිපත් කළේය. මෙහිදී මහේස්ත්‍රාත්වරයා කරුණු දක්වමින් ආයුර්වේද සංග්‍රහ පනතට අනුව කංසා ඇට හා කොළ ඇතුළුව අනෙකුත් ද්‍රව්‍ය මිශ්‍ර කොට මදන මෝදක නිෂ්පාදනය කරන බව පැහැදිලිව සඳහන් කර ඇති බව කියා සිටියේය.මේ අනුව කංසා හෙවත් ගංජා නොමැතිව මදන මෝදක නිෂ්පාදනය කළ නොහැකි බවත් කංසා හෙවත් ගංජා මිශ්‍ර කර නිපදවා ඇති මදන මෝදක ළග තබාගෙන සිටින හෝ විකිණීම කරන පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට පොලීසියට කිසිදු බලයක් නොමැති බවත් වැඩිදුරටත් කරුණු දක්වමින් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය අමතා පැවැසීය.
     
    • Wow
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,363
    113
    ප*යාගල
    sorry.com

    මදන මෝදක තොගයක් අත්අඩංගුවට..

    මදන මෝදක තොගයක් අත්අඩංගුවට..

    ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි 300 ක් සමග සැකකරුවෙකු නුවරඑලිය කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් (26) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, සැකකරු මදන මෝදක ගුලි අලෙවි කරන බවට ලද තොරතුරක් මත පොලිස් උපාය දුතයෙකු යොදා ගනිමින් සැකකරු සහ මදන මෝදක ගුලි 300 අත්අඩංගුවට ගත් බවයි වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේ.

    අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව වැටලිම සිදු කල නිලධාරින් පැවසිය.

    arrest karanna baha kiyala usawiyakin kiyala thiynewa

    https://elakiri.com/threads/ගංජා-මිශ්‍ර-මදන-මෝදක-ගුලි-වෙළෙදාමට-නඩු-දාන්න-පොලිසියට-බලයක්-නෑලු.2088686/
    හරිනම් පොලිසියට විරුද්ද්ව නඩු මාර්ගෙට බහින්න ඕනි.
     
    Similar threads