ඕකට එක එක කල්පිත ඉදිරිපත් කරලා තියෙනවා.ඒ එකක් වත් හරියට ඔප්පු කරලද කියලා නම් දන්නේ නෑ.
එකක් තමයි නිදාගෙන ඉද්දී කණ හෝ අවට ප්රදේශයෙන් සාපේක්ෂව වැඩි තාපයක් පිට කිරීම,ඒකට මදුරුවෝ ඇදිලා එන එක.
කේන්ති වැඩි වුනාමත් ඔලුවේ හීට් සිග්නේචර් එක පේනවානේ.
අනික කාබන්ඩයොක්සයිඩ් සාන්ද්රණය ඔලුව කිට්ටුව වැඩි වීම.CO2 වලටත් මදුරුවෝ සංවේදීනේ.
තව එකක් තියෙනවා,ඒකෙදී කියන්නේ අපේ කනේ තියෙන කලාදුරු/ඉටි වලට මදුරුවෝ රැවටිලා එනවා කියන එක.පිරිමි සත්තු සංවාසයට ආරාධනා කරන්න නිකුත් කරන පෙරොමෝන් රසායනිකයයි කන් කලාදුරුයි ගෑණු සතාට පැටලිලා කියලා කියන්නේ.
මේවායින් කොයිකද ඇත්ත දන්නේ නෑ.