මදුෂ් ගේ ඉරණම

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    01. මදුෂ්ව ලංකාවට ගේන එකක් නෑ (90%)
    02. ගෙනාවොත් මිනිහා වැඩි කලක් ඉන්නෙත් නෑ (100%)


    හේතුව පැහැදිළි කරන්න ගියොත් මගෙ බෙල්ලත් නෑ (200%) :oo:
     

    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    අමල් පෙරේරා කියන්නෙ ලංකාවෙ ෆ්‍රෑන්ක් සිනාට්‍රා කියල මං අමල්ගෙ ෂෝ එකක් වෙලාවක ලිව්වා. ෆ්‍රෑන්ක් සිනට්‍රා ලෝක පූජිත ගායකයෙක් වගේම චිකාගෝ පාතාලෙත් එක්ක කිට්ටු යාලුකම් තිබුන චරිතයක්. ඒ වගේම සෞන්දර්ය ජීවිතය සහ අනීතික ජීවිතය අතර එහාමෙහා සක්මන් කරපු මිනිහෙක්.

    ඇත්තටම සිනාට්‍රා දැවැන්තයෙක් වෙන්නෙ මේ කොන්දේසි විරහිත ජීවිතය හින්දා. අයි ඩිඩ් ඉට් මයි වේ වගේ සිංදුවක ගැබුර තියෙන්නෙ එතන. සිනාට්‍රා මේ පාතාල යාලුකම් තිබුනට මිනීමරන්න ගියේ නෑ. දැන් මාකදුරෙ මදූශ් එක්ක කොකේන් ගගහා හිටපු හින්ද අමල් අත්අඩංගුවට පත්වෙනවා. ලංකාවෙ කලාකාරයො ගොඩක් නඩත්තු වෙන්නෙ මේ වගේ බිස්නස්කාරයො නැත්තං දේශපාලකයන්ගෙ අනුග්‍රහ මත. මේ රටේ ජනතාව ආරටිස්ට්ලව නඩත්තු කරන්නෙ නෑ. එහෙම වත්කමක් නෑ.

    අසරන වුන ආර්ටිස්ට්ලගෙ කතාවලින් පත්තර පිටු පිරෙන්නෙ මේ හින්ද. මේ පාතාල ව්‍යාපාරික දේශපාලන පොරවල් ආසයි කලාකාරයො එක්ක පාටි දාන්න. කරට අතදාගෙන ෆොටෝ ගහන්න. ඒ වෙනුවෙන් උන් වියදම් කරනවා. නිදහස්කාමී ජීවිතයක් ජීවිතයක් ගතකරන ඊට පෙම්කරන අමල් ඒ වගේ උන්ව ඇසුරු කරනවා. උන්ගෙන් හොද කොලිටි කෝක් ටිකක් හම්බුනාම ගහනවා. පාටියකට කතාකලාම ගිහින් සිංදු කියනවා.

    අමල් කොයිම වෙලාවකවත් සදාචාරවාදී වැල්බයිලා කියන චරිතයක් නෙමෙයි. ඒ එලිය සහ අදුර තමයි එයාගෙ ඇත්ත පෞරුෂය . මං අමල්ට කැමති මේ නොදැමුනු බවත් එක්කයි. ඒ හඩ එන්නෙ ඒ ජීවිතේ ඇතුලෙන්. මිනීමැරුම්වලට පාතාල ගනුදෙනු වලට වැරදිකාර මදූශ් හිරේ යවන්න ඕන. කෝක් ටිකක් ගැහුවට ඌත් එක්ක පාටියක හිටියට හිතුවක්කාර අමල්ව ඇතුලට දාන්න ඕනද?
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ගේනවා ගෙනල්ලා සියලු චෝදනා වලින් නිදහස් කරලා සියලු දෙනාම නිදහස් කරනවා.පස්සේ අමල්ව ගෙනල්ලා කැස්බෑ නයිට්ස් 2019 විත් සහරා ෆ්ලෑෂ් ෂෝ එකකුත් කරනවා
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    01. මදුෂ්ව ලංකාවට ගේන එකක් නෑ (90%)
    02. ගෙනාවොත් මිනිහා වැඩි කලක් ඉන්නෙත් නෑ (100%)


    හේතුව පැහැදිළි කරන්න ගියොත් මගෙ බෙල්ලත් නෑ (200%) :oo:

    මදුශ් ලංකාවට දෙන එකක් නෑ ලංකාවේ ඇමතියෝ ජනාධිපති එක එක කතා කිව්වනේ එල්ලනවා කීවා දේශපාලන වශයෙන් පලිගැනීමට ලක් වෙන සීන් එකක් දාලා ඌට බේරෙන්න පුළුවන් නේද දැන්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මදුශ් ලංකාවට දෙන එකක් නෑ ලංකාවේ ඇමතියෝ ජනාධිපති එක එක කතා කිව්වනේ එල්ලනවා කීවා දේශපාලන වශයෙන් පලිගැනීමට ලක් වෙන සීන් එකක් දාලා ඌට බේරෙන්න පුළුවන් නේද දැන්

    බේරුණොත් ලංකාවම ගොඩ