මදූෂ්ගේ අවසානය

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    අවුරුදු 1.5 ක් මූව තියන් හුරතල් කරා වෙන්න බෑනේ. ගන්න ඕන රහස් ඔක්කොම අරගෙන ඉවර වෙලා තමයි මූව ඉවරකරන්න ඇත්තේ

    රහස් කෙසේ වෙතත් බැංකු පොත්වල කෝටි දහස් ගණනක් තිබ්බ කියලනම් ඇහුන
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    කුඩු මාෆියාවේ මහ මොළකරුවන් සඟවා ගැනීමට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මාකදුරේ මධූෂව ගෙන ගියේ මරාදැමීමට ද………….?….. මේ පිළිබඳව ජාත්‍යන්තරය ද දැනුවත් කොට හමාරයි………!!



    ඔක්තෝබර් 18, 2020



    මීට වසර එකහමාරකට පමණ පෙර දී යහපාලන රජය විසින් ඩුබායි සිට මාකදුරේ මධූෂ ව රැගෙන පැමිණියේ ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මරාදැමීමට සිටිනවා යැයි චෝදනාවක් මත ඉන් පසුව 1 1/2වඩා වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් තිබුණි.
    එහෙත් මීට දින කීපයකට පෙර මධූෂව වහාම රැගෙන ගියේ කොළඹ අපරාධ කොට්ඨාසයට ය. කොළඹ අපරාධ කොට්ඨාසය යටත් ව ඇත්තේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් භාරයේය. මධූෂව රැගෙන ගියේ විශේෂයෙන්ම ලංකාවට කුඩු ගෙන්වන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් සඟවා ගැනීමේ උත්සාහයකට මේ වන විට අප වෙත තොරතුරු ලැබී ඇත
    .
    කුඩු සහ සඟවා ඇති අවි ආයුධ තිබෙනවා යැයි ඔහු තවත් දින කීපයක් තුළ දී වෙඩි තබා ඝාතනය කිරීමට සූදානම් බව මේ වන විට අපවෙත තොරතුරු පවතී.
    ශ්‍රී ලංකාවේ ඉතාමත්ම දක්ෂ විමර්ශකයන් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බව විවාදයක් නැත. දැන් වසර ගානකට පසුව දේශ බන්දු තෙන්නකෝන් හිටි හැටියේ මාකදුරේ මදුෂව මරාදැමීමට යන්නේ කාගේ උවමනාවකටදැයි අපි දේශ බන්දු තෙන්න්කෝන්ගෙන් අසමු. මදුෂ අපරාධකරුවෙකු, පාතාලේ නායකයෙකු බවත් අපි නොදන්නවා නොවේ.
    ඒත් දේශ බන්දු ගේ හදිසි විමර්ෂණයේදි මෙසේ එක් දිනකින් බිම්මල් සේ අවි ආයුධ මතු වෙනවා නම්වහාම අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුව විසුරවා දමා ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගත යුතුය.
    ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවේ නියෝජ්‍ය පොලිස්පති ගේ ,අධ්‍යක්ෂකලා මදුෂ එහි තබා ගෙන පොලිස්පති ගේ ගෙදර කැමපිසීමට ඇරියාදැයි සෙවිය යුතුය.
    ඒත් දේශ බන්දුලා ගේ නෙවිල් සිල්වා ගේ පුද්ගලික අභිමතාර්ථයන් ඉටු කිරීමට රටේ නිතිය හා යුක්තිය බලු කිරීමට අපි කිසි විටකත් ඉඩ නොදෙමු.
    ඒ නිසාම අපි මේ පිලිබදව සියලුම තානාපතිවරු දැනුවත් කිරීමටද ක්‍රියා කරන්නෙමු. ඒ ජනතාව ගේ ඉදිරි ආරක්ෂාව හා රටේ පැවැත්ම නිසාමය.
    ඒත් ශිෂ්ඨ සම්පන්න මිනිස් සමාජයෙන් අපරාධකරුවන්ට දඩුවම මරාදැමීම නොවන බව අපි දැඩිව සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවටම අවධාරනය කරමු. අද මකදුරේ මදුෂ්ට කරන වෙඩිතැබීම හෙට දේශබන්දුලා රටේ පාලකයා සතුටු කිරීමට අනිකුත් විරුද්ධ මත ධාරින්ටත් කලහැකිය.
    දේශබන්දු තෙන්නකෝන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයෙන් මොහු කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන යන්නේ පැහැදිලිවම පුද්ගලික කාරණාවක් මතය
    . පුද්ගලයෙක් අපරාධකරුවෙක් වූ පමණින් ඔහු වෙඩි තබා ඝාතනය කිරීමේ සංස්කෘතියට අප එකහෙළාම විරුද්ධය.
    ඒ ඉදිරියේ දී පාලකයා දැකීමට අකමැති මුහුණු මරාදැමීමට දේශබන්දුලා උනන්දු වෙන නිසාය. පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සංස්කෘතියක් ගොඩනැගීම නතරකල යුතුය
    . …
    “ඔබ දක්ෂ විමර්ෂකයෙකු නම් අපරාධකරුට ඇති චෝදනා සැකයකින් තොරව ඔප්පුකොට මහ මොලකරුවන් සමඟ අධිකරණයට භාර කරන්න…..”
    මෙයයි දක්ෂ විමර්ෂකයෙකු ගේ හැකියාව . මොහු මරා දැමීමට ඇති සුදානම පිළිබඳව ජාත්‍යන්තර සහ දේශීයව ද ඊට අවශ්‍ය සියලුම නීතිමය කටයුතු කිරීමට මේ වන විටත් අපි සූදානම් වෙමු.


    මධූෂ කොළඹ කොට්ඨාසයේ ස්ථානාධිපති ගේ කාර්යාලයේ දී කියා ඇත්තේ
    “අපිව පාතාලයේ කෙරුවෙත් කූඩු දෙන්නෙත් මහා ලොකු මිනිස්සු…….” මම ඒගොල්ලන්ගෙ රෙදි ගැලවෙන්න සියල්ල හෙළි කරනවා………”
    මේ නිසා ඔහු තවත් දින කිපයකින් මරා දැමීමට කටයුතු යොදමින් ඇත. ඒ පිළිබඳව ජාත්‍යන්තරය ද මැදිහත් කරගෙන වහාම මෙම මිනීමැරුම් ඝාතන සංස්කෘතිය මෙරට නවතා දැමිය යුතු බව ජනතාවගේ පුවත්පතක් වශයෙන් අපි තරයේ විශ්වාස කරමු.


    දවස් ද‍ෙකකට කලින් කියපුද‍ේ ඇත්ත උන‍ේ ක‍ොහමද ?

    මේ Article එකේ source / link එක මොකක්ද?

    ” මම ඒගොල්ලන්ගෙ රෙදි ගැලවෙන්න සියල්ල හෙළි කරනවා………”

    කෝට්ටේ පන්සලේ හාමුදුරුවො මරල කඩු හොරකම් කරපු එකත් බන්ධනාගරෙ ඇතුලේ වෙඩි කාල මැරෙන්න ටික දවසකට කලින් ඕකම කියල තිබ්බලු



    බදුර්දීන්ගෙ සිද්ධියෙන් කලකිරිල හිටපු බයියන්ට බිල්ලක් දීල. දැන් බයියො චූන් වෙලා 🤭

    කොරෝනා මර්ධනේ, බදුර්දීන් ඔක්කොම අමතකයි. Main Target එක 20 සම්මත කරගන්න එක . මේ යන විදියට ඒක ගේමක්ම නෑ. තව ඕනිනම් පාතලයෙක් දෙන්නෙක් බිල්ලට අහුවෙයි
    මුස්ලිම් මන්ත්‍රීලගෙ චන්දෙ ගන්න එක අවුල් කියල ආණ්ඩුවෙ සෙට් එකක්ම් කෑ ගැහුව නේද? දැන් අවුලක් නෑ. ආණ්ඩුව දන්නව social media / public වල Attention වෙනස් වෙන්න දෙන්න ඕනි බෙහෙත්.
    ඊළඟ අගමැති සිහිනෙ තියෙන විම්ල් වීරවන්ශ සර් ගොඩක් පරිස්සම් උනොත් හොඳයි වගේ
     
    Last edited:

    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    දේශපාලනේ නිසා කොහේවත් ඉන්න කුඩු කාරයොන්ට ගුණ වර්ණනා කරන්න එපා.
    මූ නිසා කොල්ලො කොච්චර ජීවිත විනාස කරගෙන ඇතිද කුඩු ගහලා. අම්මලා තාත්තලා කොච්චර නම් දුක් විඳලා ඇතිද ලමයි කුඩු ගහන නිසා. මුන් වගේ උන් බල්ලො වගේ පාරෙම තමයි මැරෙන්න ඕන
    sahathika atta katawa
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    සිරා මචන් , හැබැයි ඕකව හුරත්ල් කරපු දේශපාලුවොන්ටත් ඔහොම්මම කරන්න ඕන
    එහෙම කොහොමද? ඒ උත්තමයින්ව පාර්ලිමේන්තුවට යවන්නේ උගත් බුද්ධිමත් මහජනයා.
     

    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    හෙමි හෙමිහිට කල්පනා වෙන්නේ ඉද්දි මේවා. මට දැනෙන්නේ මූව මෙහෙම මරපු1 මහා අපරාධයක්...ලොක්කො ටික මෙයාගෙන් වැඩ සේරම කරගෙන, කුඩු ගේම් මු ලව්වා කරගෙන මූව මරල දැම්ම අන්තිමේ.මේක මහ අපරාධයක්.. මූව මැරිය යුතුම කෙනෙක්, ඒ මහා අපරාධ ගොඩකට වගකියන්න ඕන ලොක්කො ටිකේ විස්තර එක්ක නෙවෙයි, නීතිය ඉදිරියේ සේරම වමාරවල ලොක්කො සොක්කෝ සේරම ගස් යවෝලා.. ඇත්තටම උදේ මට පොඩි හරි සතුටක් තිබ්බ මොහුගේ මරණය ගැන , නමුත් දැන් දැන් වැටහෙනවා මේක සුපිරිම ගේමක් ලොක්කො ටික දුන්න... සිරාවටම අවුල් හොදේ..(අපරාධකාරයෙක් මැරුවට නෙවෙයි, හෙලිකරගන්න තියන ලක්ශයක් දේවල් එහෙමම වැලලිලා යන්න මැරුවට )..
    ලංකාවේ කුඩු පාතාල නායකයා එක්කන් ගිහින් බඩු පෙන්නන්න මහ රෑ.. කාට කියන්නද මේවා.. ඔන්න බලපන් කිරිබතුත් හැදුවා කියල රැට දෙරණෙ නිවුස් වලට පෙන්නාවි.. මේ රටට ගොඩ ඒමක් නෑ මචං... සොර්ම තමා.




    p.s. ගොඩ අය කියල තියනවා මූ මරපු1 හොදක් බව උඹට පෙන්නේ නැද්ද, මූ හිරෙ ඉදගෙනත් ඕවම නේද කලේ වගෙ ගොඩ දේවල්.. මෙහෙමයි මරන1 නෙවෙයි වෙන්න ඔන ම්චෝ... නමුත් මරපු1න් ඉතින් අර හිරේ ඉදන් කරන වැඩ ටික නතර උනා. ඒක හෙට අනිද්දම ඊළග උන් ටික පටන් ගන්නවා මදුෂ්ගෙන් නතර උන තැන ඉදන් කරන්න..
    මම කිව්වේ අපට වෙන්න ඕන අයිඩියල් සොලුශන්1.. නමුත් මුකුත්ම නොවෙනවට වැඩිය මරපු1 හොදයි කියල සමහරු කියනවා ඉතින් මොකෝ මිනිහ හිරේ ඉදගෙනත් වැඩ කල නිසා...
    aththa kathawa
     
    • Like
    Reactions: TechnWeb

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත අහෝසියිද දැන්?
    මොන පනත්ද බං දැන්. සෑර් කියන දේ තමයි දැන් පනතයි, ව්‍යවස්ථාවයි, නීතියයි ඔක්කොම. රැස්පොට් සෑර්! බයියනේ උඹලටත් රැස්පොට්! සෑර් වගේ උත්තමයෙක් පත් කරගත්තට.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    🤭 මූව මරපු උන් අහු උනා ද?😂
    STF 100ක් ඉදලා අර ජොඩුවක් පයින් පලා ගියා කීවා නේ🤭