මධ්‍යම අධිවේගයේ කොන්ත්‍රාත්කරු ජපානයේ හ&
මධ්‍යම අධිවේගි මාර්ගය සඳහා කොන්ත්‍රාත් ලබා දුන් ජපන් සමාගමේ නිලධාරින් මේ වනවිට ජපානයේ බන්ධනාගාර ගත කොට ඇති බව පසුගිය දා ජපන් සංචාරයේදි තමන් විසින් තහවුරු කර ගත් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (27) කැබිනට් හමුවේදි ප්‍රකාශ කොට තිබෙනවා.
මෙහිදි එම කොන්ත්‍රාත් අදාළ සමාගමට ලබා දීම සම්බන්ධයෙන් අගමැති වික්‍රමසිංහ හා අමාත්‍ය ලක්ෂමන් කිරි ඇල්ල ඇතුළු කණ්ඩායමට ජනාධිපතිවරයා දැඩිව දෝෂාරෝපණය එල්ල කොට තිබෙනවා.
“තමුන්නාන්සේලා මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් හදන්න බාරදුන්නු ජපන් සමාගමේ නිලධාරීන් ඉන්නේ එරට හිරගෙවල්වල. මම ජපානයේ කළ සංචාරයේදී අදාළ සමාගමේ නිලධාරීන් සමග සාකච්ඡා කරන්න උත්සාහ කළත් ඔවුන් එරට අධිකරණ මගින් සිරගත කර ඇති බව දැනගත්තා.” ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
මෙවන් තීරණ ගත් අගමැති ප්රමුඛ ආර්ථික කමිටුවේ ඇති ඵලදායිතාවය පිළිබඳව චෝදනා ස්වරයෙන් අදහස් ප්‍රකාශ කළ ජනාධිපතිවරයා තමා විසින් අහෝසි කළ එම ආර්ථික කමිටුව නැවත ස්ථාපනය කිරීමට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමේ තේරුම කුමක්දැයි අගමැතිවරයාගෙන් ප්‍රශ්න කොට තිබෙනවා.
“මෙම ආර්ථික කළමනාකරණ කමිටුව වැඩක් නැහැ. මෙයින් පසුගිය කාලයේ කළ දෙයක් නැහැ. ඒ නිසයි මම මෙය අහෝසි කළේ. එහෙම තිබියදී මෙම කළමනාකරණ කමිටුව හරහා කැබිනට් යෝජනා ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකයි”.” ජනාධිපතිවරයා සඳහන් කොට තිබෙනවා.
කරන කරන හැම එකම ඇනගන්න මජර ආණ්ඩුව.......
http://lankanewsalert.com/archives/76691