මධු පානය හා හලාහල විෂ
මධු පානය හා හලාහල විෂ
හලාහල විෂ-
හලාහල විෂ දැමූ තිත්ත ලබුගෙඩියක් තිබේ. මිනිසෙක් එය තවත් මිනිසෙකුට දී "යහළුවා, මේ තිත්ත ලබු ගෙඩිය විෂ සහිතයි. කැමති නම් බොන්න. හැබැයි පේනවනේද? පාටවත්, සුවදවත්. රසයවත් හොද නැතිබව. බීවොත් අනුමානයක් නැහැ. මැරෙනවා මැරෙනවාමයි.
ඒ මිනිසා අවවාදය නොතකා, මිහිරියැයි සිතා තිත්ත ලබු ගෙඩිය පානය කරයි. මරණයට පත්වෙයි. නැතහොත් මරණාසන්න දුකට පත්වෙයි.
මහණෙනි,
මෙලොව දස අකුසල් කරන්නාද එබදුය. ඔහු ඒවා එක එකක් කිරීමෙන් දුක් දොම්නස් විදීයි. මරණින් මතු නරකයෙහි ඉපිද දුකට දොම්නසට පත්වෙයි.
මධු පානය-
කිරි,මී,ගිතෙල්,පැණි එකට මුසුකොට තැනු මධු පානයක් තිබේ. ලේ අතීසාරය වැළදුනු මිනිසෙක් ඒ දැක එතැනට එයි.
යහළුවා, මේ හරි මිහිරි පානයක්. ගිතෙල්,මී,හකුරු ,පැණි දමා මේ පානය හදා තිබෙන්නේ. කැමතිනම් බොන්න.
බොනකොට හරි රසයි, සුවදයි, මිහිරියි. ඔබේ අසනීපයටත් ගුණයි. ලේ අතීසාර රෝගියා එය පානය කරයි. රසවිදියී. රෝගයද සන්සිදෙයි.
සුවයෙන් සුවයට පත්වෙයි.
මහණෙනි, දස අකුසල්වලින් වෙන්වීම හේතුවෙන් සුව සොම්නස විදින්නාද එබදුය. ඔහු ඒවා අත්හැරීම ගැන මෙලොවදී සොම්නස් වෙයි. මරණින් මතු පරලොව ස්වර්ග ලෝකයට එළඹෙයි.
(මජ්ජිම නිකාය - මහා ධම්ම සමාද්‍රනා සුත්‍රය )
අපි සෑම කෙනෙක්ම අපිට ලැබුන මේ උතුම් මනුස්ස ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් හැකිතරම් අකුසලයෙන් දුරුවී කුසල්ම වැඩිය යුතුයි.
ඔබ සැමට තෙරුවන් සරණයි!
දස අකුසල කර්ම

Last edited: