මධූෂ්ගේ කෙරුවාව ගෝඨාගේ ගිණුමට දාන්න ජවිප

Methsila

Member
Oct 16, 2018
6
1
0
මධූෂ්ගේ කෙරුවාව ගෝඨාගේ ගිණුමට දාන්න ජවිප

73b46fafde0f418e113b5862754338b2_XL.jpg

මාකඳුරේ මධූෂ් විසින් සිදුකරන ලද අපරාධ හා කිසියම් සම්බන්ධයක් හිටපු ආරක්ෂක ලේකම්වරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති බව ඒත්තු ගැන්වීම සඳහා මඩ ප්‍රචාරයක් දියත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් ෆේස්බුක් ඇඞ්මින්වරුන් කිහිප දෙනෙකුටම මුදල් ගෙවා ඇතැයි වාර්තා වේ.


ඔවුන්ගේ උත්සාහය වී ඇත්තේ අදාළ ෆේස්බුක් ඇඞ්මින්වරුන් හරහා මාකඳුරේ මධූෂ් හා ජනතා විමුක්ති පෙරමුණ අතර අතීතයේ පැවති සබඳතා වසන් කිරීමත්, ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ සෘජු සබඳතා පවතින බව පෙන්වා දීමත් ය.


ඒ වෙනුවෙන් ඔවුන් මේ වන විටත් මාධ්‍ය ව්‍යාපෘතියක් සකස්කර අවසන් කර ඇති අතර අදාළ මාධ්‍ය ව්‍යාපෘතිය සඳහා මුදල් ලබා දීමක්ද සිදුකර ඇති බව උක්ත ෆේස්බුක් ඇඞ්මින්වරු සනාථ කරයි.


ඉදිරියේ දී මෙරට දේශපාලනය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ භූමිකාව සුවිශේසී එකක් විය හැකි නිසා ඔහුට විරුද්ධව, කාලීනව මාතෘකා සකසමින් ප්‍රහාරයන් දියත් කිරීම ජනතා විමුක්ති පෙරමුණේ සමාජ මාධ්‍ය අංශයේ සැලසුම වී ඇත.

https://aanduwa.lk/news-just-in/item/4974-2019-02-08-05-52-56