මධූෂ්ගේ ඩුබායි නම අජිත් අවංක වික්‍රමසිංහ

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    මධූෂ්ගේ ඩුබායි නම අජිත් අවංක වික්‍රමසිංහ

    පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඩුබායි හි පෙනී සිට ඇත්තේ අජිත් අවංක වික්‍රමසිංහ යන නමින් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා පවසයි.

    අත්අඩංගුවට පත් 31ක් ඊයේ (07) අධිකරණයට ඉදරිපත් කර ඇති බවත් එහිදී මාකඳුරේ මධූෂ් අජිත් අවංක වික්‍රමසිංහ නමින් පෙනී සිට ඇති බවත් ඔහු සඳහන් කරයි.

    මිනුවන්ගොඩදී ඊයේ (07දා) පැවැති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය.

    මේ අතර මධූෂ් ඩුබායිහිදි පැවැත්වූ සාදය සඳහා රුපියල් මිලියන 30කට අධික මුදලක් වියදම් කර ඇති බවද ඩුබායි වාර්තා සඳහන් කරයි. තරු 6ක හෝටලයක පැවති එම සාදය සඳහා මධූෂ් පැමිණ ඇත්තේ සුපිරි ලිමෝසින් රථයකින් බවද අණාවරණය වී ඇත.එම රථය මේ වන විට පොලිස් භාරයටද ගෙන තිබේ.

    තවද මෙම සාදයට පැමිණ අත්අඩංගුවට පත්වූවා යැයි කියන මෙරට රාජ්‍යතාන්ත්‍රික බලපත්‍රයක් හිමිවූ පුද්ගලයා කඹුරුපිටිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙක් බවද නිළ නොලත් වාර්තා සඳහන් කරයි


    http://nethgossip.lk/article/33194
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    කඹුරුපිටිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙක්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar525397_1.gif