මන්ත්‍රී වසන්ත යාපාගේ PCR ප්‍රතිඵලය නිකුත් කිරීමට දින 8ක් ගතවෙලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    SIR HARIYATA KRANAWA KISIMA AWULAK NE



    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ් අසාදනය වී ඇති බව දැනුම්දී ඇත්තේ ඔහුට PCR පරීක්ෂණය සිදුකර දින 8ට පසුවය.

    ඒ මහතා පසුගිය ජනවාරි 16 වැනිදා කඩුගන්නාව දිසා රෝහලේ දී PCR පරීක්ෂණයකට මුහුණ දී ඇත.

    ස්වෙච්ඡාවෙන් ඊට ඉදිරිපත්වුවත් මන්ත්‍රීවරයාට කිසිදු අසනීප තත්ත්වයක් හෝ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කර නොමැත.

    අනතුරුව දින කිහිපයක් සිය නිවසේ රැඳී සිටි මන්ත්‍රීවරයා PCR පරීක්ෂණයේ ප්‍රතිඵල පිළිබඳ කිසිදු දැනුම්දීමක් නොලැබීම හේතුවෙන් අදාළ අංශවලින් විමසා ඇති අතර එවිට ඔහුට දැනුම්දී ඇත්තේ PCR වාර්තාව ලැබීමට දින කිහිපයක් ගතවන බවය.

    කිසිදු කොවිඩ් රෝග ලක්ෂණයක් නොතිබූ නිසාත්, ආසාදිතයකු නම් වහාම දුරකථන ඔස්සේ දැනුම්දෙන බවට ප්‍රකාශ වී තිබූ නිසාත් තමා ඉන්පසු සුපුරුදු රාජකාරී කටයුතුවල නිරත වූ බව මන්ත්‍රීවරයා පවසයි.

    කෙසේ වෙතත් PCR පරීක්ෂණයේන් දින 8ට පසු එනම් ඊයේ (24) වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා ඇමතූ කඩුගන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දන්වා ඇත්තේ ඔහුට කොවිඩ් වැළඳී ඇතැයි පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බවය.

    කෙසේ වෙතත්, මන්ත්‍රීවරයා ඊයේ රාත්‍රියේ වහාම "රැපිඩ් ඇන්ටිජන්" පරීක්ෂණයකට භාජනය වී ඇති අතර ඔහු කොවිඩ් ආසාදිත නොවන බවට එහිදී තහවුරු වී යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය‍.

    එසේවුවද මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් තමාට කොවිඩ් ආසාදනය වී ඇති හෙයින් තමා සමග පසුගිය දින කිහිපයේ සමීපව කටයුතු කළ අයට වෛද්‍ය පරීක්ෂණයකට යොමුවන ලෙස කාරුණික ඉල්ලීමක් කර තිබුණි.

    මන්ත්‍රීවරයා ගෙවුණු දින 8 තුළ දින 2ක් පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි වී ඇති අතර "වැඩ සමග යළි ගමට" ග්‍රාමීය රැස්වීම් ගණනාවකටත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙ මාධ්‍ය හමුවලටත්, පෞද්ගලික රූපවාහිනි නාළිකාවක දේශපාලන වැඩසටහනකටත් සහභාගී වී තිබේ.

    මන්ත්‍රීවරයා සමග රූපවාහිනී දේශපාලන වැඩසටහනට සහභාගී වී ඇත්තේ හේෂා විතානගේ, චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාය.

    කෙසේවෙතත් ඉන් හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන මන්ත්‍රිවරුන් සමගි ජන බල වේගයේ අද (25) පැවති කෘත්‍යාධීකාරි මණ්ඩල රැස්වීමට ද සහභාගී වී තිබුණි.

    පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා "අද දෙරණ" කළ විමසීමකදී සඳහන් කළේ කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරයා සහභාගි වූ පාර්ලිමේන්තු සැසිවාරවලට අදාළ දිනවල සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමට පියවර ගනිමින් සිටින බවය.

    වසන්ත යාපා බණ්ඩාර මහතා කොවිඩ් ආසාදනය වූ 6වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයායි.

    PCR ප්‍රතිඵලය පරීක්ෂණ සිදුකර දින 8කට පසුව නිකුත්කිරීම ගැන "අද දෙරණ", රසායනාගාර සේවා සම්බන්ධ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුදත් ධර්මරත්න මහතාගෙන් විමසා සිටි අතර ඔහු පැවසුවේ මෙවන් සිද්ධියක් වාර්තා වී නොතිබූ බවත් ඒ සම්බන්ධයෙන් වහාම සොයාබලන බවත්ය.

    මේ අතර, නිවේදනයක් නිකුත්කරමින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය පැවසුවේ වසන්ත යාපා බණ්ඩාර මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරුවීමෙන් පසු, CCTV දර්ශන නිරීක්ෂණ මගින් සමීප අශ්‍රිතයින් හඳුනාගැනීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලද බවය.

    "එතුමන්, පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගිවීම සඳහා 2021-01-19 දිනයේ ද, පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් නොවන 2021-01-21 දිනයේ සුළු වේලාවක් සඳහා ද, පාර්ලිමේන්තුවට පැමිණ ඇත," යනුවෙන එම නිවේදනයේ දැක්වේ.

    මන්ත්‍රීවරුන් විසින් සෞඛ්‍ය ආරක්‍ෂිත විධිවිධාන නිසි පරිදි පිළිපැදීම හේතුවෙන් මෙම දින දෙකේ දී ම, සමීප අශ්‍රිතයින් වශයෙන් කිසිදු මන්ත්‍රීවරයකු නම් කළ නොහැකි බවට, සීසීටීවී දර්ශන නිරීක්ෂණයේදී පැහැදිලි වී ඇති අතර එසේ වුව ද, එකී දිනයන්හි දී, වසන්ත යාපා බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ සිට ආපසු යන තෙක් කාලවේලාවන් අතරතුර සුළු වශයෙන් ඇසුරට පත් වූ මන්ත්‍රීවරු දෙදෙනෙකු පමණ දැනුවත් කිරීමට පියවරගත් බව එම නිවේදනයේ සඳහන් වේ.

    පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ අදාළ ස්ථාන විෂබීජානුහරණ කටයුතු මේ වනවිටත් අවසන් කර ඇති බව වේත්‍රධාරීවරයා පවසයි.

    එසේම, අද 190 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමුකරන ලද බවත්, ඒ අනුව, මේ වනවිට මන්ත්‍රීවරු ඇතුළුව, 1400කට අධික පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් යටතේ PCR පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවද පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා තහවුරු කර ඇත.
     
    • Like
    Reactions: hodakolla

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    e9caa0040ce15345d44f660acc830db3.gif
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    “මෙච්චර වැඩ කරලා තියෙද්දිත් ඇයි අපිට බනින්නේ” – ජනපති විමසයි
     

    Similar threads