උමාරියාගේ බලපත්රය මාස 3 ක් අත්හිටුවා ඇප මත නිදහස් කෙරේ
ඊයේ රාජගිරිය ප්රදේශයේ සිය සුඛෝපබෝගි වාහනය පදවමින් සිටියදී ගුවන් පාලම අසල දී නොසැලකිලිමත් රිය ධාවනය නිසා ත්රීරෝද රථයක් හප්පා පුද්ගලයකුට බරපතළ තුවාල කළැයි වැලිකඩ පොලිසිය අත්අඩංගුවට පත්වූ ජනප්රිය ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
මෙම අනතුරෙන් තුවාල ලැබූ 38 හැවිරිදි ත්රීරෝද රථයේ රියදුරු මේ වන විට ඉතා බරපතළ තත්ත්වයේ පසුවන බවද වැලිකඩ පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.මෙම සිද්ධියෙන් තුවාල ලබා මේ වන විට කොළඹ ජාතික රෝහලේ හදිසි ප්රතිකාර ඒකකයේ ප්රතිකාර ලබන ත්රීරෝද රථ රියදුරුට රුපියල් 80,000 ක සානුකම්පිත දීමනාවක් ගෙවීමට ද විත්තිකාර පාර්ශවය අධිකරණයේදී එකඟත්වය පළ කළේය.
සැකකාරියගේ රියදුරු බලපත්රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළ අධිකරණය එම බලපත්රය අධිකරණය භාරයට ගැනීමට ද නියම කළේය. අනතුරුව රුපියල් ලක්ෂ පහක පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා අද (01) නියෝග කළේය.
Source: https://www.gossiplankanews.com/2021/08/umaria-sinhawansa-court.html