මන්දිරේ හුදකලා කරලා නේද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,740
    12,766
    113
    November 29, 2020 at 3:00 pm | lanka C news

    අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය මේ වන විට හුදෙකලා කිරීමකට ලක්කර ඇති බවත් එහි සේවකයන් නිවසේ සිට රාජකාරී කිරීමට යොදවා ඇති බවත් ඒ තුළ රාජකාරි කටයුතු සිදු නොවන බවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    සන්ඩේ ටයිම්ස් පුවත්පතට අදහස් පළකරමින් ඔහු පෙන්වා දී ඇත්තේ අරලියගහ මැදුර ලොක්ඩවුන් කර නැතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය සත්‍යය නොවන බවයි.

    මෙවන් අසත්‍ය ප්‍රකාශ නිසා අගමැතිවරයා පවා හාස්‍යයට ලක්වන බවද පෙන්වා දී ඇති බැසිල් රාජපක්ෂ මහතා කිසිදු කරුණක් සැඟවීමට උවමනා නැති බවත් රොහාන් වැලිවිට මහතා මේ ආකාරයෙන් අසත්‍ය ප්‍රකාශ කිරීමට කිසිදු අයිතියක් නැති බවත් සඳහන් කර ඇත.

    තමන්ද අරලියගහ මැඳුරේ කාර්යාලයක කටයුතු කරන බව නිවේදනයේ ඇතත් එවන් කාර්‍යාලයකින් එහි නොමැති බවද පවසන රාජපක්ෂ මහතා තමන් පසුගිය දින කිහිපය පුරාම රැස්වීම් පැවැත්වූයේ වෙනත් ස්ථානවල බවද කියාසිටී.

    පුවත්පත් වාර්තාව
    මෙතනින්..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,740
    12,766
    113
    දැන් බැසිල් කියලා තියෙන්නේ හුදකලා කියලද? නැත්තං හුදකලා කලා කියපු එක බොරු කියලද?
    "අරලියගහ මැදුර ලොක්ඩවුන් කර නැතැයි "- ඇති නිවේදනය සත්‍යය නොවන බවයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් බැසිල් කියලා තියෙන්නේ හුදකලා කියලද? නැත්තං හුදකලා කලා කියපු එක බොරු කියලද?
    බැසිල් කියලා තියෙන්නේ හුදකලා කියල.. තත්වය හොද නෑති හින්දා හුකලා කරන්න ඈති
     
    • Haha
    Reactions: Kodiya97

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,740
    12,766
    113
    බැසිල් කියලා තියෙන්නේ හුදකලා කියල.. තත්වය හොද නෑති හින්දා හුකලා කරන්න ඈති
    මටත් හිතෙන්නේ එහෙම තමා
    ඔන්න රටේ මිනිස්සුත් තම තමන් හුදකලා උනා නම් තමයි හොද
     
    • Like
    Reactions: malakadss

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    News ekak thibba Cabinet ekath online meeting walata gihin, e kiyanne hodatama control karala wage
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    අගමැති තුමා ඇතුළු පවුලේ සියලු දෙන රුදුරු කොරෝන උවදුරෙන් ආරක්ෂා වේවා
    33 කෝටියක් දෙවි රැකවරණය අගමැති තුමා ඇතුළු පවුලේ සියලුදෙනාටම ලැබේවා